6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලට වැදගත් වන තවත් එක් පාඩම් කොටසක්. මෙහිදී සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති දායාද සම්පත් ලෙස හඳුන්වන්නට පුළුවනි. අප ප්‍රයෝජනයට ගන්නා එවන් සම්පත් වලට නිදසුන් ලෙස හිරු එළිය වාතය ජලය වනාන්තර භූමිය ඛනිජ සම්පත් වන සතුන් යනාදිය හඳුන්වන්නට පුළුවනි. මෙම ස්වභාවික සම්පත් මිනිසාගේ පැවැත්මට මෙන්ම අප අවට පරිසරයේ පැවැත්මට ද ආධාර වේ. එමෙන්ම විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සදහා පරිසරයේ ඇති විවිධ සම්පත් අපි ප්‍රයෝජනයට ගන්නෙමු. වාතය ජලය හිරු එළිය වැනි සම්පත් අපේ දිවි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන සම්පත් වේ.
ස්වභාව ධර්මයේ දායාද වන භූමියක් වනාන්තර ඛනිජ සම්පත් ආදිය භාවිතා කර අපට අවශ්‍ය විවිධ දේවල් නිපදවා ගන්නෙමු. ඔබේ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා නිවසේ දී සහ පාසලේ දී භාවිතා කරන විවිධ උපකරණ පිළිබඳ ඔබ සිතා බලන්න. ඒවා සියල්ල පරිසරයේ ඇති සම්පත් භාවිතා කර මිනිසා නිර්මාණය කළ දේවල් වේ. ලී බඩු වීදුරු භාණ්ඩ පිඟන් භාණ්ඩ උළු ගඩොල් පරිගණක සහ විදුලි උපාංග වාහන ආදිය මිනිසා නිර්මාණය කල සම්පත් වලට නිදසුන් කිහිපයකි. අප ප්‍රයෝජනයට ගන්නා බොහෝ සම්පත් සීමිත බව ඔබ දන්නවාද. ජලය අපට අත්‍යවශ්‍ය සම්පතකි. පානය සඳහා මෙන්ම එදිනෙදා අවශ්‍යතා සඳහා ජලය ප්‍රයෝජනවත් වේ. එමෙන්ම ආහාර බෝග වගාව කර්මාන්ත සහ තවත් විවිධ අවශ්‍යතා සඳහා ජලය ප්‍රයෝජනවත්. පෘථිවි තලයෙන් වැඩි කොටසක් ජලයෙන් වැසී තිබුණ ද පානය සඳහා සුදුසු වන්නේ ඉතා සීමිත ප්‍රමාණයකි. මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ජලය අපවිත්‍ර වී ඇති අවස්ථා ගැන නිතර අපට අසන්නට ලැබේ. එහෙත් ඒවා පෘථිවිය මත හටගන්නට වසර දහස් ගණනක් ගතවේ. මේ නිසා ජලය අරපිරිමැස්මෙන් යුතුව ප්‍රයෝජනයට ගැනීමටත් ජලය අපවිත්‍ර වීම වළක්වා ගැනීමටත් අප උනන්දු විය යුතුයි.
භූමියද සීමිත සම්පතකි. කොළඹ ජලාශ වගුරු බිම් ආදිය හැරුණු විට මිනිස් වාසය සඳහා මෙන් ම ආහාර භෝග වගාව වැනි විවිධ අවශ්‍යතා සඳහා යොදා ගත හැකි බිම් සීමා සහිතයි. අපේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා යොදාගන්නා ඛනිජ තෙල් ගල් අඟුරු යකඩ තඹ ටින් වැලි මැටි ආදී ඛනිජ සම්පත් සීමිත සම්පත් වේ. එමෙන්ම එම සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ දී ඒවා ක්ෂය වීමකට ලක්වේ. එහෙත් ඒවා පෘථිවිය මත හටගන්නට වසර දහස් ගණනක් ගතවේ. මේ නිසා අපි මෙම සම්පත් අරපිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතුයි.
කර්මාන්ත අංශයේ ඇතිවන දියුණුවද සම්පත් ප්‍රයෝජනයට ගන්නා ප්‍රමාණය ඉහළ යාමට තවත් හේතුවකි. ජනගහනය වැඩිවීමත් මිනිසාගේ අවශ්‍යතා වැඩිවීමත් නිසා සම්පත් ප්‍රයෝජනයට ගන්නා ප්‍රමාණය දිනෙන් දින ඉහළ යයි. පෘථිවිය මත බොහෝ සම්පත් සමානව ව්‍යාප්ත වී නැත. වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් පිළිබඳ ගවේශන සිදු කෙරේ. ගල්අඟුරු ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සොයාගෙන නැත. මේ නිසා සමහර ඛනිජ සම්පත් වෙනත් රටවලින් ආනයනය කර ගැනීමට සිදුවේ. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමටද සිදුවේ. මේ නිසා අපගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සම්පත් අරපිරිමැස්මෙන් යුතුව භාවිතා කිරීමට අප කුඩා කල සිටම පුරුදු පුහුණු විය යුතුයි. එසේම අනාගත පරපුරට ඒවා ඉතිරි කර තැබීමත් අපගේ යුතුකම සහ වගකීම ලෙස සැලකීම ඉතාමත් වැදගත්.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
3054 Views
Comments