6 ශ්‍රේණිය - විද්‍යාව ජලයේ ලවණතාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

6 ශ්‍රේණිය - විද්‍යාව ජලයේ ලවණතාව

6 ශ්‍රේණිය - විද්‍යාව ජලයේ ලවණතාව

දැන් අපි දන්නවා ජලය කියන පදාර්ථය ඝන ද්‍රව වායු අවස්ථාවේ විවිධ ස්වරූපයන් තුළ දකින්න ලැබෙන බව. ඒ වගේම ජලයේ ලවණතාවය අනුව ජලය විවිධ විදියට වර්ග කරන්න පුළුවන්. දූපතක් වන නිසා අප රට වටේටම මුහුදු ජලය තියෙන්නේ. විවිධ ද්‍රව්‍ය දිය වන මාධ්‍යයක් තමයි ජලය. ජලය ලුණු රස වන්නේ එහි සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දියවී ඇති නිසයි. මේ සෝඩියම් ක්ලෝරයිඩ් ජලයේ දිය වී ඇති ප්‍රමාණය අනුව ජලයේ ඇති ලවණතාවය තීරණය වෙනවා. ඒ අනුව ජලය ප්‍රධාන වර්ග තුනකට බෙදා දක්වන්න පුලුවන්.ඒ


මිරිදිය
කිවුල්දිය
කරදිය විදිහට


අපේ රටේ ඇති ලුණු ලේවායන් තුළින් ලුණු නිෂ්පාදනය කරන්නේ මේ ජලයේ දියවී ඇති සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලය වාශ්ප කර වාෂ්ප කර මුදවා ගැනීමෙන්. මිරිදිය ජලය විදිහට හඳුන්වන්නේ ලවණ ඉතා ස්වල්පයක් ජලයේ දියවී ඇති ජලයයි. ඒවා විශේෂයෙන් ළිං පොකුණු ගංගා දියඇලි වල ඇති ජලය මිරිදිය ලෙස හඳුන්වනවා.

කරදිය කියලා හඳුන්වන්නේ මුහුදු ජලය හා සාගරවල ඇති ජලයයි. කරදියේ විශාල වශයෙන් ලවණ දියවී තියෙනවා.

කිවුල් ජලය ලෙස හඳුන්වන්නේ කලපු වල ජලයයි. ඒවායේ ලවණ ප්‍රමාණය කරදියේ තරම් නොවුනත් මිරිදියට වඩා වැඩියි. කරදිය මිරිදිය සහ කිවුල්දිය සැලකීමේදී ජලයේ ස්කන්ධය වැඩිම අගයක් ගන්නේ ලුණු පරිමාව වැඩි කරදිය ජලයයි.

එදිනෙදා ‍ක්‍රිරියාකාරකම් සියල්ලක් සඳහාම ජලය ඉතා අත්‍යවශ්‍ය වෙනවා. අපිට පානය කිරීම සඳහා වගා කටයුතු වලට රෙදි සේදීමට ගමනාගමනයට විදුලිය නිෂ්පාදනයට ස්නානය සඳහා ජලය අවශ්‍ය වෙනවා. මිනිස් ජීවිතය සඳහා ජලය අත්‍යාවශවශ්‍ය බව තහවුරු කරන්න අපිට ජලය නොමැති අවස්ථාවකදී ශරීරය ශරීරය විජලනය පත්වන අවස්ථා දැක ගන්න ලැබෙනවා. මේ තත්ත්වය සතුන්ටත් පොදුයි.ල් ඒ වගේම ශාකයකට දින දෙක තුනක් ජලය නොදා තිබුණොත් ඒ ශාක මැලවී මැරී මිය යනවා. ඒ අනුව පැහැදිලි වෙන්නේ ජලය ජීවයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.

ජලය මගින් ජීවී දේහ වල පෝෂක පරිවහනය කරනවා
ශාකවල පෝෂණය උරාගන්නවා
ශාක සෘජුව තබන්න උදවු කරනවා
ශාක වල ආහාර නිෂ්පාදනයට උපකාරී වෙනවා
ජීවී දේහය සිසිල්ව තබා සිසිල් තබන්න උපකාරි වෙනවා
ජලජ ජීවීන්ට ඔවුන්ගේ පැවැත්ම සකස් කරගන්න වාසස්ථාන සපයනවා
සතුන්ගේ ආහාර ජීරණයට උපකාරී වෙනවා
ජලය බහිස්‍රාවී මාධ්‍යයක් ලෙස සිරුරින් අනවශ්‍ය ද්‍රව්‍ය පිට කරනවා

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3127 Views

Comments

arrow-up