11 ශ්‍රේණිය විද්‍යාව : සංකීර්ණ ස්ථිර පටක
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
25

11 ශ්‍රේණිය විද්‍යාව : සංකීර්ණ ස්ථිර පටක

11 ශ්‍රේණිය විද්‍යාව : සංකීර්ණ ස්ථිර පටක

ශාක දේහයක තවදුරටත් විභාජනය විය නොහැකි නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීමට විශේෂණය වූ පටක අතර සෛල වර්ග කිහිපයකින් සමූහනය වී ඇති සංකීර්ණ ස්ථිර පටක ලෙස හඳුන්වයි

ඉටුකරන කෘත්‍යයන් වුව ශාක දේහයෙහි ශෛලම හා ප්ලෝයම ලෙස සංකීර්ණ ස්ථිර පටක වර්ග දෙකක් දක්නට ලැබේ .ශාකයක මූල කඳ පත්‍ර ආදියේ වූ සනාල පද්ධතිය තුළ මෙම ශෛලම හා ප්ලෝයම පටක පිහිටනු ලබයි.

 


ශෛලම පටකය

ශෛලම පටක පිළිබඳව අධ්‍යනයේදී මෙම පටක එකිනෙකට වෙනස් සෛල වර්ග 4කින් සමන්විත වේ.එනම්,
   - ශෛලම වාහිනී සෛල /වාහිනී ඒකක සෛල
   - වාහකාභ සෛල
   - සෛලමීය තන්තු
   - ශෛලමීය මෘදුස්තර


ශෛලම වාහිනී සෛල මඟින් අගට එකතු වී හරස් බිත්ති දියවී අඛණ්ඩ නාලාකාර ව්‍යුහයක් වන ශෛලම වාහිනී තැනේ මෙම නාලාකාර ව්‍යුහය ශාකය තුළ සිරස් අතට සිදුවන ජල පරිවහනයට දායක වේ.

වාහකාභ සෛල දිගටි තර්ක රූපී සෛල වේ .මෙම සෛල ද ජල පරිවහනය ට බෙහෙවින් දායකත්වයක් ලබා දෙයි .

ශෛලමීය තන්තු සැලකූ විට වාහකාභ වලට වඩා කෙටි පටු සෛල වේ.එය සෛලම පටකයේ ඇති ශෛලම වාහිනී සෛල වාහකාභ සෛල බවට පත් වී ඇත. ඒවා මගින් ශාකයට සන්ධාරන කෘත්‍යය සපයයි .

ශෛලමීය මෘදුස්තර සෛල ගත් කල එය තුනී සෛල බිත්තියක් සහිත සජීවී සෛල වේ. ආහාර සංචිත කිරීම සඳහා වැදගත් වන්නේ මෙම මෘදුස්තර සෛලයයි.

මෙම කරුණු අධ්‍යනයේදී එක් එක් සෛල එකතුවෙන් සෑදෙන මෙම ශෛලම පටකයේ ප්‍රධානම කෘත්‍යයන් වන්නේ ශාකයේ මුල් මගින් අවශෝෂණය කරගත් ඛනිජ ලවණ සහිත ජලය ශාක දේහය පුරා පරිවහනය කිරීම හා ශාකයට සන්ධාරණය සැපයීමයි


 

ප්ලෝයම පටකය

සංකීර්ණ ස්ථිර පටක වල තවත් එක් වර්ගයක් වන ප්ලෝයම පටකයි.මෙම පටක තුළ එකිනෙකට වෙනස් සෛල වර්ග 4 කින් සමන්විත වෙයි .ඒවා නම්
    - පෙනේර සෛල /පෙනේර නල
    - සහචර සෛල
    - ප්ලෝයමීය මෘදුස්තර
    - ප්ලෝයමීය තන්තු

මෙහි පෙනේර නල සෛල අගින් අග සම්බන්ධ වී හරස් බිත්ති අසම්පූර්ණ ලෙස දියවීමෙන් පෙනේර නල සාදයි.බිහිවූ හරස් බිත්ති පෙනේර තල ලෙස හඳුන්වයි ශාකයේ ආහාර ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් සුක්‍රෝස් වැනි දේ පරිවහනය සඳහා පෙනේර නල දායක වේ .

පෙනේර නල ආශ්‍රිතව පිහිටන දිගැටි හැඩයක් ගන්නා සෛල සහචර සෛල ලෙස හැඳින්වේ සහචර සෛල න්‍යෂ්ටිය මගින් පෙනේර නල සෛල ක්‍රියාකාරිත්වය පාලනය කරයි .

පෙනේර නල සෛල සහචර සෛල හා ප්ලෝයමීය මෘදුස්තර සජීවී සෛල වන අතර ප්‍ලෝයම පටකයේ තැනින් තැන පිහිටන ප්ලෝයමීය තන්තු අජීවී සෛල වේ.


මෙම ප්ලෝයමය පටකයේ ප්‍රධාන කෘත්‍ය වන්නේ පත්‍ර තුල නිපදවන ආහාර ප්ලෝයම පටක ඔස්සේ ශාක දේහය පුරා පරිවහනය කිරීම නැතහොත් පරිසංක්‍රමණය යි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

2868 Views

Comments

arrow-up