6 ශ්‍රේණිය විද්‍යාව : ඩයෝඩ හා ප්‍රතිරෝධක

ඉලෙක්ට්‍රොනික උපකරණ පරීක්ෂා කිරීමේදී එහි අඩංගු වන උපාංග කිහිපයක් තියෙනවා.
ඩයෝඩය
විදුලි ධාරාව එක් දිශාවකට පමණක් ගැනීමට ගැලීමට සැලැස්වීම ඩයෝඩයේ ප්‍රධාන කාර්යය විදියට හඳුන්වනවා. ඩයෝඩයක් හරහා විදුලිය ගමන් කරන්නේ ධන අග්‍රයේ සිට සෘණ අග්‍රයටයි. ඒ නිසා ඩයෝඩයේ අග්‍ර ධන අග්‍රය කෝෂයේ ධන අග්‍රයටත් ඩයෝඩයේ සෘණ අග්‍රය කෝෂයේ ඍණ අග්‍රයටත් සම්බන්ධ කළ යුතු වෙනවා. විවිධ වර්ගයේ ඩයෝඩ වෙළඳපොළේ තියෙනවා. බහුලවම භාවිතා කරන්නේ සෘජුකාරක ඩයෝඩයයි. ඊට අමතරව ආලෝක විමෝචක ඩයෝඩ වෙළඳපොලේ දකින්න ලැබෙනවා. ගුවන්විදුලිය රූපවාහිනි යන්ත්‍ර ආදියෙන් විදුලිය සැපයුම් අවස්ථාවන්වලදී දැල්වෙන කුඩා විදුලි බුබුළු ඔබ දැක තිබෙනවා නේද? මේවා හඳුන්වන්නේ ආලෝක විමෝචක ඩයෝඩ විදියටයි. ඒවා විදුලි බුබුළු නොවෙයි. ඒවා LED ලෙස හඳුන්වනවා. LED වල කුඩා ධාරාවක් යැවීමට සැලැස්වීමෙන් ඉන් ආලෝකය නිකුත් වෙනවා. LED වල අග්‍ර වලින් දිගින් වැඩි අග්‍රය ධන අග්‍රය විදිහටත් දිගින් අඩු අග්‍රය ඍණ අග්‍රය විදිහට හඳුන්වනවා.
ප්‍රතිරෝධක
යම් පරිපථ එක විද්‍යුත් ධාරාව ගමන් කිරීමට බාධා කරවීම ප්‍රතිරෝධය කියලා හඳුනනවා. මේ නිසා විද්‍යුත් පරිපථයක ගලන ධාරාව පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක යොදා ගන්නවා. ප්‍රතිරෝධය මනින්නේ ඕම් නැමති අගයෙන්. අද වන විට විවිධ ප්‍රතිරෝධක දකින්න ලැබෙනවා. ඒ අතර
• ස්ථිර ප්‍රතිරෝදක
• විචල්‍ය ප්‍රතිරෝධක
• ආලෝක සංවේදක ප්‍රතිරෝධක LRD
තියෙනවා. ස්ථිර ප්‍රතිරෝධකයකින් විදුලි ධාරාවේ අගය වෙනස් කළ නොහැකියි. විචල්‍ය ප්‍රතිරෝධකයකින් විදුලි ධාරාවේ අගය වෙනස් කිරීමට හැකියාව ලැබෙනවා. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයකින් ආලෝක ප්‍රමාණය අනුව ප්‍රතිරෝධය පාලනය කළ හැකි වෙනවා. විද්‍යාගාරයේ විවිධ පර්යේෂණ සිදු කිරීම්වලදී පරිපථ තුලින් ගලන ධාරාව වෙනස් කර ගැනීමට අවශ්‍ය වෙනවා. මේ සඳහා ධාරා නියාමකය නම් විචල්‍ය ප්‍රතිරෝධකය භාවිතා කරනවා.
ඔබට මේ විවිධ වර්ගයේ ප්‍රතිරෝධක යොදාගෙන විවිධ පර්යේෂණ සිදු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට LED එකක් හා LRD එකක් වියලිකෝෂ දෙකක් සම්බන්ධ කම්බියක් ස්විචයක් මිලි මීටරයක් යොදාගෙන පරිපථයක් නිර්මාණය කරන්න පුළුවන්. පරිපථයේ ස්විච ක්‍රියාත්මක කිරීමේදී LRD එක ආලෝකයට නිරාවරණය කරමින් ඇමීටර පාඨාංකය නිරීක්ෂණය කරන්න. ක්‍රමයෙන් LRD එක අඳුරු කරමින් අතින් ආවරණය කරමින් මිලි ඇමීටර පාඨාංක නිරීක්ෂණය කරන්න. මිලි ඇමිටරය වෙනුවට LED එකක් සවිකර ක්‍රියාකාරකම නැවත සිදු කරන්න පුළුවන්. මේ විදියට විවිධ පර්යේෂණ සිදු කිරීමේදී ඒවායේ ධන සහ ඍණ අග්‍ර නිවැරදිව සවි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙහිදී LRD එක මතට ආලෝකය වැටෙන විට පරිපථය තුලින් වැඩි ධාරාවක් ගලා යනවා. ක්‍රමයෙන් අඳුරු කරන විට පරිපථයෙන් ගලන ධාරාව අඩු වන බව ඔබට දැක ගන්න පුළුවන්.
by Dilki Shamani
Photo source : Internet
2667 Views
Comments