පාසල් ගෙදර වැඩ පහසුවෙන් කර ගැනීමට හැකි රහස් සූත්‍රය - 01

පාසල් වැඩ කටයුතු තම දරුවාට ගෙදර දී කරවීමේ දී, හැම විටම දෙමව්පියන්ට ඔවුන්ගෙන් ඇතිවන කරදර පාලනය කිරීමට, ඉතා අපහසු බව ඕනෑම දෙමාපියෙක් හොඳින් දන්නා කරුණක්.
එය එසේ වන්නේ දරුවන්ට එය කිරීමට අවශ්‍ය නැති නිසා. එහෙත් පාසැල් ගෙදර වැඩ දරුවාට විනෝදජනක විය හැකි අයුරින් ඔබ ලබා දෙන්නේ කෙසේද? එය සාර්ථකව කළ හැක්කේ අපගේ දරුවන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට නිසියාකාරව උදව් කිරීමට යමෙකු සිටී නම් පමණි. එසේ උපකාර කල හැකි වන්නේද දෙමාපිය ඔබටමයි.
අද දෙමව්පියන්ගේ ලොකුම කනස්සල්ල වන්නේ තම දරුවා නියමිත වේලාවට හා ඵලදායී ලෙස තම පාසැල් ගෙදර වැඩ සහ අධ්‍යයන කටයුතු සඳහා යොමු නොවීමයි. ළමයින් සෙල්ලම් කිරීමට, විවේකීව සිටීමට සහ විනෝද වීමට තාක්ෂණික උපකරණ සොයාගෙන යන කාලයක් බවට අද පත්ව ඇති අතර, කාර්‍යය බහුල ඔබට දරුවාව පාසල් පාඩම් සදහා යොමු කිරීමට ඇත්තේද කුඩා කාලයකි. එහෙත් පාසැල් ගෙදර වැඩ දරුවන් ලවා කරවා ගැනීම අත්‍යාවශ්‍යම කාර්යයක්.
දරුවන් ගෙදර වැඩ වලදී වැඩි උනන්දුවක් නොදක්වන හා නොසැලකිලිමත් බවක් දක්වන බව පෙනේ. එසේ වුවද, නිතිපතා පාසල් ගෙදර වැඩකටයුතුවලට ඇලී ගැලී සිටීම වැදගත් බවට ඔබද ඉක්මනින් එකඟ වනු ඇත.
තම දරුවන් දිනපතා පාසල් ගෙදර වැඩ කිරීම අවශ්‍ය වන්නේ මන්දැයි ඔබ කල්පනා කරන්නේ නම්, ගෙදර වැඩ මෙතරම් වැදගත් වීමට හේතු 5 ක් අප මුලින්ම ඔබට පෙන්වා දෙමු.
1. පාසලේ උගන්වන සංකල්ප තුළින් දරුවන් ශක්තිමත් කිරීම.
2. ස්වයං වගකීමක් ගැනීම.
3. මොළයට ව්‍යායාමක් සිදු වන අතර මතක ශක්තිය වැඩි දියුණු කිරීම.
4. ස්වයං විනය, කාල කළමනාකරණය, ස්වාධීන චින්තනය සහ ගැටළු විසඳීමට හැකියාව ලැබීම.
5 ආත්ම ශක්තිය හා විශ්වාසය පිළිබඳ හැඟීමක් ගෙන ඒම.
දැන්, විශාල ප්‍රශ්නය නම් තවමත් එලෙසම පවතී. ඔබේ දරුවා පාඩම් කිරීමට හා පාසල් ගෙදර වැඩ කරවගන්නේ කෙසේද?
දරුවන්ට කිසි විටෙකත් දත් මැදීමට අවශ්‍ය නොවූවත්, අද ඔවුන් එය තනිවම කරනවා. මන්ද එය ඔවුන්ට මේ වන විට පුරුද්දක් වී ඇති නිසා. මෙයත් ඒ හා සමාන කරුණකි. එබැවින් පාසල් ගෙදර වැඩ කිරීම දෙමව්පියන් හට දරුවාට වගකීම් පිළිබඳව ඉගැන්වීමට ඇති හොඳ අවස්ථාවක්. ඉතින් ඔබේ දරුවාට ගෙදර වැඩ කරදරයකින්, අපහසුවකින් තොරව කර ගැනීමට සරල, පහසු මෙන්ම ප්‍රතිඵලදායක පියවර 5 ක් පිළිබඳව සලකා බලමු.
1. භූමිකාව සහ වගකීම
2. නිතිපතා ක්‍රියාවලිය හා චර්යාව
3.ත්‍යාග වලට වඩා ප්‍රශංසාව
4.තේරීමේ බලය හා ප්‍රතිවිපාක බලය
5. ඉවසීම
පළමුවැන්න පිළිබඳව අප විමසා බලමු.
එය නම්, භූමිකාව සහ වගකීමයි. දෙමාපියෙකු ලෙස අපගේ කාර්යභාරය කුමක්ද? අපි පාසල් ගෙදර වැඩ කරන ළමයින් දෙස බලන විට, බොහෝ දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ ගෙදර වැඩ සම්පූර්ණ කිරීම පමණි.
දෙමව්පියන් සිතන්නේ ගෙදර වැඩ සම්පූර්ණ වීම ඔවුන්ගේ වගකීම බවයි. දරුවා එය හොඳම ආකාරයෙන් කළ යුතු බවයි. කරුණාකර එය දරුවාගේ ගෙදර වැඩ පමණක් බව තේරුම් ගන්න. ඇත්ත වශයෙන්ම දෙමව්පියන් විසින් මෙහෙයවා, දරුවා වාඩි වී එය කරනවාට වඩා ඔවුන්ම එය සිතා කිරීමට ඉඩ දීම අපගේ වගකීමයි.
බොහෝ විට ළමයින් කලබලකාරී හා කම්මැලි ගතියෙන් යුක්ත වන අතර සමහර අවස්ථාවලදි දෙමාපියන් දරුවන්ට කෑ ගසා පාඩම් නිම කිරීමට උත්සාහ කරන අතර, අවසාන ප්‍රතිඵලය දෙපිරිසටම ඉතා අප්‍රසන්න වන ආකාරයෙන් ගුටි බැට දීමෙන්ද අවසන් විය හැකිය. මෙය ඕනෑම නිවසක සුලභව දක්නට හැකිවේ.
එබැවින් ඒ වෙනුවට ඔවුන්ගේ ගෙදර වැඩ කිරීම ඔවුන්ගේ කාර්යභාරය හා වගකීම බව තේරුම් ගැනීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඔබ වැඩ කරන ආකාරය හා ඔබ දේවල් කරන ආකාරයටම ඔවුන්ද ගෙදර වැඩ කළ යුතු බව ඔවුන්ට ඒත්තු ගැන්විය යුතුය.
නිවැරැදි ප්‍රතිඵලයක් ලැබීම සදහා මෙය සිදු කිරීමට නම්, දෙවැනි ක්‍රමයත් දෙමව්පියන් සිදු කළ යුතුය. සෑම දෙයක්ම නිර්මාණාත්මකව දරුවා තුළ පුරුදු ඇති කිරීම මඟින් හොඳ ප්‍රතිඵලයක් ලැබේ. මෙහි දී ඔවුන්ට ගෙදර වැඩ කිරීමට සෑම දිනකම නිශ්චිත වේලාවක් හා චර්යාවක් නිර්මාණය කරන්න. එවිට එය පාසල් ගෙදර වැඩ කරන කාලය බව ඔවුන් දනී.
එය නිශ්චිත වේලාවක සිට මිනිත්තු 45 ක කාලයක් වීම සුදුසුයි. මන්ද එය දරුවෙකුගේ ක්‍රියාකාරිත්වය හෝ අවධානය යොමු වන කාල සීමාව වන අතර ඉන් ඔබ්බට ඔවුන්ට අනිවාර්යයෙන්ම විවේකයක් අවශ්‍ය වේ. නමුත් බොහෝ දෙමව්පියන් සිතන්නේ දරුවකු වාඩි වී පාසල් ගෙදර වැඩ එකවර සිදුකර අවසන් කළ යුතු බවයි. නමුත් වඩා හොඳ වන්නේ ඔවුන් විනාඩි 45 ක කාලයක් තුළ පමණක් පාඩම් කටයුතු තුළ යෙදවීමයි.
හැම දිනකම එය පුරුද්දක් කර ගන්න. ඒ අතර ඔබ ඔබේ දරුවා සමග සාකච්ඡා කරමින් මෙසේ පැවසිය හැකියි. "හරි මේ අපේ පාසල් ගෙදර වැඩ කාලය. අපි හැමදාම මේ වෙලාවට පාඩම් කරමු." යනුවෙන් දරුවාට සැලසුමක් ඉදිරිපත් කරන්න. දරුවාට පාසල් ගෙදර වැඩ අධ්‍යයන කටයුතු නොතිබුණත් ඔබ ඔවුන්ට ඒ කාලයේදී පාඩම් කිහිපයක් හෝ අමතර අධ්‍යයන පොත් පත් වල වැඩ කිරීමට ලබා දෙන්න. මෙය නිරායාසයෙන්ම ඔබේ දරුවාට පුරුද්දක් බවට පත්වේවි.
ඔබට කළ හැකි තවත් දරුවාට සිත්ගන්නා සුළු දෙයක් නම් ඇත්ත වශයෙන්ම පුංචි ඔරලෝසුවක් දරුවාගේ ඉදිරියේ තබා ගැනීමයි. එමගින් එය ඔවුන්ගේ කාලය බව ඔවුන්ට දන්වා ඔවුන් මේ දක්වා ඔබ මෙය කිරීමට යන බව පවසන්න.
එවිට ඔවුන් දන්නවා වෙනත් විකල්පයක් ඔවුන්ට නැති බව. එය රන්ඩු වී සිදු කර දැමීමේ කිසිදු තේරුමක් නැති නිසා ඔවුන් වගකීම භාර ගැනීමට උත්සාහ කරයි. මෙය මන්දගාමී නමුත් ඉතා ඉහළ ලෙස ප්‍රතිඵලදායක ක්‍රියාවලියකි.
by Kaushalya De Silva
Photo source : Internet
1459 Views
Comments