8 ශ්‍රේණිය විද්‍යාව : ආහාර පරීක්ෂණ ක්‍රම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

8 ශ්‍රේණිය විද්‍යාව : ආහාර පරීක්ෂණ ක්‍රම

8 ශ්‍රේණිය විද්‍යාව : ආහාර පරීක්ෂණ ක්‍රම

විද්‍යාව පාඩම් මාලාවේ විසිහතරවැන්න තුල ආහාර පරීක්ෂණය පිළිබඳව වූ මූලික කරුණු අපි කතා කරනු ලැබුවා.මෙම විද්‍යාව පාඩම තුල අපි කතා කරනු ලබන්නේ ආහාර පරීක්ෂණ ක්‍රම පිළිබඳවයි.

ආහාර පරීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම ආහාර නරක් වීමට බලපාන සාධක වැළැක්විය යුතුයි ඒ සදහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ලෙස පහත සඳහන් දෑ දැක්විය හැකිය.
- ආහාරයට ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු වීම වැළැක්වීම
- ජලය සහ උෂ්ණත්වය වැනි සාධක පාලනය කිරීම මගින් ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අවම කිරීම
- මහා ජීවීන්ගෙන් සිදුවන හානිය වැලැක්වීම .

ආහාර පරීක්ෂණය කිරීම සඳහා සාම්ප්‍රදායික ක්‍රම මෙන්ම නවීන ක්‍රම ද තියෙනවා .මේ අතරින් සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව කතා කළහොත් ඈත අතීතයේ සිටම ආහාර පරීක්ෂණය සඳහා මිනිසා විසින් විවිධ ක්‍රම අනුගමනය කර තිබෙනවා නමුත් ඒවා සුළු වෙනස්කම් සහිතව අද වන විටත් භාවිතා වෙනවා .ආහාර පරීක්ෂණය සඳහා භාවිතා කළ සාම්ප්‍රදායික ක්‍රම කිහිපයක් සහ එලෙස පරීක්ෂණය කළ ආහාර සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.ඒ අනුව

ලුණු දැමීම - අඹ දෙහි මාළු
දුම් ගැසීම - මස් වර්ග මාළු වර්ග ගොරකා
මී පැණිවල බහා තැබීම - වියළි මස් වර්ග *වියලි වැලිවල බහා තැබීම- දෙහි ඉඟුරු කොස් ඇට
වියලීම - කොස් දෙල් වී මිරිස් මුං

ඉහත දැක්වූ ආහාර පරීක්ෂණ ක්‍රම ක්‍රමවලදී ආහාර නරක් වීම වළක්වා ආහාර කල්තබා ගැනීමට හැකි වීමට හේතුවන කරුණු පිළිබඳව කතා කළොත්

වියළීම මගින් ජලය ඉවත් වීම නිසා ආහාර මත ශුද්‍ර ජීවීන්ගේ වර්ධනයක් සිදුනොවේ .
මී පැණි තුල බහා තැබීම වැනි පරීක්ෂණ ක්‍රම මගින් ආහාර වල අඩංගු ජලය ඉවත්වීම නිසා ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය වීම සහ ක්ෂුද්‍ර ජීවීන් තුළ ඇති ජලය ඉවත්වීම නිසා ක්ෂුද්‍ර ජීවීන් තවදුරටත් විනාශ වීම සිදු වේ .
දුම් ගැසීම වැනි ක්‍රමවේද උපයෝගී කර ගැනීමේදී තුලදී දුම් වල අඩංගු රසායනික ද්‍රව්‍ය නිසාද වියලීම මගින් ආහාර වල ජලය ඉවත් වීමෙන් ද ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අවම වේ .

ආහාර පරීක්ෂණය කිරීමේදී නවීන ක්‍රම භාවිතා වෙනවා.


වියලීම


අතීතයේදී මෙන්ම මෑත යුගයේදී ද ආහාර වියළීම සඳහා සූර්ය තාපය භාවිතා කරනවා නමුත් වර්තමානයේ මේ සඳහා සූර්ය තාප වියලන නම් උපකරණ යොදා ගන්නවා .මෙම උපකරණ සංවෘත තත්වයේ පවතින බැවින් අප ද්‍රව්‍ය මිශ්‍ර වීම සතුන්ගෙන් හානි සිදුවීම සහ වැස්සෙන් සිදුවන හානි ද වළක්වා ගන්නට පුළුවන් .

ඒසේම අද වන විට විසිරි වියලීම යන ක්‍රම භාවිතා කරනවා මෙමගින් දියර කිරි පිටි කිරි බවට පත් කරනුයේ විසිරි වියලීම මගිනි මෙහිදී රත් වූ කිරි අධික පීඩනයකින් යුක්තව රත් වූ සිලින්ඩරයකට විසි කිරීම සිදුකරනවා.මෙසේ ජලය ඉවත්වීම නිසා දියර කිරි වියලි පිටි බවට පත්වෙනවා ජලය නොමැති බැවින් ජීවීන් වර්ධනයක් සිදුවෙන්නේ නෑ.

උෂ්ණත්වය පාලනය


ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට හිතකර උෂ්ණත්වයක් අවශ්‍ය වේ එම හිතකර උෂ්ණත්වය ලබා නොදීම මගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය කළ හැකි.ඒ සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා කරනු ලබනවා
 

i)ශීතනය
මෙමඟින් ආහාර වර්ගය උෂ්ණත්වය අවට පරිසරය උෂ්ණත්වයට වඩා පහළ අගයක පවත්වා ගැනීම සිදු කරනවා ශීත කුටීර තුල තුළ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 4ට වඩා අඩුවෙන් පවත්වා ගැනීම වැදගත් වේ

ii)අධි ශීතනය
අධිශීතකරණයේ පවතින සෙල්සියස් අංශක සෘණ දහ අටකට වඩා අඩු උෂ්ණත්වය ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය වලක්වීමට ප්‍රමාණවත් . අධිශීතකරණය මගින් ආහාර වල ස්වභාවික වර්ණය රසය පෝෂණ ගුණය ආදිය බොහෝ දුරට ආරක්ෂා කෙරෙනවා.

සාන්ද්‍රීකරණය
ටින් කිරීමේදී හා බෝතල් කිරීමේදී ආහාරවල අඩංගු ජලය ඉවත් කිරීම සිදු කරනවා එම නිසා අහාරයේ සාන්ද්‍රනය වැඩි වේ .එවිට ශුද්‍ර ජීවීන්ගේ වර්ධනය පාලනය වීම සිදුවෙයි පරීක්ෂක එකතු කිරීම නිසා ශුද්‍ර ජීවීන් ක්‍රියාකාරීත්වය තවදුරටත් වැලැක්වීම සිදුවී ජෑම් කෝඩියල් වැනි ආහාර පරීක්ෂණය සඳහා මෙම ක්‍රමය යොදා ගනී.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3357 Views

Comments

arrow-up