6 ශ්‍රේණිය- විද්‍යාව ඝන පදාර්ථ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

6 ශ්‍රේණිය- විද්‍යාව ඝන පදාර්ථ

6 ශ්‍රේණිය- විද්‍යාව ඝන පදාර්ථ

දැන් අපි දන්නවා අවට පරිසරයේ විවිධ පදාර්ථයන් හා ශක්තීන් තියෙනවා. ඒ අතරින් අපි නිතරම භාවිතා කරන්නේ ස්කන්ධයක් සහ අවකාශයේ ඉඩක් ගන්නා පදාර්ථයන්. ඒ අතරිනුත් ඝන පදාර්ථ අපි නිතරම ප්‍රයෝජනයට ගන්නවා. අපි සූදානම් වෙන්නේ ඝන පදාර්ථ පිළිබඳ ටිකක් වැඩිපුර දැනගන්න. ඝණ පදාර්ථයක නිශ්චිත පරිමාවක් සහ නිශ්චිත හැඩයක් ඇති ද්‍රව්‍ය වලට පදාර්ථවල ඊට ආවේනික ලක්ෂණ දකින්න ලැබෙනවා.

පදාර්ථ දැඩි බවින් යුක්තයි. ඒවා කිරීමට ගෙවී යාමට කැපීමට ඉතාම අපහසුයි. ඝන බවින් වැඩිම පදාර්ථ විදියට අපිට දියමන්ති සහ යකඩ හඳුන්වන්න පුළුවන්.
ආහන්‍යතාව කියලා කියන්නේ මිටියක් වගේ දැඩි උපකරණයකින් තැලුවහොත් ඒවා කුඩු බවට පත් වෙන්නේ නැතුව තැලී යන්න පුළුවන්. යකඩ තඹ වගේ ලෝහ ද්‍රව්‍ය වල මේ ගුණය ඉතාම ඉහළයි. ඒවා තලා නොකැඩී තහඩු බවට පත් කරන්න හැකියාව තියෙනවා.
තන්‍යතාව කියලා හඳුන්වන්නේ ඇදීමකට ලක්කර නොකැඩී නොබැඳී කම්බි බවට පත්කරන්න හැකිවීම. උදාහරණ විදියට තඹ ඇලුමිනියම් රත්රන් වගේ ලෝහ හදුන්වන්න පුලුවන්.
ඝන පදාර්ථ වල ප්‍රශස්ත බව කියලා කියන්නේ බලයක් යොදා ගෙන ඇදීමේදී ඒවා ඇදෙනසුලු වීමයි. උදාහරණ විදිහට රබර් ඉලාස්ටික් පටි හඳුන්වන්න පුළුවන්.
භංගුරතාවය කියලා කියන්නේ යම්කිසි බලයක් යෙදුවොත් එය පහසුවෙන් කඩන්න කුඩු කරන්න හැකියාව ලැබීමයි. වීදුරු අඟුරු වගේ දේවල්වල මේ ලක්ෂණය දකින්න ලැබෙනවා.
වයනය කියලා කියන්නේ කියල කියන්නේ යම් ද්‍රව්‍යක් ස්පර්ශ කල විට අතට දැනෙන ගතිය. ඒක සිනිදු හෝ රළු වන්න පුළුවන්. පුයර පුලුන් වගේ දේවල් ඇල්ලීමේදී අතට සිනිඳු බවක් දැනෙනවා. වැලිකඩදාසි වගේ දේවල් ඇල්ලූවිට අතට දෙන්නෙ රළු බවක්.

මේ ඝන පදාර්ථ වල එකිනෙකට වෙනස් ඊට ආවේණික ඉහත සඳහන් කරපු ලක්ෂණ තමයි දකින්න ලැබෙන්නේ.
ජීවිතයේදී අපි වැඩිපුරම ඝන ද්‍රව්‍ය භාවිතා කරනවා. උදාහරණයක් විදියට අපි නිවසක් සකස් කරන කොට ඊට විවිධ කොටස් සඳහා විවිධ ඝන ද්‍රව්‍ය භාවිතා කරනවා. ඒවායේ හැඩය ශක්තිමත් භාවය සහ ආවරණය වී ප්‍රමාණය සහ ආකාරය අනුව ඒ සඳහා යොදාගන්න ඝණ ද්‍රව්‍ය වල අඩංගු විය යුතු ගුණාංග එකිනෙකට වෙනස් වෙනවා.
ඒ වගේම ආභරණ තැනීමේදී රත්රන් රිදී තඹ වගේ ලෝහ ද්‍රව්‍ය උපයෝගී කරගන්නවා. ඒවා වල පවතින තන්‍යතාව නිසා ලෝහ වලින් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම එදිනෙදා නිෂ්පාදන සඳහා ඝන ද්‍රව්‍යවල ප්‍රත්‍යස්ථ ගුණය ප්‍රත්‍යස්ථ ගුණයත් ඉතාම වැදගත් වෙනවා

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

4545 Views

Comments

arrow-up