7 ශ්‍රේණිය - ICT : . සුරක්ෂිතව සහ සදාචාරාත්මකව අන්තර්ජාලය
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
16

7 ශ්‍රේණිය - ICT : . සුරක්ෂිතව සහ සදාචාරාත්මකව අන්තර්ජාලය

7 ශ්‍රේණිය - ICT : . සුරක්ෂිතව සහ සදාචාරාත්මකව අන්තර්ජාලය

අපි දැන් ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පාඩමේ 6 වැන්නයි. සුරක්ෂිතව සහ සදාචාරාත්මකව අන්තර්ජාලය භාවිතා කරන ආකාරය පිළිබඳව දූලා පුතාලට කිසියම් හෝ අවබෝධයක් ලබාදීම මෙම ලිපියෙහි අරමුණයි.

පරිගණක පද්ධතියක් අනවසර පිවිසීම් වලින් ආරක්ෂා කරගැනීම ඉතාමත් වැදගත් බව දූලා පුතාලා දන්නවාද. අනවසර පිවිසුමක් යනු පරිගනකයක හෝ පරිගණක ජාලයක ඇති දත්ත සහ තොරතුරු වෙත නිසි අවසරයකින් තොරව ප්‍රවේශ වීමයි. ඒ සඳහා ඔබට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතී. අන්තර්ජාලය තුල භාවිතා කරන ගිණුම් පරිශීලක නාම සහ මුර පද යොදා ආරක්ෂා කිරීම, අන්තර්ජාලයට ප්‍රවේශ වීමට භාවිතා කරන පරිගණකය හෝ ජංගම දුරකථනය පරිශීලක නාම සහ මුර පද යොදා ආරක්ෂා කිරීම, පරිගනකය තුල ඇති ගොනු ගොනු බහලුම් වැඩසටහන් ආදිය හැකි සෑම විටම මුර පද යොදා ආරක්ෂා කිරීම, පරිගණකයේ දෘඩ තැටිය encrypt කිරීම, අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා භාවිතා කරන සේවා පරිශීලක නාම සහ මුර පද යොදා සුරැකීම, දත්ත සහ තොරතුරු වල උපස්ථ තබා ගැනීම, ආරක්ෂාව සඳහා භාවිතා කරන ප්‍රති වෛරස මෘදුකාංග වැනි පහසුකම් නිසි පරිදි යාවත්කාලීන කිරීම නවසර පිවිසුම් වලින් ආරක්ෂා වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයකි.

තවද වෛරස ප්‍රහාරවලින් ආරක්ෂා වීමද ඉතාමත් වැදගත්. වෛරසයක් යනු අනිෂ්ට මෘදුකාංග වර්ගයකි. පරිගණක වයිරස මගින් පරිගණකයේ කටයුතු වලට බාධා ඇති කරයි. වෛරසයක් පරිගනකයට ඇතුලු වී තමාගේ අනුපිටපත් පරිගණකය තුළ පතුරුවයි. එය පරිගණකයේ කාර්යක්ෂමතාව අඩුවීමට බලපායි. එසේම පරිගණකයේ තිබෙන දත්ත විකෘති කිරීම හෝ ඇතැම් අවස්ථාවලදී දත්ත මකා දැමීම සිදුකරයි. වෛරස ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පවතී. ප්‍රතිවයිරස මෘදුකාංගයක් ස්ථාපනය සහ නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම, අන්තර්ජාලය භාවිතා කරන්නේ නම් ආරක්ෂිත වෙබ් අඩවි භාවිතා කිරීම, ප්‍රතිවෛරස මෘදුකාංග මගින් පෙන්වන අසාදුගත වෙබ් අඩවි භාවිත නොකිරීම, තිරය මත එකවර පෙනී යන කවුළු මත ක්ලික් නොකිරීම, සැක සහිත විද්‍යුත් තැපෑල සහ ඇමුණුම් විවෘත නොකිරීම යනාදිය එම ක්‍රියාමාර්ග කිහිපයකි. නීතිමය අවසරයක් නොමැතිව මෘදුකාංගයක් පිටපත් කිරීම හෝ එහි අනුපිටපත් ළඟ තබා ගැනීම හෝ විකිණීම හෝ මෘදුකාංග කොල්ලකෑම ලෙස හඳුන්වයි. එසේ කිරීමට බලය ඇත්තේ එම මෘදුකාංගය නිෂ්පාදනය කළ තැනැත්තාට හෝ සමාගමට එනම් එහි නීතිමය හිමිකරුට පමණි. සයිබර් හිරිහැර කිරීම යනු පුද්ගලයකුට හෝ ආයතනයකට අපහාස හිරිහැර වන අන්දමින් අසත්‍යය සහ අපහසුතාවයට පත්වන තොරතුරු අන්තර්ජාලය හරහා මුදා හැරීමයි. අපහාස වන අන්දමේ ඡායාරූප පළ කිරීම, ඒවාට අදහස් දැක්වීම, වීඩියෝ ඇතුලත් කිරීම ආදිය මගින් සිදුකරනු ලබන cyber හිරිහැර කිරීම් නීතිවිරෝධී අපරාධ ගනයට අයත් වේ. පරිගණක භාවිතා කිරීමේ දී පුද්ගලික අනන්‍යතාවය දැක්වෙන දත්ත සහ තොරතුරු සොරා ගැනීම වැනි උපක්‍රම වලට මුහුණ දීමට සිදුවේ. අන්තර්ජාලය භාවිතා කරන්නේ නම් එවැනි උපද්‍රව වලට ලක්වීමේ අවධානම වැඩි බවත් මතකයේ තබාගන්න.

තවත් රසවත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණික පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

2337 Views

Comments

arrow-up