9 ශ්‍රේණිය විද්‍යාව : පරමාණු
පදාර්ථය නිමවී ඇත්තේ ඉතා කුඩා අංශුවලින් වන අතර එම අංශු පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැක. පදාර්ථයේ තැනුම් ඒකකය වන මෙම කුඩා අංශු පරමාණු නම් වේ. මෙම අංශු 'තවදුරටත් බෙදා වෙන් කල නොහැකි' යන අරුත ඇති ග්‍රීක වචනයක් වන atomos යන්නට අනුව atom නමින් ජෝන් ඩෝල්ටන් විද්‍යාඥයා විසින් නම් කරන ලදී.
මුලද්‍රව්‍ය නිර්මාණය වී ඇත්තේ පරමාණු වලින් වන අතර එක මුලද්‍රව්‍යයක ඇත්තේ එකම වර්ගයේ පරමාණු වේ. විවිධ මුලද්‍රව්‍ය සැදී ඇත්තේ එකිනෙකට වෙනස් ඒවාට අදාල පරමාණු වලිනි. උදාහරණයක් ලෙස සෝඩියම් මුලද්‍රවය තැනී ඇත්තේ සෝඩියම් පරමාණු වලින් වන අතර ඔක්සිජන් මුලද්‍රව්‍යය තැනී ඇත්තේ ඔක්සිජන් පරමාණු වලිනි.
එකම වර්ගයේ හෝ වර්ග කිහිපයක පරමාණු දෙකකට හෝ කිහිපයකට එකිනෙක හා සම්බන්ධ විය හැකි අතර ඒවා අණු ලෙස නම් කෙරේ. එකම මුලද්‍රව්‍යයේ පරමාණු වලින් සෑදෙන අණු සමපරමාණුක අණු ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස නයිට්‍රජන් අණුව දැක්විය හැකිය. නයිට්‍රජන් සාමාන්‍ය පරිසරයේ පවතින්නේ නයිට්‍රජන් පරමාණු දෙකකින් සැදුම්ලත් නයිට්‍රජන් අණුවක් ලෙසයි.
ඒ අනුව මුලද්‍රව්‍ය එකම වර්ගයේ පරමාණු වලින් හෝ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කිහිපයක් එකිනෙක හා සම්බන්ධ විමෙන් සැදුනු අණුවලින් සමන්විත වේ.
මෙම පරමාණුවල ව්‍යුහය පිළිබඳව දැන් අපි සලකා බලමු. පරමාණුවේ විශාල ප්‍රමාණයක් හිස් අවකාශය වන අතර එහි මධ්‍යයේ ධන ආරෝපිත ලක්ෂ්‍යයීය න්‍යෂ්ටියක් ඇත. මෙම කරුණ සොයාගත්තේ අර්නස්ට් රදර්ෆ්‍රඩ් නම් විද්‍යාඥයා විසිනි. අතීතයේ පරමාණුව තවදුරටත් බෙදා වෙන් කල නොහැකි යයි සැලකුනත් පසුකාලින පරීක්ෂණ මඟින් පරමාණුව සැදී ඇත්තේ උප පරමාණුක අංශු වලින් බව සොයා ගැනුණි. ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රොන මෙම උප පරමාණුක අංශු වේ.
පරමාණුවල මධ්‍යයේ ඇති න්‍යෂ්ටිය ප්‍රෝටෝන හා නියුට්‍රෝනවලින් සැදී ඇති අතර ඒවා ධන ආරෝපිත වේ. ප්‍රෝටෝන හා නියුට්‍රෝනවලට වඩා අතිශයෙන් සැහැල්ලු වන ඉලෙක්ට්‍රොන න්‍යෂ්ටිය වටා ඇති හිස් අවකාශයේ චලනය වෙමින් පවතී. මෙම උප පරමාණුක අංශුවලට සාපේක්ෂ ආරෝපණ ඇත. ඒ අනුව නියුට්‍රෝන උදාසින (0) ලෙසත් ප්‍රෝටෝන ධන ආරෝපිත (+1) ලෙසත් ඉලෙක්ට්‍රොන ඍණ ආරෝපිත (-1) ලෙසත් සැලකේ.
මුලද්‍රව්‍යයක තොරතුරු දක්වන සම්මත සංකේත ක්‍රමයක් ඇති අතර එය පහත පරිදි වේ. මෙහි ස්කන්ධ ක්‍රමාංකය යනු පරමාණුවේ න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන හා නියුට්‍රෝන ගණනේ එකතුවයි. පරමාණුක ක්‍රමාංකය යනු පරමාණුවේ න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන ගණනයි. න්‍යෂ්ටිය තුල ඇති ප්‍රෝටෝන ගණන එක් එක් මුලද්‍රවය සඳහා අනන්‍ය ගුණයකි.
by D.S.Ishanthi.
Photo source : Internet
2383 Views
Comments