11 ශ්‍රේණිය විද්‍යාව 8 : විද්‍යුත් චුම්බක වර්ණාවලිය

එක් එක් සංඛ්‍යාත පරාස වල දී විද්‍යුත් චුම්බක තරංග වල ගුණ විශාල වශයෙන් වෙනස් වෙනවා .මෙසේ සංඛ්‍යාතය ආරෝහණ පිළිවෙලට විද්‍යුත් චුම්බක තරංග පෙල ගැස්වීමෙන් ලැබෙන සටහන විද්‍යුත් චුම්බක වර්ණාවලිය ලෙස හැඳින්වේ.එම තරංග වර්ග නම්,
- ගුවන් විදුලි තරංග
- ක්ෂුද්‍ර තරංග
- අධෝරක්ත කිරණ
- දෘශ්‍ය ආලෝකය
- පාරජම්බුල කිරණ
- එක්ස් කිරණ
- ගැමා කිරණ
ලෙස දැක්විය හැකි ය. ඉහත සඳහන් කළ එක් එක් විද්‍යුත් චුම්බක තරංග වල භාවිත පිළිබඳව කතා කරමු .
දෘශ්‍ය ආලෝකය
දෘශ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්භක වර්ණාවලියේ අපගේ ඇස සංවේදී වෙන පරාසයයි .එය සම්පූර්ණ විද්‍යුත් චුම්භක වර්ණාවලියේ ඉතා කුඩා කොටසක් පමණි.දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාම පරාසය වන්නේ 690 nm-400 nm දක්වාය මෙම තරංග ආයාම පරාසයේ අඩුම තරංග ආයාමය නැතිනම් වැඩිම සංඛ්‍යාත සහිත ප්‍රදේශය අපිට දම් පැහැයෙන් දිස් වෙන අතර තරංග ආයාමය ක්‍රමයෙන් වැඩි වන විට එනම් සංඛ්‍යාතය ක්‍රමයෙන් අඩුවන විට ඉන්ඩිගෝ ,නිල් ආදී වශයෙන් රතු දක්වා ක්‍රමයෙන් පැහැය වෙනස් වෙයි දේදුන්නෙ වර්ණ හතක් ලෙස අප හඳුනා ගන්නේ මෙම වර්ණයි.
ගැමා කිරණ
ගැමා කිරණ විකිරණශීලී මුලද්‍රව්‍ය මගින් නිකුත් කරන තරංග වර්ගයකි ගැමා කිරණ වල සංඛ්‍යාතය ඉතා අධික වන අතර ඒවායේ අඩංගු ශක්ති ප්‍රමාණයද ඉතා අධිකය.ඝන වානේ තහඩු සහ කොන්ක්‍රීට් ආදියෙන් පවා විනිවිද යාමේ හැකියාවක් ගැමා කිරණ සතුව පවතී .ගැමා කිරණ මගින් සජීවී සෛල විනාශ කෙරෙන බැවින් පිළිකා සෛල විනාශ කිරීමට ගැමා කිරණ යොදා ගැනේ .විශේෂයෙන්ම ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ ආදිය ජීවානුහරනය කිරීම සඳහා ද ගැමා කිරණ භාවිතා කෙරෙයි.
X- කිරණ
X කිරණ පිලිබඳව අධ්‍යනයේදී මෙය බහුලවම යොදා ගැනෙන්නේ ශරීර අභ්‍යන්තරය ඡායාරූප ගැනීම සඳහායි.අපගේ ශරීරයේ ඇති මෘදු පටක හරහා X කිරණ පහසුවෙන් ගමන් කරන නමුත් අස්ථි හරහා ගමන් කිරීමේදී X කිරණ වල තීව්‍රතාව බොහෝ දුරට අඩු වෙයි.X -කිරණ ජනකය ක්‍රියාත්මක කළ විට එක්ස් කිරණ ඡායාරූප ගැනීමට පෙනී සිටින පුද්ගලයාගේ ශරීරය අදාළ කොටස් තුළින් එක්ස් කිරණ ගමන් කරයි ඒ අනුව ශරීරය අභ්‍යන්තරයේ ඡායාරූපය ගැනේ. මේ වන විට විද්‍යාඥයින් සොයාගෙන තිබෙන කරුණු වලට අනුව අධික වශයෙන් එක්ස් කිරණ වලට නිරාවරණය වීම නිසා පිළිකා ඇති වීමට හේතු විය හැකි.විශේෂයෙන්ම ගුවන් මගීන්ගේ ගමන් මලු සහ නැව් මගින් භාණ්ඩ රැගෙන එන බහාලුම් විවෘත නොකර පරික්ෂා කිරීම සඳහා ද එක්ස් කිරණ භාවිතා කරනවා.
මේ ලෙසින් විද්‍යුත් චුම්බක තරංග වලින් කිහිපයක භාවිත පිළිබඳව දැක්විය හැකි වේ. ඉදිරි ලිපි වලදී ඉතිරි විද්‍යුත් චුම්බක තරංග වල භාවිතා පිළිබඳව වැඩිදුරට කතා කරමු.
by Dilki Shamani
Photo source : Internet
4997 Views
Comments