6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : අපේ රටේ මානව සම්පත
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : අපේ රටේ මානව සම්පත

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : අපේ රටේ මානව සම්පත

මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ පුරවැසි අධ්‍යාපනය විෂයට අයත් තවත් එක් වැදගත් පාඩම් කොටසක් පිළිබඳවයි. මෙහිදී අපේ රටේ මානව සම්පත පිළිබඳව අවශ්‍ය කරන අවබෝධය දරුවන්ට ලබාදීමට අපේක්ෂා කෙරේ.

ප්‍රදේශයේ ජීවත්වන මිනිසුන් අපට සම්පතකි. මිනිසාගේ බුද්ධිමය හැකියා සහ කායික හැකියාව වැඩි දියුණු කර ගැනීමෙන් මිනිසා මානව සම්පතක් බවට පත්වී ඇත. අප ප්‍රදේශයේ මෙවැනි මානව සම්පත් රැසක් හඳුනාගත හැකියි. ගොවි ගුරු වෛද්‍ය හෙද පෙදරේරු වඩු ඉංජිනේරු කාර්මික රාජ සේවක මාධ්‍යවේදී ආදී වශයෙන් විශේෂ මානව සම්පත් රැසක් අපට සහාය වේ. මිනිසා උපතින් විශාල වූ හැකියා වලින් යුක්ත වේ. ඒවා බුද්ධිමය හැකියා, කායික හැකියා සහ සමාජයීය හැකියා වශයෙන් හඳුනාගත හැකි වේ. මිනිසා සතු සහජ හැකියා දියුණු කරගැනීම සහ සේවා විධිමත් අයුරින් පුරුදු පුහුණු කිරීම ඉතාමත් වැදගත්. ඒ සඳහා විවිධ පාඨමාලා සහ පුහුණු වැඩසටහන් රැසක් අවට සමාජයේ ක්‍රියාත්මක වේ. ඒ මගින් පුද්ගලයාට තම හැකියා වර්ධනය කරගෙන අනාගත වෘත්තීය ලෝකය ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 


හැකියා වැඩිදියුණු කරගත හැකිවීම, වෘත්තීය සුදුසුකම් සපුරාගත හැකි වීම, වෘත්තීය ඉතා හොඳින් කළ හැකි වීම, වෘත්තීය වශයෙන් දියුණුවීම, ආර්ථික වාසි සැළසීම, රටේ සංවර්ධනය සිදු වීම යනාදිය මානව සම්පත විධිමත්ව පුහුණු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන කිහිපයකි. ඔබ ප්‍රදේශයේ ප්‍රදේශ වාසීන් සිය ජීවනෝපාය ලෙස විවිධ වෘත්තීන්හි නියැළෙනවා ඔබට දැකගත හැකියි. ජීවනෝපායයන් බොහෝවිට ඔබ ප්‍රදේශයෙ සම්පත් සහ බැඳී පවතී. භූමිය පදනම් කරගෙන කරගෙන කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන පිරිස් ඔබ ප්‍රදේශයේ සිටිය හැකියි. ප්‍රදේශයේ සතු විවිධ සම්පත් ඇසුරින් කර්මාන්ත වල යෙදෙන්නන්ද සිටිය හැකියි. එම කර්මාන්ත මඟින් විවිධ නිෂ්පාදන වෙළඳපොලට සැපයෙනු ඇත. සත්ව පාලනය වෙළඳාම සහ වෙනත් රැකියාවල යෙදෙන්නන් ද ඔබ ප්‍රදේශයේ ජීවත් වෙනවා ඇත. මිනිස් වර්ගයා ලොව බිහිවූ දා සිටම සතුන් දඩයම් කිරීමේදී මෙන්ම විවිධ අභියෝග වලට මුහුණ දීමේ දී ඒ සඳහා තනි තනිව මුහුණ දීමට හැකියාවක් නොතිබුණි. සතුන් දඩයම් කිරීමට අවශ්‍ය වන තීක්ෂණ දෘෂ්ටිය, ඉව දැනීම මෙන්ම ශක්තිමත් හනු සහ බාහු ඔවුන් සතු නොවීය. තියුණු උල් නිය සහ දත් නොවීය. මේ නිසා ආහාර සොයා ගැනීමට මෙන්ම ආරක්ෂාවීමටත් අනෙකාගේ උපකාරය නිතැතින්ම අවශ්‍ය විය. මිනිසුන් මෙසේ සාමූහික ජීවිතයක් ගත කිරීම නිසාම මිනිස් සමාජය ගොඩ නැඟුණු අතර ඔවුන්ගේ සාමූහික පැවැත්ම දියුණු මානව ශිෂ්ටාචාරයේ ගොඩනැගීමට හේතු විය.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1560 Views

Comments

arrow-up