9 ශ්‍රේණිය විද්‍යාව : පදාර්ථයේ ස්වභාවය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
27

9 ශ්‍රේණිය විද්‍යාව : පදාර්ථයේ ස්වභාවය

9 ශ්‍රේණිය විද්‍යාව : පදාර්ථයේ ස්වභාවය

පදාර්ථය මුලික වශයෙන්ම සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කල හැකිය. සංශුද්ධ ද්‍රව්‍ය යනු නිශ්චිත ගුණ සහිත සංඝටක එකක් පමණක් අඩංගු පදාර්ථ වේ. එවැනි සංශුද්ධ සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණනක් අඩංගු පදාර්ථ සංශුද්ධ නොවන ද්‍රව්‍ය එසේත් නැතිනම් මිශ්‍රණ ලෙස හැඳින්වේ. සංශුද්ධ ද්‍රව්‍යක් වන ආසුත ජලය හා සංශුද්ධ නොවන ද්‍රව්‍යක් වන පානිය ජලය පිළිබඳව සැලකීමෙන් මෙහි වෙනස ඔබට වටහා ගත හැකිය.

 

සංශුද්ධ ද්‍රව්‍ය නැවතත් මුලද්‍රව්‍ය හා සංයෝග ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කර අධ්‍යනය කළ හැකිය. භෞතික හෝ රසායනික ක්‍රම මඟින් වෙනස් ගුණ ඇති ද්‍රව්‍ය බවට තවදුරටත් වෙන් කළ නොහැකි නිශ්චිත ගුණ සහිත සංශුද්ධ ද්‍රව්‍ය මුලද්‍රව්‍ය ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් යනාදී වශයෙන් මුලද්‍රව්‍ය 120ක් පමණ දැනට සොයා ගෙන ඇත. මුලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් යම්කිසි අනුපාතයකට රසායනිකව සංයෝජනය වී සැදුණු නිශ්චිත ගුණ සහිත සංශුද්ධ ද්‍රව්‍ය සංයෝග නම් වේ. මෙවැනි සංයෝග ගැණිය නොහැකි තරම් ප්‍රමාණයක් පරිසරයේ පවතී. මුලද්‍රව්‍ය වන සෝඩියම් හා ක්ලෝරීන් එක්ව සාදන සෝඩියම් ක්ලෝරයිඩ් සංයෝගය පිළිබඳව සැලකීමේදී ඔබට මුලද්‍රව්‍ය හා සංයෝගවල වෙනස වටහා ගත හැකිය.

 

මේ ලිපියෙන් අපි ඉහත සඳහන් කළ පදාර්ථයේ විවිධ කොටස් අතරින් මුලද්‍රව්‍ය පිළිබඳව වැඩිදුර අධ්‍යනය කරමු. දැනට සොයාගෙන ඇති එකිනෙකට වෙනස්ව හැඳින්වීම සඳහා අන්තර්ජාතිකව පිලිගත් සංකේත සම්මුතියක් යොදා ගනී. මෙහිදී එක් එක් මුලද්‍රව්‍යය හැඳින්වීම සඳහා ඉංග්‍රීසි අකුරු භාවිත කෙරේ. මේවා බොහෝ විට මුලද්‍රවයේ නමට අදාලව යෙදෙන අකුරු වේ.

 

තනි අකුරක් මුලද්‍රව්‍යක සංකේතය ලෙස භාවිතා වේ නම් එය අනිවාර්යෙන්ම කැපිටල් අකුරක් වේ. උදාහරණ ලෙස හයිඩ්‍රජන්(H),  කාබන් (C) හා ඔක්සිජන් (O) වැනි මුලද්‍රව්‍ය දැක්විය හැකිය.

 

 

මෙලෙස මුලද්‍රව්‍ය කිහිපයක මුල් අකුරු සමාන වුවහොත් ඒවායේ නමට අදාලව දෙවෙනි අකුරක්ද යොදාගන්නා අතර එහිදි ද මුල අකුර කැපිටල් විය යුතු නමුත් දෙවෙනි අකුර සිම්පල් විය යුතුය. උදාහරණ ලෙස හීලියම්(He), ලිතියම්(Li) හා ක්ලෝරීන්(Cl) වැනි මුලද්‍රව්‍ය දැක්විය හැකිය.

 

තවත් සමහර මුලද්‍රව්‍යවල සංකේත ඒවායේ ලතින් නම ඇසුරින් ගොඩනැඟී ඇත. උදාහරණ ලෙස සෝඩියම්(Na), පොටෑසියම්(K) හා කොපර්(Cu) වැනි මුලද්‍රව්‍ය දැක්විය හැකිය.

 

විවිධ අවස්ථාවලදී මුලද්‍රව්‍ය හඳුනා ගැනීමට හා ඒවා පිළිබඳව නිවැරදිව සන්නිවේදනය කිරීමට මෙම අන්තර්ජාතික සම්මුතිය ඉතා වැදගත් වේ.

 

 

 

 

 

 

 

 

by D.S.Ishanthi.

Photo source : Internet

views

4506 Views

Comments

arrow-up