6 ශ්‍රේණිය - විද්‍යාව පදාර්ථ හා ශක්තිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
12

6 ශ්‍රේණිය - විද්‍යාව පදාර්ථ හා ශක්තිය

6 ශ්‍රේණිය - විද්‍යාව පදාර්ථ හා ශක්තිය

මේ සූදානම් වෙන්නේ පදාර්ථය සහ ශක්තිය ගැන කතා කරන්න.

අවට වටපිටාව නිරීක්ෂණය කරපුවාම අපිට විවිධ ද්‍රව්‍ය දැකගන්න පුලුවන් වෙනවා. ඒවාට අපි විවිධ විදිහට නම් තබනවා. ඔබ අවට පරිසරය දැන් බලපුහාම ඔබට ඇසට පේන විදියට ඇඳ පුටු මේස ජලය වගේ දේවල් දැකගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබට නොපෙනෙන විදිහට පරිසරයේ වාතය රැඳිලා තියෙනවා. අපි අවට තියෙන ගොඩක් දේවල් වලට ස්කන්ධයක් තිබෙන අතර අවකාශයේ ඉඩක් ගන්නවා. යම් වස්තුවක අඩංගු වෙලා තියෙන පදාර්ථ ප්‍රමාණය එකේ ස්කන්ධය කියලා හහඳුන්වනවා. ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා කිලෝග්රෑම් ග්රෑම් මිලිග්රෑම් වගේ ඒකක පාවිච්චි කරනවා. විදියට ස්කන්ධය කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බර. අවට ඇති දේවල් වල ස්කන්ධය සහිත වීම සහ නැතිවීම පදනම් කරගෙන අපි අවට තියෙන දේවල් වර්ග කරන්න පුළුවන්.

ඒ අනුව ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දේවල් අතරට එකතුවෙන්නේ ජලය වාතය මේසය කිරි වගේ දේවල්.

ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් අත් කරගන්නෙත් නැති දේවල් අතරට ආලෝකය තාපය ශබ්දය වගේ දේවල් එකතු වෙනවා. අපි අවට තියෙන දේවල් පදාර්ථ සහ ශක්තීන් කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.

පදාර්ථය කියලා හඳුන්වන්න පුළුවන් වෙන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් අත්කරගන්න ගන්න දේවල් වලට. සාමාන්‍යයෙන් අපි මේ දේවල් වලට ද්‍රව්‍ය කියලා තමයි කියන්නේ.

ආලෝකයේ තාපය ශබ්දය වගේ දේවල් වලට ස්කන්ධයක් නැහැ. ස්කන්ධයක් නොමැතිව අවකාශයේ ඉඩක් ගන්නේ නැති දේවල් ශක්තීන් විදියට හඳුහඳුන්වනවා.

දැන් ඔබ පදාර්ථයක මූලික ලක්ෂණ දන්නවා. මේ සූදානම් වෙන්නේ පදාර්ථයේ විවිධ අවස්ථා හදුනාගන්න. පදාර්ථ භෞතිකව පවතින ආකාරය අනුව වර්ග කරන්න පුළුවන්. ඒ ඝන ද්‍රව වායු විදිහට.

ඝණ පදාර්ථ වලට නිශ්චිත හැඩයක් සහ පරිමාවක් තියෙනවා. ඒ කියන්නේ ඝණ පදාර්ථ වල හැඩය ලෙහෙසියෙන් වෙනස් වන්නේ නැහැ. ඊට තියෙන්නේ නිශ්චිත හැඩයක්. ඒ වගේම ඒවාට නිශ්චිත ප්‍රමාණයක් නැත්නම් පරිමාවක් තියෙනවා.
ද්‍රව පිළිබඳ සැලකීමේ දී ද්‍රව වලට නිශ්චිත පරිමාවක් තියෙනවා. නමුත් ඊට නිශ්චිත හැඩයක් නැහැ. ද්‍රවය අඩංගු භාජනයේ හැඩය ද්‍රවයේ හැඩය බවට පත්වෙනවා. මේ නිසා එක් එක් භාජන වලට ද්‍රව්‍ය දැමීමදී ඒවාට අනුරූපව ද්‍රවයේ හැඩය වෙනස් වෙනවා.
වායු වලට නිෂ්චිත හැඩයක් හෝ නිෂ්චිත පරිමාවක් ඇත්තේම නැහැ. වායු අවස්ථාවේ පවතින පදාර්ථ විදිහට අපිට ඔක්සිජන් වායුව කාබන්ඩයොක්සයිඩ් වායුව ජල වාෂ්ප හඳුන්වන්න පුළුවන්.

 

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3600 Views

Comments

arrow-up