11 ශ්‍රේණිය විද්‍යාව : ආහාර ජීර්ණ පද්ධතිය - 1

ශරීරය තුළ සිදුවන විවිධ ජීව ක්‍රියා සඳහා ශක්තිය අවශ්‍ය වේ .එම ශක්තිය ලැබෙනුයේ අප ගන්නා ආහාර වලින්ය. ආහාර වල අඩංගු ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ සංකීර්ණ කාබනික සංයෝග වන අතර ඒවා ජලයේ අද්‍රාව්‍ය වේ .මෙම සංයෝග ශරීරයට අවශෝෂණය කළ හැකි පරිදි කුඩා කොටස් වලට බිඳ ද්‍රාව්‍ය තත්ත්වයට පත් කළ යුතුය. මෙසේ ආහාර වල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත් වීමේ ක්‍රියාවලිය ආහාර ජීර්ණ ලෙස හැඳින්වේ.
ආහාර ජීර්ණය යාන්ත්‍රික හා රසායනික ක්‍රියාවලි මගින් සිදුවේ. යාන්ත්‍රික ක්‍රියාවලියේදී ආහාරයේ භෞතික ස්වභාවය වෙනස් වේ. මුඛය තුළ දී දත් වලින් ආහාරය කුඩා කැබලි වලට කැඩීම මේ සදහා නිදසුනකි.
එසේම රසායනික ක්‍රියාවලියේ දී හා ආහාරයේ අඩංගු සංකීර්ණ කාබනික සංයෝග මත අදාල එන්සයිම ක්‍රියාත්මක වීමෙන් සංකීර්ණ සංයෝග සරල සංයෝග බවට පත් වේ.මුඛ කුහරයේ දී ඛේට ඇමයිලේස් (ටයලින් ) එන්සයිම මගින් පිෂ්ටය මෝල්ටෝස් බවට පත්වීමේ ක්‍රියාවලිය මේ සඳහා නිදසුන් වේ.
ඒ වගේම ජීර්ණය වීමක් නොමැතිව ශරීරයට සෘජුව අවශෝෂණය කරගත හැකි පෝෂක ද තිබේ ඛනිජ ලවණ සමහර විටමින් වර්ග ග්ලූකෝස් පෘක්ටෝස් හා ගැලැක්ටෝස් එවැනි පෝෂක කිහිපයකි.
ආහාර ජීර්ණය සඳහා විශේෂණය වූ අවයව සමූහයෙන් ජීර්ණ පද්ධතිය සංවිධානය වී පවතී.
මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ කතා කතා කිරීමේ දී මුඛ කුහරයේ සිට ගුද මාර්ගය දක්වා ඇති තනි නාළයකි.අවශ්‍යතාව අනුව විවිධ තැන්වලදී එහි ව්‍යුහය වෙනස් වී ඇති අතර ජීර්ණයට අවශ්‍ය එන්සයිම සහ අනෙකුත් ද්‍රව්‍ය (නිදසුන් :- පිත )සපයන වෙනත් ග්‍රන්ථ (අක්මාව අග්න්‍යාශය හා ඛේට ග්‍රන්ථි )විවිධ තැන් වල දී ඊට සම්බන්ධ වේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ සිදු කෙරෙන කාර්යය වනුයේ ආහාර ජීර්ණය,ජීර්ණ ඵල අවශෝෂණය හා ජීර්ණය නොවූ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීමයි.
ආහාර ජීර්ණ පද්ධතිය සැලකූ විට ඊට අයත් ප්‍රධාන අවයව බොහෝමයක් තිබෙනවා ඒවා නම්,
- මුඛ කුහරය
- අපජීහ්විකාව
- මහා ප්‍රාචීරය
- අක්මාව
- ආමාශය
- පිත්තාශය
- අග්න්‍යාශය
- මහාන්ත්‍රය
- ක්ෂුද්‍රන්තරය
- උන්ඩුක පුච්චය
- ගුද මාර්ගය
- ගුදය
යන ප්‍රධාන අවයව ආහාර ජීර්ණ පද්ධතියට අයත් වේ.
ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය ප්‍රධාන අවයව තුනක් ආශ්‍රිතව සිදු වේ .එනම් මුඛ කුහරය තුළදී සිදු වන ජීර්ණ ක්‍රියාවලිය ආමාශය තුළදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය මෙන්ම ක්ෂුද්‍රාන්තය තුළදී සිදුවන ජීර්ණ ක්‍රියාවලිය වශයෙනි.
මෙම ජීර්ණ ක්‍රියාවලි පිළිබඳව මෙන් ම ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආශ්‍රිතව වැඩිදුර කරුණු ඉදිරි ලිපි තුළ දී අපි කතා කරමු.
by Dilki Shamani
Photo source : Internet
4129 Views
Comments