7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා විජයබාහු රජතුමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා විජයබාහු රජතුමා

7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා විජයබාහු රජතුමා

ආදරණීය දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔබගේ ඉතිහාසය විෂය ධාරාවට අදාළව 6 වැනි පාඩමයි. මෙහිදී මහා විජයබාහු රජතුමා පිළිබඳව සැලකිය යුතු ප්‍රමාණයක අවබෝධයක් දූලා පුතාලට ලබාදීමට අපේක්ෂා කරයි.

පළමුවන විජයබාහු රජතුමා හෙවත් මහා විජයබාහු රජතුමා ලංකා ඉතිහාසයේ එන ශ්‍රේෂ්ඨ පාලකයෙකි. විජයබාහු රජතුමා රජවීමට පෙර කුඩා අවධියේදී කිත්ති යන නමින් හැඳින්විණි. කුමරුගේ පියා මහාසාමි මොග්ගල්ලාන ය. මව ලෝකිතා දේවියයි. මේ රජතුමා ගැන හැදෑරීමේ දී වැදගත් වන මූලාශ්‍ර කිහිපයක් වේ. එනම් මහාවංශය, පනාකඩුව තඹ සන්නස සහ අඹගමුව ශිලා ලිපියයි. ක්‍රිස්තුවර්ෂ 1017 දී දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යයේ පාලකයා වූ පළමුවන රාජේන්ද්‍ර රජු ලංකාව ආක්‍රමණය කර පස්වන මිහිඳු රජතුමා සිරකරුවෙක් ලෙස චෝල දේශයට රැගෙන ගියේය. එතැන් සිට ක්‍රිස්තු වර්ෂ 1070 දක්වා රජරට පාලනය කරන ලද්දේ චෝල පාලකයන් විසිනි. මේ අවධියේදී චෝලයින් මෙරට රාජ්‍යයට උරුමකම් කී කුමාරවරුන් සොයමින් මරණයට පත්කිරීමට උත්සාහ දරා ඇත. පස්වන මිහිඳු රජුගේ පුත් කස්සප සොයා මරා දැමීමට කීප වරක්ම චෝලයන් දැරූ උත්සාහය අසාර්ථක විය.

පස්වන මිහිඳු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1029 යෙදී චෝල දේශයේ දී මිය ගියේය. එයින් පසුව ලාංකිකයෝ රුහුණු රට මුල්කරගෙන චෝළ විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කළේය. මේ කාලයේදී තමන්ට විරුද්ධව රුහුණේ දේශපාලන බලයක් ගොඩනැගීම වැළැක්වීමට චෝලයන් උපායශීලීව කටයුතු කර තිබේ. එහි දී චෝලයන් අනුගමනය කළ උපායන් කිහිපයක් වේ. එනම් වරින්වර පොලොන්නරුවේ සිට රුහුණට කඩා වැදී සම්පත් විනාශ කිරීම සහ රාජ්‍ය උරුමකරුවන් ඝාතනය කිරීමයි. මෙමගින් රෝහණය දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට චෝලයන් උත්සාහ ගත් බව පෙනේ. විජයබාහු රජු රුහුණේ බලය ලබා ගැනීමට පෙර එම ප්‍රදේශයේ පාලකයන් අතරද එක්සත්කමක් නොතිබුණි. එම තත්ත්වයෙන් ද චෝලයන් වාසි ලබා ගත්හ.

විජයබාහු රජුට ඔහුගේ ළමා කාලයේ සිටම උපකාර කල ප්‍රභූවරයෙක් සිටියේය. රුහුණේ සිත්නරු බිම් බුදල්නා හෙවත් බුද්ධරාජ යනු එකී ප්‍රභූවරයාගේ. බුද්ධරාජ කිත්ති කුමරු ඇතුළු රජ පවුලට ආරක්ෂාව සපයමින් සතුරන්ට එරෙහිව සටන් මෙහෙය වමින් කුමරුට රුහුණේ බලය ලබා ගැනීමට උපකාර කළේය. බුද්ධරාජ සෙන්පතිගේ සේවය ගැන පනාකඩුව තඹ සන්නසේ තොරතුරු සඳහන්ය. විජයබාහු රජුගේ චරිතය දෙස බලන විට ළමා කාලයේ සිටම සතුරන්ගෙන් රට නිදහස් කර ගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් ඔහු කටයුතු කළ බව පෙනේ. මෙම අරමුණ ඉටු කර ගැනීමට ක්‍රියා කිරීමේදී මුලින්ම රුහුණේ රජකම ලබාගැනීම සඳහා සටන් කිරීමට කිත්ති කුමරුට සිදු විය. කිත්ති කුමරු 1055 දී කතරගම පාලන මධ්‍යස්ථානය කර ගනිමින් පළමු වන විජයබාහු නමින් රජ විය.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

photo source : Internet

 

views

7452 Views

Comments

arrow-up