11 ශ්‍රේණිය විද්‍යාව : සම්බන්ධක පටක ස්නායු පටක

මෙම ලිපිය ගෙන එනු ලබන්නේ මිනිස් දේහය තුල පවතින වූ විශේෂිත කෘත්‍යයන් ඉටු කරන සම්බන්ධක පටක හා ස්නායු පටක පිළිබඳව වැඩිදුර අධ්‍යනයක් සිදු කිරීම සදහායි.
සම්බන්ධක පටක
පෘෂ්ඨවංශී දේහ තුළ තුල ඇති ප්‍රධාන පටක වර්ග අතරින් සම්බන්ධක පටක සෛල වර්ග කිහිපයකින් හා තන්තු වලින් සමන්විතය.මෙම සෛල හා තන්තු මගින් විශාල පූරකයක් තුළ ගිලී පවතී බොහෝ සම්බන්ධක පටක වලට ස්නායු සැපයුමක් හා රුධිර සැපයුමක් පවතිනවා .මෙම සම්බන්ධයක පටක සදහා නිදසුන් වශයෙන් රුධිර පටක හා අස්ථි පටක යන දෙවර්ගය සදහන් කල හැකිය.
මෙයින් රුධිර පටක පිළිබඳව කතා කිරීමේ දී රුධිරය විශේෂ සම්බන්ධක පටකයකි.මෙහි පූරකය (රුධිර ප්ලාස්මය )ශ්‍රාවය වන්නේ රුධිර සෛල මගින් නොවීම මෙහි මෙහි වූ විශේෂත්වයයි.මිනිස් දේහයේ විවිධ අවයව හා පටක අතර මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට රුධිර පටක බෙහෙවින් උපකාරී වේ .
රුධිර පටක රුධිර ප්ලාස්මය ලෙස හඳුන්වන තරලමය පූර්වකයකින් හා දේහානු වලින් සමන්විත වේ.මෙහි රතු රුධිරාණු සුදු රුධිරාණු හා පට්ටිකා ප්ලාස්මය තුළ අවලම්භනය වී පවතී එසේම රුධිර පට්ටිකා සැලකීමේදී එය සෑම විටම තුල තන්තු දකින්නට නොලැබෙන අතර රුධිර කැටි ගැසීමේ දී පමණක් තන්තු ඇතිවේ.
රුධිර පට්ටිකා මගින් ද්‍රව්‍ය පරිවහනය සිදු කරයි එනම් රුධිර පටකය මගින් ශ්වසන වායු පෝෂණ ද්‍රව්‍ය බහිස්‍රාවී ද්‍රව්‍ය හා හෝමෝන අදාල අවයව කරා පරිවහනය සිදු කරයි .රුධිර පටකය ඇති සුදු රුධිරාණු සෛල මගින් භක්ෂනයෙන් හා ප්‍රතිදේහ නිපදවීම මගින් විසබීජ විනාශ කර දේහයට අවශ්‍ය ආරක්ෂාව සපයයි .විශේෂයෙන්ම සමස්ථිතිය පවත්වා ගැනීමට රුධිර පට්ටිකා උපකාරී වේ.
ස්නායු පටක
සත්ව දේහය තුළ පවතින තවත් විශේෂ පටක වර්ගයක් වන්නේ ස්නායු පටකයි .පෘෂ්ඨවංශීන්ගේ දකින්නට ලැබෙන ඉතා වැදගත් පටකයක් ලෙස මෙම ස්නායු පටකය හැඳින්විය හැකිය .ස්නායු පටකයේ තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ .මෙයින් ආවේග සම්ප්‍රේෂණය සඳහා නියුරෝන වන විශේෂණය වී පවතිනවා .
නියුරෝන පිළිබඳව කතා කිරීමේ දී ඒ ප්‍රධානම වශයෙන් කොටස් දෙකකින් සමන්විතය එනම් සෛල දේහය හා ප්‍රසරයි.සෛල දේහය තුළ න්‍යෂ්ඨිය මයිකොන්ඩ්‍රියා ගොල්ගිසංකීර්ණය රයිබසෝම අන්තඃප්ලාස්මීය ජාලිකා ආදී ඉන්ද්‍රිකා පිහිටා තිබෙන අතර සෛල දේහයෙන් විහිදෙන එක් ප්‍රසරක් පවතී එය අක්සනය වේ. මෙම අක්සනය මගින් සෛල දේහයෙන් ඉවතට ආවේග ගෙන යයි .අනුශාඛිකා සෛල දේහය ට සම්බන්ධ වී පවතින ප්‍රසර වන අතර ඒවා මගින් උත්තේජ ප්‍රතිග්‍රහණය කර ඒ බව සෛල දේහයට සන්නිවේදනය කරයි . පෘෂ්ඨවංශීන්ගේ අක්සය වටා මයලීන් කොපු පිහිටන අතර මයිලීන් කොපු නොපිහිටන ස්ථාන රැන්වියර් ගැට ලෙස හදුන්වයි .මයිලීන් කොපු පිහිටීම මගින් ආවේග සන්නයනය වේගවත් වේ .
ඇස කන නාසය දිව සම යන ප්‍රතිග්‍රාහක මගින් හෝ වෙනත් නියුරෝන මගින් ලබා ගන්නා තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතියට හෝ තවත් නියුරෝනයකට සම්ප්‍රේෂණය කිරීම ද මධ්‍ය ස්නායු පද්ධතියේ සිට පේශි වෙතට ආවේග සම්ප්‍රේෂණය කිරීම ද නියුරෝන මගින් ප්‍රධාන වශයෙන් සිදු කරන කෘත්‍ය වේ.
by Dilki Shamani
Photo source : Internet
2308 Views
Comments