8 ශ්‍රේණිය විද්‍යාව - ආහාර පරිරක්ෂක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

8 ශ්‍රේණිය විද්‍යාව - ආහාර පරිරක්ෂක

8 ශ්‍රේණිය විද්‍යාව - ආහාර පරිරක්ෂක

ආහාර කල් තබා ගැනීමේ දී ආහාර නරක් වීමට හේතුවන ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අනෙකුත් බාහිර හා අභ්‍යන්තර සාධක වල ක්‍රියාකාරීත්වයත් වැළැක්වීම සඳහා යොදන ද්‍රව්‍ය “පරිරක්ෂක” ලෙස හැඳින්වෙනවා. පරිරක්ෂක යනු ආකලන ද්‍රව්‍යයකි.

පරිරක්ෂණයේ දී ඇසුරුම් කළ ආහාර ද්‍රව්‍ය වලට එකතු කරනු ලබන රසායනික ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය ලෙස හැඳින් වේ .ආකලන ද්‍රව්‍ය ලෙස පහත දැක්වෙන දෑ දැක්විය හැකි ය.

ඝන හෝ උකු ස්වභාවය ඇති කරන ද්‍රව්‍ය- පෙක්ටීන්
රසකාරක - ග්ලූකෝස් සැකරින්
ප්‍රතිඔක්සිකාරක - සිට්රික් අම්ල‍රික් කැරොටීන්
පරිරක්ෂක ද්‍රව්‍ය- සෝඩියම් මෙටා බයි සල්ෆයිට් බෙන්සොයික් අම්ලය
ආහාර වර්ණක - රයිබොප්ලෙවින් කැරොටීන්

භාවිතය සඳහා අනුමැතිය ලද පරීක්ෂණාත්මකව ආරක්ෂිත යැයි සනාථ කරන ලද ආහාර වලට එකතු කරන ද්‍රව්‍ය සංකේතවත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් යොදා ගන්නා කේත ක්‍රමය E අංක ලෙස හැදින්වේ .එසේ කෘතිම ආහාර පරිරක්ෂක ලෙස ආහාර වලට එකතු කිරීමට අවසර ලබා දී ඇත්තේ E200- E299දක්වා වූ පරිරක්ෂක ද්‍රව්‍ය වලටයි .මේවා අතර ප්‍රධාන වශයෙන් අම්ල හා ලවණ වර්ග දැකිය හැකියි එසේ පරිරක්ෂක ලෙස යෙදීමට නිර්දේශිත රසායන ද්‍රව්‍ය කිහිපයක් පහත දැක්වේ.


- සෝඩියම් මෙටා බයි සල්ෆයිට්
- සෝඩියම් බයි සල්ෆයිට්
- බෙන්සොයික් අම්ලය
- සෝඩියම් ක්ලෝරයිඩ්
- සෝඩියම් නයිට්‍රයිට් සහ සෝඩියම් නයිට්රේට්
- ඇසිටික් අම්ලය


ඉහත සදහන් කර ආකලන ද්‍රව්‍ය ලංකාවේ ආහාර පනත මගින් නිර්දේශිත ඒවා විය යුතු අතර විය නිර්දේශිත ප්‍රමාණ වලින් එකතු කර තිබීම වැදගත් වේ එසේම එම ආහාර කුඩා දරුවන් සදහා සුදුසු නොවේ නම් ඒ බවද සඳහන් කිරීමත් අත්‍යවශ්‍ය කරුණකි .

වෙළෙඳපොළේ ඇති ක්ෂණික කෑම සුප් කැට ආදී ආහාර වලට රසකාරක එකතු කර ඇත නමුත් ළදරුවන් හෝ වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා රසකාරක එකතු කර ආහාර භාවිතය සෞඛ්‍ය ආරක්ෂිත නොවනු ඇත .ආහාර වලට එකතු කරන මොනෝ සෝඩියම් ග්ලූකෝමේට් (MSG) ආහාර පරීක්ෂකයක් නොව ආහාර රස ප්‍රවර්ධකයකි.මේවා නියමිත මාත්‍රාවට වඩා භාවිතා කිරීම සෞඛ්‍යයට අහිතකරය .ආහාර වර්ණ ගැන්වීම සඳහා යොදන සමහර වර්ණකද පිළිකා කාරක වේ .ඒ නිසා මෙවැනි දෑ භාවිතයේදී සැලකිලිමත් වීම ඉතාමත් වැදගත් වේ .

විවිධ පරිරක්ෂිත ආහාර වර්ග


පරිරක්ෂණය කරන ලද ඇතැම් ආහාර සෘජුවම ආහාරයට ගත හැකි ය


නිදසුන් :- චට්නි ජෑම් සෝස් පලතුරු බීම ආදිය


ඇතැම් පරිරක්ෂිත ආහාර ක්ෂණික ව සකස් කර ගැනීමෙන් පසු ආහාරයට ගත හැකි ඒවා වේ. එම ආහාර සංකීර්ණ ක්‍රියාවලියකට ලක් කර පරිරක්ෂිත ද්‍රව්‍ය එකතු කර ඇසුරුම් කරන ලද ආහාරයි.ඒවා පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ.නිදසුන් ලෙස මීට්බෝල්ස් සොසේජස් නූඩ්ල්ස් මැකරෝනි පිටිකල පොල්කිරි කෝඩියල් ආදිය ඒ අතර වේ.

සමහර පරිරක්ෂිත ආහාර පරිභෝජනයට පෙර පිසීම අවශ්‍ය වේ නිදසුන් ලෙස කරවල ධාන්‍ය වර්ග ආදිය දැක්විය හැකි ය

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

views

2407 Views

Comments

arrow-up