6 ශ්‍රේණිය - විද්‍යාව ජලජ දූෂණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

6 ශ්‍රේණිය - විද්‍යාව ජලජ දූෂණය

6 ශ්‍රේණිය - විද්‍යාව ජලජ දූෂණය

මිනිස් ජීවිත සතුන්ගේ ජීවිත සහ ශාක වල පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය සීමිත සම්පතක් බව දැන් ඔබ දන්නවා. ඉතින් අපිට ජලය සම්පතක් බවට පත්වෙලා තියෙන්නේ ජල ප්‍රභව රාශියක් තිබුණද ඒවා පරිභෝජනය කරන්න පුළුවන් ආකාරයට නොපැවතීමයි. උදාහරණයක් විදියට අපේ මුළු පෘථිවි පෘෂ්ඨයෙන්ම 70% ක ටත් වඩා තියෙන්නේ ජලය වැසිලා. නමුත් ඉන් පරිභෝජනයට ගන්න පුළුවන් ජලය තියෙන්නෙ 0.01% ක් වගේ ප්‍රමාණයක්. ඉතිරි සියල්ලම ලුණු මිශ්‍රිත සාගර ජලය බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේ සීමිත ජල සම්පත අපි නිසි පරිදි කළමනාකරණය කරගෙන පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා.

ඔබ නිකමට හිතලා බලන්න ජලය දවසකට අපි කොතරම් ප්‍රමාණයක් අපතේ හරිනවාද කියලා. අපි ස්නානය කරන විට මුළුතැන්ගෙයි පිරිසිදු කිරීම් කටයුතු කරනවිට ජල ටැංකියට ජලය එකතු කරනවිට ජලය අපතේ යනවා. මේ වගේ අවස්ථාවන් වල අපතේ යන ජලය අපතේ නොයවා පරිභෝජනය කරන ආකාරයට ක්‍රමයක් සකස් කරගත් කර ගත්තොත් අපිට මේ ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදිහට මුළුතැන්ගෙයි පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන ජලය ඉන් පසුව වගාවක් සඳහා යොදාගන්න පුළුවන්. ඒ වාගේම ජලටැංකියට ජලය සපයන කොට උතුරා යන ජලය එකතු කර ගන්න වෙනමම භාජනයක් ඒ අතරින් තියාගන්නත් පුළුවන්. කරාමය ඇරලා ජලය පාවිච්චි කරන්නේ නැතුව භාජනයකට ජලය එකතු කරල අරපිරිමැස්මෙන් ඔබට පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.

මේ සීමිත සම්පතක් වුන ජලය විවිධ ක්‍රම නිසා දූෂණය වෙනවා. ජලයට විවිධ අපද්‍රව්‍ය එකතු වෙනවා. වර්ණය වෙනස් වී ජලය දුගඳ හමන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. මේ නිසා ජල දූෂණය සීඝ්‍රයෙන් සිදුවෙනවා. ඊට බලපාන ප්‍රධාන කාරණා වෙන්නේ


කර්මාන්තශාලා වලින් බැහැර කරන අපවිත්‍ර ජලය ජලාශවලට මුදා හැරීම
කෘෂි රසායනික ද්‍රව්‍ය ජලාශවලට මුසුවීම
පොලිතීන් හා ප්ලාස්ටික් ජලාශ වලට එකතුවීම
ජලාශවල විවිධ ද්‍රව්‍ය සේදීම සහ නෑම සිදු කිරීම
නාගරික කැලිකසල අපවිත්‍ර ද්‍රව්‍ය ජලයට එකතු වීම


මේ වගේ කාරණා නිසා ජලයේ මතුපිට ජලය දූෂණය වෙනවා. ඉතින් මතුපිට ජලය දූෂණය වීමත් සමඟම භූගත ජලය ඉබේම දූෂණය වෙනවා. ඒ නිසා විෂ ද්‍රව්‍ය ශරීරගතවී මේවායින් වකුගඩු රෝග පිළිකා රෝග ආදී දරුණු රෝගාබාධ රැසක් ඇතිවෙනවා. සීමිත සම්පතක් වන ජලය අරපිරිමැස්මෙන් දූෂණය නොකර පරිභෝජනය කරන්න අපි කටයුතු කරන්න ඕන.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2977 Views

Comments

arrow-up