11 ශ්‍රේණිය විද්‍යාව : විද්‍යුත් චුම්බක තරංග වල භාවිත
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
08

11 ශ්‍රේණිය විද්‍යාව : විද්‍යුත් චුම්බක තරංග වල භාවිත

11 ශ්‍රේණිය විද්‍යාව : විද්‍යුත් චුම්බක තරංග වල භාවිත

විද්‍යාව පාඩම් මාලාවේ අටවැන්න තුළ විද්‍යුත් චුම්බක තරංග පිළිබඳව මූලික අධ්‍යයන සිදු කරනු ලැබුවා. මෙම ලිපිය තුලද කතා කරනු ලබන්නේ බොහෝ දෙනා අසා තිබෙන නමුත් වැඩිදුර තොරතුරු නොදන්නා විශේෂ විද්‍යුත් චුම්බක තරංග වර්ග දෙකක් පිලිබඳවයි. එනම් පාරජම්බුල කිරණ හා අධෝරක්ත කිරණ පිළිබඳවයි.

පාරජම්බුල කිරණ

පාර ජම්බුල යනු ‘ජම්බූල’ට ඉහලින් පිහිටි යන්නයි .ජම්බූල(දම්)යන්න හෝ දෘෂ්‍ය ආලෝකය සෑදී ඇති වර්ණ හතෙන් සංඛ්‍යාතය වැඩිම වර්ණය වන අතර පාරජම්බුල කිරණ යනු ජම්බුල වර්ණයට වඩා ඉහළ සංඛ්‍යාත පරාසයට අයත් මිනිස් ඇස සංවේදී නොවන කෙරෙන වර්ගයකි මිනිස් ඇසට නොපෙනුණ ද මී මැස්සන් වැනි කෘමීන් පාරජම්බුල කිරණ සඳහා සංවේදී බව මේ වන විට සොයාගෙන තිබෙනවා. සූර්යාලෝකයේ පාරජම්බුල කිරණ කුඩා ප්‍රමාණයක් අඩංගුය.විද්‍යුත් විසර්ජන මගින් සහ රසදිය වාෂ්ප ලාම්පු මගින්ද මෙම පාරජම්බුල කිරණ නිපදවෙයි.

මෙම කිරණ මගින් මිනිස් සිරුරේ විටමින් ඩී නිපදවන නිසා යම් ප්‍රමාණයකට සූර්යාලෝකයට නිරාවරණය වී ප්‍රයෝජනවත්ය එසේ වුව ද අධිකව පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් ඇසෙහි සුද සහ සමෙහි පිළිකා ඇතිවිය හැකිය.

රෝහල් වල විෂබීජ විනාශ කිරීමට පාරජම්බුල කිරණ භාවිතා කරනවා .සමහර රසායනික ද්‍රව්‍ය පාරජම්බුල කිරණ වලට නිරාවරණය වූ විට ද දිලිසීමක් ඇති වේ බැංකුවේ ආයතන වල මුදල් නෝට්ටු වල ඇති රහස්‍ය සංකේතය පරික්ෂා කිරීමට මෙම සංසිද්ධිය භාවිතා කරන අතර සමහර රෙදි සෝදන කුඩු වර්ග වලට මෙවැනි රසායනික වර්ග එකතු කිරීම මගින් එම කුඩු භාවිතා කර සේද රෙදි හිරු එළියට නිරාවරණය වූ විට බැබළීමක් ඇති වෙයි.

 



අධොරක්ත කිරණ

දෘශ්‍ය ආලෝක පරාසයේ රතු වර්ණයට පහල සංඛ්‍යාත සහිත අපගේ ඇසට නොපෙනෙන තරංග පරාසය අධොරක්ත කිරණ ලෙස හැඳින්වේ. රත් වූ වස්තු මගින් අධොරක්ත කිරණ නිකුත් වන නිසත් එම කිරණ අපගේ සම මත වැටුණු විට උණුසුම් බවක් දැනෙන නිසාත් අධොරක්ත කිරණ බොහෝවිට තාප විකිරණ ලෙස ද හැඳින්වෙනවා

සාමාන්‍යයෙන් අපගේ ශරීර වලින් ද අධෝරක්ත තරංග පිට කෙරේ. ශරීර අවයව වලින් පිට කෙරෙන තාපජ තරංග ඇසුරින් තාපජ ඡායාරූප ලබා ගැනීම සිදුකල හැකිය. එමගින් යම් යම් රූප හඳුනා ගැනීමට ද හැකියාවක් ලැබේ.

තවද අධෝරක්ත දෙනෙති සහ කැමරා භාවිතා කිරීමෙන් රාත්‍රී කාලයේදී සිදු කෙරෙන මිනිසුන් හෝ සතුන් ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර ගැනීමට හැකියාවක් ලැබෙනවා.

විශේෂයෙන්ම දුරස්ථ පාලක වල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට භාවිතා වන්නේද අධොරක්ත කිරණයි. ජංගම දුරකථන වල සහ පරිගණක වල අඩංගු කැමරා බොහෝමයක් අධොරක්ත කිරණ වලට සංවේදී වේ. භෞතික චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා ද අධොරක්ත කිරණ භාවිතා කරනු ලැබේ.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1473 Views

Comments

arrow-up