6 ශ්‍රේණිය විද්‍යාව : තාපය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
18

6 ශ්‍රේණිය විද්‍යාව : තාපය

6 ශ්‍රේණිය විද්‍යාව : තාපය

මේ දවස් වල අධික උෂ්ණත්වය දැනෙන්නට හේතු වන තාපය ගැන විද්‍යානුකූලව කතා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. සුර්ය තාපය නිසා දවල් කාලෙදි උණුසුම් වෙලා තියෙන පරිසරය රාත්‍රී කාලයේදී සාමාන්‍යයෙන් සිසිල් වෙනවා. මේ ක්‍රියාදාමය පෘථිවිය මත ජීවය පැවැත්මට ප්‍රධානතම සාධකයක් වෙලා තියෙනවා. සමහර රටවල් වල අධික ශීතල නිසා මිනිසුන් මියයනවා. ඒ වගේම සමහර රටවල් උණුසුම නිසා මිය යනවා.

සාමාන්‍යයෙන් අපේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37. පරිසරය උෂ්ණත්වය වෙනස් වුනත් අපේ සිරුරේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. පරිසරය සිසිල් වූ විටත් සිරුර තුළ තියෙන්නේ වැඩි තාපයක්. නමුත් සෑම සතෙකුගේම මේ වගේ නැහැ. සර්පයන්ගෙන් ගෙම්බන් කටුස්සන් වගේ සත්වයන්ට එසේ කරන්න බැහැ. උන්ගේ සිරුරු උෂ්ණත්වය පරිසරය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ඒක නිසා සමහර සතුන්ගේ සිරුර ලෝම මගින් ආවරණය වෙලා තියෙනවා. සමහර සතුන්ගේ සමට යටින් ඝනකම තෙල් තට්ටුවක් පිහිටලා තියෙනවා. මේ වගේ හැඩගැසීම් පිහිටලා තියෙන්නේ ඔවුන්ගේ සිරුර අවශ්‍ය තරම් උණුසුම් කරන්න.

අපිට තාපය සපයන ප්‍රධාන ප්‍රභවය වෙලා තියෙන්නෙ සූර්යයා. ජීවයේ පැවැත්මට වගේම තාපය එදිනෙදා ක්‍රියාකාරකම් රැසකටත් උපකාරී වෙනවා. ප්‍රධාන තාප නිෂ්පාදකය වන සූර්යයා ඇරුන විට අපිට විවිධ ක්‍රම වලට තාපය ලබා ගන්න පුලුවන්. ඒ ඉන්ධන දහනය කිරීමෙන්. මීට ගල් අඟුරු දර භූමිතෙල් ස්වභාවික වායුව වගේ දේවල් යොදා ගන්න පුළුවන්.

එදිනෙදා ජීවිතයේ දකින ගොඩක් සංසිද්ධි තාපය බලපෑම නිසා සිද්ධ වෙන දේවල්. යම් ද්‍රව්‍යකට තාපය ලැබුන විට හා ඒවායෙන් තාපය ඉවත් වෙනකොට විවිධ විපර්යාස සිද්ධ වෙනවා. ඒවායේ බලපෑම එකිනෙක අමුද්‍රව්‍යයන් අනුව වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපි ජලයට තාපය ලබා දුන්නහම ඒවා උණුසුම් වෙනවා. තාපය ලැබෙන ප්‍රමාණය අනුව එහි උෂ්ණත්වය එකිනෙක වෙනස් වෙනවා. උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ ද්‍රව්‍ය වල තියෙන උණුසුමේ ප්‍රමාණය. මේක මනින්න යොදා ගන්නේ උෂ්ණත්වමානය. ඒ වගේම සමහර ද්‍රව්‍ය වලට තාපය ලැබුනහම ඒවා ප්‍රසාරණය වෙනවා. උදාහරණයක් විදිහට ලෝහ මූඩියක් රත්කළ විට එය ප්‍රසාරණය වන බව අපිට දැකගන්න ලැබෙනවා. ඒ වගේම ඒ ලෝහයෙන් තාපය ඉවත්ව යනවිට ඒ අදාල ද්‍රව්‍ය සංකෝචනය වෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම ද්‍රව්‍ය වලට තාපය ලබා දුන්නාම ඒවායේ අවස්ථාවන් පවා වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ජලයේ තාපය අඩුවැඩිවීම අනුව අයිස්, ජලය, ජල වාෂ්ප බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම තාපය නිසා ද්‍රව්‍යවල වර්ණ බලපෑමක් සිද්ධ වෙනවා. ඊට හොඳම උදාහරණය තමයි කම්මලේ යකඩයක් රත් කරන විට එය කහ තැඹිලි තද රතු පැහැ ගැන්වීම.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2112 Views

Comments

arrow-up