6 ශ්‍රේණිය - විදුලි උත්පාදනය

සරල ක්‍රම වලට විදුලිය උත්පාදනය කරන විදුලි කෝෂ වල අඩු පාඩු මග හරවා ගනිමින් විදුලිය උත්පාදනය සඳහා විවිධ විදුලි කෝෂ නිර්මාණය කරලා තියෙනවා.
ඒ අතර රසායනික කෝෂ ප්‍රධාන වෙනවා. රසායනික කෝෂ මූලික වශයෙන්ම ප්‍රාථමික කෝෂ හා ද්විතීක කෝෂ ලෙස වර්ග කරන්න පුළුවන්.
ප්‍රාථමික කෝෂ සඳහා භාවිතා කරලා තියෙන රසායනික ද්‍රව්‍ය ක්‍රමයෙන් ක්ෂය වෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය ක්ෂය වෙමින් විදුලිය උත්පාදනය කරනවා. මේ සඳහා උදාහරණ වෙන්නේ වියළි කෝෂ ඔරලෝසු බැටරි සමහර කැමරා බැටරි.
ද්විතීක කෝෂ කියලා හඳුන්වන්නේ රසායනික ද්‍රව්‍ය ක්ෂය වීමත් සමඟ විදුලි කෝෂය අක්‍රිය වීම නිසා නැවත නැවත එය විදුලි සැපයුමෙන් මුල් තත්ත්වයට ආරෝපණය කරන්න පුළුවන් විදුලි කෝෂ වර්ග. මේ සඳහා ජංගම දුරකථන බැටරි සමහර විදුලි පන්දම් බැටරි අම්ල ඇකියුමිලේටරය උදාහරණ වෙනවා.
සූර්ය කෝෂ වලට ආලෝකය වැටුණාම ඒවායේ විදුලි නිෂ්පාදනය වෙනවා. ඒවගේ කුඩා සූර්ය කෝෂ ගණනාවක් එකතු කරලා විශාල සූර්ය පැනල නිර්මාණය කරන්න පුළුවන්. වර්තමානයේ විවිධ උපකරණ වල විද්‍යුත් පරිපථ දකින්න ලැබෙනවා. විදුලි ධාරාවක් ගලා යාමට සකස් කර ඇති පද්ධතියක් විදුලි පරිපථයක් ලෙස හඳුන්වනවා. අවට ඇති ද්‍රව්‍ය හොඳින් පරීක්ෂාකර බැලීමේදියි ඒවායෙන් විදුලිය ගලන ද්‍රව්‍ය සහ විදුලි නොගලන ද්‍රව්‍ය ලෙස වර්ග කරන්න පුළුවන්.
මේ විදියට විදුලිය ගමන් කරන ද්‍රව්‍ය විද්‍යුත් සන්නායක ලෙස හඳුන්වනවා. විදුලිය නොගලන ද්‍රව්‍ය විද්‍යුත් පරිවාරක කියලා හඳුන්වනවා. ඒ වගේම විද්‍යුත් පරිවාරක ද්‍රව්‍ය විදියට විදියට හඳුන්වන්නේ සෙරමික් වීදුරු ප්ලාස්ටික් රබර් වගේ දේවල්. ද්‍රව අවස්ථාවේ තියෙන ලෝහයක් විදියට සලකන රසදිය කියන්නෙ හොඳින් විද්‍යුත් ගමන් කරන විද්‍යුත් සන්නායකයක්. ලුණු දියර දෙහි යුෂ වගේ ද්‍රව තුළිනුත් විදුලිය ගමන් කරනවා. නමුත් භූමිතෙල් පෙට්‍රල් වගේ ද්‍රව වලින් විදුලිය ගමන් කරන්නේ නැහැ. පානීය ජලය තුළ තියෙන දියවෙලා තියෙන ලවණ නිසා විදුලිය සුළු වශයෙන් එහි ගමන් කරනවා. භාවිතයෙන් ඉවත් කරපු ඊයම් සන්නායක කෝෂ සහ නැවත ආරෝපණය කරන්න පුළුවන් කෝෂ වර්ග භාවිතයෙන් පසුව පරිසරයට එක් කිරීම ඉතාම හානිදායක වෙනවා. ඒවායින් මිනිස් සිරුරට හානිදායක ද්‍රව්‍ය නිපදවෙන අතර ඉන් භයානක ප්‍රතිඵල අත් වෙනවා. ඒ වගේම පරිසරයේ ජීවීන් අතර අසමතුලිතතාවයන්ට හේතු වෙනවා. මේ නිසා මෙවැනි ද්‍රව්‍ය ක්‍රමවත් ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම ඉතාම වැදගත් වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
1923 Views
Comments