6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : පාසලේ නීති රීති, සම්ප්‍රදායන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : පාසලේ නීති රීති, සම්ප්‍රදායන්

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : පාසලේ නීති රීති, සම්ප්‍රදායන්

මෙහිදී පාසල් සංස්කෘතිය පිළිබඳව පූරවැසි අධ්‍යාපනය විෂයට අයත් කොටසක් වශයෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. මෙහිදී ඔබ ලබාගන්නා දැනුම පාසල් ආරම්භ කිරීමෙන් පසුව ඔබට මනා පිටුවහලක් වේවි.

පාසලේ පවත්නා නීති රීති, සම්ප්‍රදායන්, සිරිත් විරිත්, පාසලේ අනන්‍යතාව පිළිබිඹු කරන සංකේත ආදිය පාසල් සංස්කෘතියට අයත් වේ. පාසලේ හොඳ ඉගෙනුම් වාතාවරණයක් ගොඩ නැගීමට, පාසල ක්‍රමවත්ව පාලනය කිරීමට, ළමයින් විනයගරුක පුද්ගලයන් බවට පත් කිරීමට, පාසලේ සියළු දෙනාගේම අයිතිවාසිකම් මැනවින් ආරක්ෂා කිරීමට, පාසලේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට පාසලට නීති පද්ධතියක් අවශ්‍ය වේ. පාසලේ පවත්නා නීති මැනවින් පිළිපැදීමට එම නීති පිළිබඳ ඔබ හොඳින් දැනුවත් විය යුතුයි. නීතිගරුක වීම ඔබේ ගෞරවය ආරක්ෂා වීමට හේතුවේ. ශිෂ්‍යයකු ශිෂ්‍යාවක වශයෙන් ඔබට හිමිවන අයිතිවාසිකම් රාශියකි. එම අයිතිවාසිකම් මැනවින් භුක්ති විඳීමට මෙන්ම ඒ වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීමට ද හෝදර සිසු සිසුවියන්ගෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ද පාසලේ පවත්නා නීති රීති අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ. ඔබ නීතිගරුක නම් එය පාසලේ යහපැවැත්මටද හේතුවෙයි.

පාසලේ කාලයක් තිස්සේ පැවත එන සිරිත් විරිත් සහ පිළිගැනීම් සම්ප්‍රදායන් ලෙස හැඳින්වීමට පුළුවනි. පන්සලේ පවත්නා නීති රීති මෙන්ම සම්ප්‍රදායන් ද ඉතා වැදගත්. එම නිසා ඔබ පාසලේ පවත්නා සම්ප්‍රදායන් පිළිබඳව දැනුවත් විය යුතුයි. එම සම්ප්‍රදායන් අනුගමනය කිරීමට පුරුදු පුහුණු විය යුතුයි. උදෑසන රැස්වීමේ දී මෙන්ම පාසල අවසාන කරන අවස්ථාවේදී ඔබේ පාසලට ආවේණික සම්ප්‍රදායන් තිබෙනවා නේද. පාසල් නිල ඇඳුම සකස් කර ගන්නා ආකාරය පිළිබඳවද කාලයක් පුරා අනුගමනය කරන සම්ප්‍රදායන් තිබේ. පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නිවාසාන්තර ක්‍රීඩා තරගවලදී ඒ පාසලට සුවිශේෂී සම්ප්‍රදායන් පවතී. විෂය භාර ගුරුතුමා හෝ ගුරුතුමිය සමඟ ඒවා සාකච්ඡා කර ගත හැකිවේ. ළමයින් තුළ ශික්ෂණය ගොඩනැගීම, ආත්මාභිමානයෙන් යුතු පිරිසක් බිහිවීම, පාසලේ අනන්‍යතාව ආරක්ෂා වීම, පාසලේ අනන්‍යතාව ආරක්ෂා වීම, අනාගත සිසු පරපුරට ඒවා පවරා දීමට හැකිවීම සම්ප්‍රදායන් රැකගැනීමේ වැදගත්කම පෙන්වයි.

පාසලේ ආදර්ශ පාඨය පාසල් සිසුන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා ආදර්ශයක් වන අයුරින් සකස් කර තිබීම විශේෂ ලක්ෂණයකි. ඔබේ පාසලේ ආදර්ශ පාඨ සහ එහි අර්ථය ගැන සාකච්ඡා කර තිබෙනවාද. පාසලේ ආදර්ශ පාඨය ඔබේ ජීවිතයට ආදර්ශයක් කරගන්න. එය ඔබේ අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වේ. පාසලේ අනන්‍යතාවට පෙන්නුම් කරන තවත් සංකේතයක් ලෙස පාසල් ලාංඡනය වැදගත් වේ. පාසල් ලාංඡනය සඳහා වර්ණ සහ සංකේත භාවිතා කරයි. බොහෝ පාසල් ලාංඡන පහන සූර්යා වැනි සංකේත ඇතුළත්ව තිබෙනු දක්නට ලැබේ.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo source : Internet

views

2596 Views

Comments

arrow-up