8 ශ්‍රේණිය විද්‍යාව : ආහාර පරිරක්ෂණයේ වාසි හා අවාසි

අපි ඔබට විද්‍යාව පාඩම් මාලා කිහිපයකම ආහාර පරිරක්ෂණය පිළිබඳව මාතෘකා කිහිපයක් ඔස්සේ කතා කරනු ලැබුවා.මෙම ලිපිය තුළ ද කතා කරනු ලබන්නේ ආහාර පරිරක්ෂණය පිළිබඳව කතා කරීමේදී දැනගත යුතු තවත් කරුණු පිළිබඳවයි . ආහාර පරිරක්ෂණය පිළිබඳව කතා කිරීමේදී එහි වූ වාසි හා අවාසි පිළිබඳ වත් අධ්‍යනය කිරීම වැදගත් වෙනවා.
පරිරක්ෂිත ආහාර වල වාසි සහ අවාසි පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඔබ දැන ගත යුතු කරුණු බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් වාසි පිළිබඳව අධ්‍යයනය කළහොත් ආහාර පරිරක්ෂණය මඟින් ආහාර නරක් වීම වළක්වා ගත හැකි වේ .මෙහිදී නරක් වූ ආහාර පරිභෝජනය නිසා සිදුවන විෂ ශරීරගත වීම සහ රෝග ඇතිවීම වළක්වාගත හැකිය.එකම අහාර ප්‍රභවය විවිධ ආකාරයට සකසා ඇති නිසා රුචිකත්වය අනුව තෝරාගත හැකි වීමත් ආහාර වලට වඩාත් ආකර්ෂණීය පෙනුමක් දිය හැකි වීමත් ආහාර පරිරක්ෂණයේ තවත් වාසි කීපයකි.එසේම ඇතැම් ආහාර වල පවත්නා ස්වරූපය වෙනස් කිරීමෙන් පෝෂණ ගුණය ඉහළ නැංවීමට හැකි වීම (යෝගට් චීස් වැනි කිරි ආහාර ) මෙන්ම කෘමින් සහ වෙනත් සතුන්ගෙන් වන හානිය අවම වීම වැනි දේ ආහාර පරිරක්ෂණයේ ප්‍රධාන වාසි අතර වෙනවා .
ආහාර පරිරක්ෂණයේ අවාසි පිළිබඳවත් ඔබ දැන සිටීම බොහෝ විට වැදගත් වෙනවා. ඒ අනුව අවාසි පිලිබඳව කතා කළහොත් ප්‍රමිතියෙන් තොර ආකලන ද්‍රව්‍ය එකතු කිරීම හෝ නිර්දේශිත ප්‍රමාණයට වඩා එකතු කිරීමෙන් විවිධ රෝගාබාධ ඇතිවීම, කෘතිම රසකාරක වර්ණක ආදී කෘතිම ද්‍රව්‍ය නිසා එම ආහාර පරිභෝජනයෙන් ලෙඩ රෝග ( පිළිකා දියවැඩියා හෘදයාබාධ වැනි )සෑදීමට ඇති අවධානම වැඩි වීම මෙහි ඇති ප්‍රධාන අවාසි වේ.සැකසීමේදී ඇතැම්විට විටමින් සහ වෙනත් පෝෂක වලට හානි සිදුවිය හැකි වීම ,ආහාර ආවේණික රස සුවඳ හා වර්ණය වෙනස් වීමේ අවදානමක් තිබීම, හා ක්ෂණික ආහාර පරිභෝජනයට හුරු වීම නිසා ස්වභාවික ආහාර වලට ඇති රුචිකත්වය අඩු වීම වැනි කරුණු ආහාර පරිරක්ෂණයේ අවාසි ලෙස පෙන්වා දිය හැකිය.
ආහාර පරිරක්ෂණයේ වාසි අවාසි පිළිබඳව අධ්‍යනය කරනවා සේම ආහාර ඇසුරුම් කරණය පිළිබඳවත් ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් ම තිබෙනවා .අහාර අසුරුම් කරනය පිළිබඳව කතා කිරීමේදී ආහාර ඇසුරුම් ලේබලය පිළිබඳව කතා කළ යුතුයි .ආහාර ඇසුරුම් ලේබලයක් සැළකූ විට එහි නිෂ්පාදිත දිනය හා කල් ඉකුත්වන දිනය ,ශුද්ධ බර ,නිෂ්පාදකයාගේ විස්තර හා ඇසුරුමෙහි පරිසර හිතකාමී බව හා පුද්ගල හිතකාමී බව අඩංගු විය යුතු කරුණු අතර වෙනවා .ඔබ වෙළෙඳ පොළෙන් භාණ්ඩයක් මිලදී ගන්නවනම් ඒවායේ ගුණාත්මක භාවය මෙන්ම ඇසුරුම් ලේබලයේ ඇති තොරතුරු පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත් එම නිසා හැකි සෑම විටම ස්වභාවික ආහාර පරිභෝජනයට ගැනීම සෞඛ්‍යයට හිතකර වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
2236 Views
Comments