8 ශ්‍රේණිය විද්‍යාව: රූපාන්තරණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

8 ශ්‍රේණිය විද්‍යාව: රූපාන්තරණය

8 ශ්‍රේණිය විද්‍යාව: රූපාන්තරණය

විද්‍යාව පාඩම් තුල විසිඑක් වැන්න තුල ජීවීන්ගේ ජීවන චක්‍ර යන පාඩම් ඔස්සේ ජීවීන්ගේ ජීවන අවධි පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගත්තා .එහි අවසානයේ දී අපි කතා කලා ජීවන චක්‍රයේ විවිධ අවධි වල රූපීය වෙනස්කම් සිදු වන සතුන් හා රූපීයව වෙනස්කම් සිදු නො වන සතුන් ද ඇති බව. මෙම පාඩම තුළදී මේ පිළිබඳව වැඩි දුර අධ්‍යනය කරමු .

සමනලයාගේ බිත්තර වලින් කීටයකු බිහි වී ටික දිනකින් කීපයකින් එම කීටයා පිලවකු බවට පත්වන අතර ඉන්පසු වර්ණවත් පියාපත් සහිත සමනලයකු බවට පත්වන බව ඔබ නිරීක්ෂණය කර තිබේද ? මෙම වර්ධන අවස්ථා රූපීයව එකිනෙකට වෙනස් ය. මෙසේ ජීවියකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධි වලදී එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා තිබීම “රූපාන්තරණය” ලෙස හඳුන්වනු ලැබේ .

ජීවන චක්‍රය ප්‍රධාන වර්ධන අවධි වල රටාවේ වෙනසක් නොමැති මීයා මිනිසා වැනි සතුන් රූපාන්තරණයක් නොපෙන්වයි .

කැරපොත්තා පළඟැටියා වේයා වැනි සතුන්ගේ බිත්තර වලින් පරිණත ජීවියාට රූපීයව සමාන ප්‍රමාණයෙන් කුඩා ජීවියකු බිහි වේ සමනලයා මදුරුවා මැඩියා වැනි සතුන්ගේ ජීවන චක්‍ර වල බිත්තර වලින් බිහිවන්නේ රූපීයව සුහුඹුලා ට හාත්පසින්ම වෙනස් වූ ජීවියෙකි.

බොහෝවිට රූපාන්තරණයක් පෙන්වනුයේ කෘමීන් හා උභය ජීවීන්ය. කෘමීන්ගේ සාර්ථක පැවැත්මට ඔවුන් දක්වන රූපාන්තරණය ද එක් හේතුවක් ලෙස සැලකිය හැකිය රූපාන්තරණය ආකාර දෙකකි.
සම්පූර්ණ රූපාන්තරණය
අසම්පූර්ණ රූපාන්තරණය

සම්පූර්ණ රූපාන්තරණය

කිසියම් සතෙකුගේ ජීවන චක්‍රයේ විවිධ අවධි වල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනස්කම් එනම් බිත්තරය කීටයා පිලවා හා සුහුඹුලා ලෙස අවදි පෙන්වයි නම් ඔවුන් සම්පූර්ණ රූපාන්තරණයක් දක්වන කෘමීන් වේ .ඔවුන්ගේ ජීවන චක්‍රයේ එක් එක් අවධි වලදී ආහාර රටාව , සංචරණ ක්‍රමය ආදියේ වෙනසක් නිරීක්ෂණය කළ හැකිවේ නිදසුනක් ලෙස සමනලයාගේ කීටයා ශාක පත්‍ර ආහාරයට ගන්නා අතර පාදවලින් සංචරණය කරයි .සුහුඹුල් සමනලය මල්පැණි ආහාරයට ගන්නා අතර පියාසර කිරීම මගින් සංචරණය කරයි . නිදසුන් ලෙස සමනලයා මදුරුවා මෙවැනි සතුන් සම්පූර්ණ රූපාන්තරණය දක්වන සතුන් වේ.ඔවුන්ගේ ජීවන චක්‍රයේ බිත්තර>> කීටයා>> පිලවා >>සුහුඹුලා >>බිත්තර යන අවධි පෙන්වයි .

අසම්පූර්ණ රූපාන්තරණය

සමහර කෘමීන්ගේ ජීවන චක්‍රයේ අවධි වල බාහිර රූපාකාරයේ කැපී පෙනෙන වෙනසක් නොමැත බිත්තර වලින් බිහිවන නොමේරූ සත්වයා වන ශිශුවා රූපීයව බොහෝ දුරට සුහුඹුලා ට සමාන වේ ප්‍රමාණයෙන් කුඩාවේ මෙවැනි රූපාන්තරණ අසම්පූර්ණ රූපාන්තරණය ලෙස හැඳින්වේ . කැරපොත්තාගේ ජිවන චක්‍රය අසම්පූර්ණ රූපාන්තරණය ට නිදසුනක් ලෙස දැක්විය හැකියි .එම ජීවන චක්‍රයේ බිත්තර >>ශිශුවා>> සුහුඹුලා>> බිත්තර යන අවදි පෙන්වයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

8638 Views

Comments

arrow-up