8 ශ්‍රේණිය විද්‍යාව : සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත සංසිද්ධි හා ගවේෂණ

ඔබගේ පෙළ පොතෙහි සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත සංසිද්ධි හා ගවේෂණ යන පාඩම ඔස්සේ මෙම ලිපිය ඔබ වෙත ගෙන එනවා. මෙහි මුලින්ම සෞරග්‍රහ මණ්ඩලය යනු කුමක්ද යන්න අපි කතා කරමු.
රාත්‍රී අහස නිරීක්ෂණය කළවිට ආකාශ වස්තු රාශියක් ඔබට දැකගන්නට පුළුවන් මෙම ආකාශ වස්තු පිළිබඳව අතීතයේ සිටම මිනිසුන් තුළ කුතුහලයක් පැවතුනා.එමනිසා ඔවුහු පියවි ඇසින් ලබාගත් නිරීක්ෂණ ඇසුරින් ආකාශ වස්තු පිළිබඳව තොරතුරු රැස් කළා . පසු කාලෙක ඒ සඳහා විවිධ උපකරණ නිර්මාණය කිරීමට හා ඒවා යොදා ගන්න මිනිස්සු පෙළඹුනා. මිනිසුන් රහිත හා මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා හා අභ්‍යවකාශ මධ්‍යස්ථාන ආදිය ඒවායින් කීපයක් .අතීතයේ සිටම මේ දක්වා රැස්කර ගත් තොරතුරු ඇසුරෙන් සූර්යයා පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලයට අයත් වන බව ඔබට මේ වන විටත් අවබෝධයක් තිබෙන්නට ඇත.
ග්‍රහලෝක තමා වටා භ්‍රමණය වන අතර සූර්යයා වටා පරිභ්‍රමණය වේ.ග්‍රහලෝකයක භ්‍රමණ කාලය යනු එය තම අක්ෂය වටා එක් වරක් කැරකවීමට ගතවන කාලයයි .එය එම ග්‍රහලෝකයෙහි දවසක කාලයක් ලෙස හඳුන්වනවා. නිදසුනක් වශයෙන් පෘථිවියේ භ්‍රමණ කාලය පැය විසි හතරකි ඒ අනුව පෘථිවියේ දවසක් පැය විසිහතරක්වේ.
ග්‍රහලෝකයක පරිභ්‍රමණ කාලය යනු එයට සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට ගතවන කාලයයි .එය එම ග්‍රහලෝකයේ වර්ෂයකි. නිදසුනක් වශයෙන් පෘථිවිය සැලකූ විට පෘථිවියේ පරිභ්‍රමණ කාලය දින 365.25කි.එය පෘථිවි වර්ෂයකි.
ග්‍රහලෝකයක් භ්‍රමණය වන්නේ එහි අක්ෂය වටා ය ග්‍රහලෝකයක් සූර්යයා වටා ගමන් කරන මාර්ගය එහි කක්ෂය වේ. සැම ග්‍රහ ලෝකයක්ම එහි කක්ෂ තලයට සිරස අඳින ලද අභිලම්බය ට යම් ආනතියක් සහිතව ගමන් කරයි .නිදසුනක් ලෙස පෘථිවි කක්ෂ තලයට සිරස් අඳින ලද අභිලම්බය අංශක 23.5ක් ආනතව පිහිටා තිබේ.
බොහෝ ග්‍රහලෝක වටා ද උපග්‍රහයන් දකින්නට ලැබෙනවා ඒවාද ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වන අතර ග්‍රහයා වටා පරිභ්‍රමණය සිදු කරනවා .සෞරග්‍රහ මන්ඩලයේ හි ප්‍රධාන වශයෙන් ග්‍රහලෝක අටක් තිබෙනවා .(නමුත් මෙහි බුධ සහ සිකුරු යන ග්‍රහලෝක වලට උප ග්‍රහයන් නොමැත )
- බුධ
- සිකුරු
- පෘථිවිය
- අඟහරු
- බ්‍රහස්පති
- සෙනසුරු
- යුරේනස්
- නෙප්චූන්
ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වීමේදී සූර්යයා මගින් ග්‍රහලෝක කෙරෙහි ගුරුත්වාකර්ෂණ බලයක් ක්‍රියා කරනවා. මෙම බලයට හසුවී ග්‍රහලෝක සූර්යයා වෙතට ඇදී ගොස් විනාශ විය හැකි වේගය වැඩි වූ විට ඉවතට විසිවී යා හැකි එසේ නොවන්නේ නම් ග්‍රහලෝක සූර්යයා වටා පරිභ්‍රමණය වන නිසා ය.
මෙම ලිපිය තුළ ඔබට ගෙන එනු ලැබුවේ සෞරග්‍රහ මණ්ඩලය ආශ්‍රිත සංසිද්ධි පිළිබඳ මූලික සිද්ධීන් ය .මෙම විද්‍යාව පාඩම් මාලාවේ ඉදිරි ලිපි වලදී සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ වැඩිදුරටත් කතාකරමු.
by Dilki Shamani
Photo source : Internet
6524 Views
Comments