11 ශ්‍රේණිය විද්‍යාව - සත්ත්ව පටක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
28

11 ශ්‍රේණිය විද්‍යාව - සත්ත්ව පටක

11 ශ්‍රේණිය විද්‍යාව - සත්ත්ව පටක

සත්ව දේහය එකිනෙකට වෙනස් සෛල වර්ග රාශියක් එකතු වීමෙන් ගොඩනැගී ඇත. මිනිස් දේහය ගොඩනැගීම සඳහා එකිනෙකට වෙනස් සෛල වර්ග දෙසිය දහයක් පමණ සහභාගී වී තිබෙන බව දැනට සොයා ගෙන ඇත.

බහු සෛලික සත්ව දේහයෙන් නිශ්චිත කෘත්‍ය ඉටු කිරීමට හැඩගැසුනු පොදු සම්භවයක් සහිත සෛල සමූහ එනම් සත්ත්ව පටක තුල දක්නට ලැබේ.

සත්ව පටක වල කෘත්‍ය අනුව ඒවා වර්ග කළ හැකිය. ඒ අනුව පෘෂ්ඨවංශීන්ගේ දේහය තුළ තුල ඇති ප්‍රධාන පටක වර්ග හතරක් පවතී.ඒවා නම්,


    - අපිච්ඡද පටක
    - සම්බන්දක පටක
    - පේශී පටක
    - ස්නායු පටක

මෙම ලිපිය තුල මෙම පටක වර්ග අතරින් අපිච්ඡද පටක පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරමු.

අපිච්ඡද පටක

පෘෂ්ඨවංශී දේහයෙහි සියලුම බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨ අපිච්ඡද පටක මගින් ආස්තරණය වී ඇත.ඇතැම් අපිච්ඡද පටක තනි සෛල ස්ථරය කින් සමන්විත වන අතර ඇතැම් ඒවා සෛල ස්ථර කිහිපයකින් සමන්විත වේ.
අපිච්චද පටකයේ අඩංගු සෛලවල හැඩය හා සෛල ස්තර සංඛ්‍යාවන් අනුව අපිච්චද පටක පිහිටන ස්ථාන පවතී. ඒවා නම්,


   - රුධිර කේෂනාලිකා බිත්ත
   - තයිරෝයිඩ් ගන්ථි බිත්ති
   - ආහාර මාර්ග බිත්ති
   - මුත්‍රාශ බිත්තිය
   - සමේ අපිචර්මය

 

යන ස්ථානවල පවතින මෙම අපිච්ඡද පටක වල පහත දැක්වෙන ලක්ෂණ පවතී
 

  - සෛල පාදස්ථ පටලය මත පිහිටා තිබීම
  - සෛල එකිනෙක තදින් ඇසිරී තිබීම


මෙම පටක රුධිර සැපයුමක් නැති අතර පාදස්ථ පටල මගින් පෝෂණය වීම

මෙම පටක මගින් පෘෂ්ඨ ආස්තරණය කිරීම හා ආරක්ෂාව සැපයීම සිදු කරයි එනම් දේහයේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨය ආස්තරණය කිරීම මගින් පීඩනය ඝර්ෂණය හා ශුද්‍ර ජීවීන් ආදියෙන් අභ්‍යන්තර පටක ආරක්ෂා කරයි .

එසේම අවශෝෂක කෘත්‍ය ඉටු කරයි එනම් ආහාර මාර්ගයේ වූ අපිච්ඡද පටක මගින් ජීර්ණ ඵල අවශෝෂණය කරනු ලබයි

උත්තේජ ප්‍රතිග්‍රහණය කිරීමද අපිච්ඡද පටක මගින් සිදු කරයි එනම් දිවේ හා නාසයේ පිහිටි අපිච්ඡද පටක රස හා සුවඳ යන උත්තේජ ප්‍රතිග්‍රහණය කරයි

ස්වසන පද්ධතිය ආස්තරණය කරණ අපිච්ඡද පටක මගින් ශ්ලේෂ්මල ශ්‍රාවය කරයි එනම් ශ්‍රාවී කෘතිය ද මෙම අපිච්ඡද පටක මගින් සිදුකරනු ලබයි .එසේම වෘක්කාණුවල බෝමන් ප්‍රාවරය ඇති අපිච්ඡද පටක මගින් රුධිරය පෙරීම සිදු කරනු ලබයි .

 

 

මේ අයුරින් සත්ත්ව පටක තුල වූ ඇත්තේ අපිච්ඡද පටක පිළිබඳව කතා කල හැකිය.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

21280 Views

Comments

arrow-up