6 ශ්‍රේණිය විද්‍යාව : ආලෝකය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
01

6 ශ්‍රේණිය විද්‍යාව : ආලෝකය

6 ශ්‍රේණිය විද්‍යාව : ආලෝකය

මේ සූදානම් වෙන්නේ ආලෝක ප්‍රභව ගැන ඔබව දැනුවත් කරන්න.

ආලෝකය කියන්නේ පෙනීම ලබා දෙන්න උපකාරී වන ප්‍රධාන සාධකයක්. මීට අමතරව ඇස පෙනීම ලැබීම සඳහා අපිට අවශ්‍ය අනෙක් ප්‍රධාන සාධකය වෙනවා. ආලෝකය සපයන ප්‍රධාන වස්තුව වෙන්නේ සූර්යයා. රාත්‍රී කාලයේදී සූර්යාලෝකය නැති නිසා අපි ලාම්පු ඉටිපන්දම් විදුලි බුබුළු වගේ කෘතිම ප්‍රභව වලින් ආලෝකය ලබා ගන්නවා. අපි අවට පරිසරයේ තියෙන වස්තුන් දීප්ත වස්තූන් සහ අදීප්ත වස්තුන් විදියට වර්ග කරන්න පුළුවන්.

තමන් විසින්ම ආලෝකය නිකුත් කරන වස්තුන් දීප්ත වස්තුන් විදිහටත් ආලෝකය නිකුත් නොකරන වස්තුන් අදීප්ත වස්තූන් විදිහටත් හඳුන්වන්න පුළුවන්. තමන් විසින්ම ආලෝකය නිකුත් කරන දීප්ත වස්තුන් අතරට ඇතැම් ශාක හා සතුන් එකතු වෙනවා. කණාමැදිරියා රෑ බදුල්ලා ඒ වගේම විවිධ ආලෝකය නිකුත් කරන හතු වර්ග අවට පරිසරයේ ආලෝකය නිකුත් කරන දීප්ත වස්තූන් විදියට තියෙනවා.

 


අදීප්ත වස්තූන් තමන් විසින්ම ආලෝකය නිකුත් කළේ නැති වුණත් දීප්ත වස්තුවකින් නිකුත් කරන ආලෝකය ඒ මතට පතිත වෙලා ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන්. මීට හොඳම උදාහරණයක් වන්නේ චන්ද්‍රයා. චන්ද්‍රයා ආලෝකය නිකුත් කළේ නැති වුණත් හිරුගෙන් ලැබෙන ආලෝකය නිසා රාත්‍රියට ආලෝක වස්තුවක් විදියට අපිට පේනවා.

එදිනෙදා ප්‍රයෝජනයට ගන්න විවිධ ද්‍රව්‍ය හරහා ආලෝකය ගමන් කිරීම විවිධාකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. සමහර ද්‍රව්‍ය හරහා ආලෝකය ගමන් කරන අතර සමහර ඒවා තුළින් ආලෝකය ගමන් කරන්නේ නැහැ. ද්‍රව හරහා ආලෝකය ගමන් කරන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. සමහර ද්‍රව් තුළින් ඉතා හොඳින් ක්‍රමවත්ව ආලෝකය ගමන් කරන විට සමහර ද්‍රව හරහා ආලෝකය ගමන් කිරීම දුර්වල වෙනවා. ජලයේ පිරිසිදුකම මත එහි ආලෝකය ගමන් කිරීමේ ස්වභාවය වෙනස් වෙනවා. ආලෝකය ගමන් කරන ද්‍රව සහ විවිධ ද්‍රව්‍ය හඳුන්වන්නේ පාරදෘශ්‍ය ද්‍රව්‍ය විදියට. මීට උදාහරණ වෙන්නේ වීදුරු විනිවිද පෙනෙන ආවරණ පොලිතීන්. ආලෝකය ගමන් කලත් ඉන් ආවරණය වී ඇති වස්තුව හොඳින් පෙනෙන්නේ නැති ද්‍රව්‍ය පාරභාසක ද්‍රව්‍ය විදිහට හඳුන්වනවා. ඊට උදාහරණ වෙන්නේ ටිෂූ කඩදාසි බොර ජලය තෙල් කඩදාසි. ඒවගේම සමහර ද්‍රව්‍ය තියෙනවා ආලෝකය ස්වල්පයක්වත් ඒ හරහා ගමන් කරන්නේ නැහැ. ඒවා පාරාන්ධ ද්‍රව්‍ය විදිහට වර්ග කරනවා. ලී කාඩ්බෝඩ් ලෝහ කඩදාසි තාර ඊට උදාහරණ වෙනවා. මේ නිසා අවට පරිසරයේ ද්‍රව්‍ය පාරදෘශ්‍ය ද්‍රව්‍ය, පාරභාසක ද්‍රව්‍ය හා පාරාන්ධ ද්‍රව්‍ය විදියට වර්ග කරන්න උත්සාහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3187 Views

Comments

arrow-up