9 ශ්‍රේණිය විද්‍යාව : මිනිස් කනේ ව්‍යුහය
අද ලිපියෙන් අපි මිනිසාගේ ශ්‍රවණය සඳහා දායක වන කනේ ව්‍යුහය හා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව සලකා බලමු. මිනිස් කන බාහිර කන, මැද කන සහ ඇතුළු කන ලෙස ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන් කර අධ්‍යනය කළ හැකිය.
ශරීරයේ පිටතින්ම පිහිටි බාහිර කන කන් පෙත්ත, බාහිර ශ්‍රවණ නාළය හා කර්ණ පටහ පටලයෙන් සමන්විත වේ. කාටිලේජමය ව්‍යුහයක් වන කන් පෙත්ත මඟින් බාහිර පරිසරයේ වස්තු කම්පනය වීමෙන් ඇති වන ඇති ශබ්ද තරංග කන වෙත යොමු කර ගනී. එම ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාළය ඔස්සේ ගමන් කර කර්ණ පටහ පටලය කරා ලඟා වේ. එහිදී එම ශබ්ද තරංගයට අනුරූපව කර්ණ පටහ පටලය කම්පනය කර ඊට අදාල ශ්‍රවණ සංවේදනය ලබා ගනී.
බාහිර කනට ඇතුලතින් මැද කන පිහිටා ඇති අතර එය කර්ණ අස්ථිකා හා යුස්ටේකිය නාලයෙන් සමන්විත වේ. කර්ණ පටහ පටලයෙන් කර්ණ සංඛය වෙත කම්පන සම්ප්‍රේෂණය වන්නේ කර්ණ අස්ථිකා මඟින් වර්ධනයකට ලක් කර වන අතර මුද්ගරිකාව, නිඝාතිය සහ ධරණකය වශයෙන් කර්ණ අස්ථිකා 3ක් ඒ සඳහා ඇත. යුස්ටේකිය නාලය ග්‍රසනිකාවට සම්බන්ධ විවෘත නලයක් වන අතර එය කර්ණ පටහ පටලයේ දෙපස පීඩන සමානව තබා ගැනීමට උපකාරී වේ.
කනේ අභ්‍යන්තරයේම පිහිටි ඇතුළු කන කර්ණ සංඛය, ශ්‍රවණ ස්නායුව හා අර්ධ චක්‍රාකාර නාළවලින් සමන්විත වේ. ශ්‍රවන ස්නායුවේ අග්‍රය කර්ණ සංඛයේ පිහිටා ඇති අතර ශ්‍රවණ ස්නායුව මඟින් ශ්‍රවන සංවේදන මොළය කරා රැගෙන යයි. මැද කනෙහි ඇති අර්ධ චක්‍රාකාර නාළ සිරුරේ සමබරතාව රැක ගැනීමට උපකාරී වේ.
මිනිස් කනෙහි උපතේ සිටම හෝ වියපත් වීමත් සමඟ විවිධ ආබාධ ඇති විය හැකිය. ශ්‍රවණය අඩු වීම, බිහිරි බව හා ශ්‍රවණ අස්ථිකා ඝන වීම වැනි අබාධ කන ආශ්‍රිතව ඇති විය හැකිය. එමෙන්ම මිනිස් කනට ශ්‍රවණය කළ හැකි ශබ්ද තරංගවල නිශ්චිත සංඛ්‍යාත පරාසයක් (20 -20000 Hz )හා කනට දරා ගත හැකි උපරිම තීව්‍රතාවක් ඇත. එම තීව්‍රතාව ඉක්මවීමෙන් කනට හානි විය හැකිය. එමෙන්ම කනට පහර දීම, බාහිර ද්‍රව්‍ය ඇතුළු කිරීම, වෛද්‍ය උපදෙස්වලින් තොරව විවිධ ඖෂධ කනට දැමීම හා පීඩනය අධික ගැඹුරු දියේ ආරක්‍ෂිත උපාංග නොමැතිව කිමිදීම වැනි ක්‍රියාකාරකම් නිසාද කනට හානි ඇති විය හැකිය. මෙවැනි ක්‍රියාකාරකම්වලින් වැලකිමෙන් ඔබට ඔබේ කන හා ශ්‍රවණය රැක ගත හැකි වනු ඇත.
30872 Views
Comments