8 ශ්‍රේණිය විද්‍යාව: ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
06

8 ශ්‍රේණිය විද්‍යාව: ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්

8 ශ්‍රේණිය විද්‍යාව: ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්

එදිනෙදා භාවිතා වන ශක්ති ප්‍රභේද අතුරින් විද්‍යුතයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයක් .සංවෘත පරිපථයක් තුලින් විද්‍යුත් ආරෝපණ ගලායාම “විද්‍යුත් ධාරාවක්” ලෙස හැඳින්වෙනවා .විද්‍යුත් ධාරාව භෞතික රාශියකි.සාමාන්‍යයෙන් විවිධ භෞතික රාශීන් මැනීම සඳහා ඒකක මෙන්ම විවිධ මිනුම් උපකරණ ද භාවිතා වෙනවා .ඒ අනුව විද්‍යුත් ධාරාව මනින්නේ කෙසේ දැයි බලමු.


විද්‍යුත් ධාරාව සඳහා යෙදෙන සංකේතය :- I
විද්‍යුත් ධාරාව මනිනු ලබන අන්තර්ජාතික ඒකකය :- ඇම්පියරය.
> එහි සංකේතය:- A

 

කුඩා ධාරාවන් මැනීම සඳහා උප ඒකක භාවිතා කරනු ලබනවා .ඒවා නම්,

>මිලි ඇම්පියරය :- mA
>මයික්‍රෝ ඇම්පියරය :- uA

>ධාරාව මනිනු ලබන උපකරණය වන්නේ :- ඇමීටරය


කුඩා විද්‍යුත් ධාරා මැනීම සඳහා මිලි ඇමීටරය හා මයික්‍රෝමීටර යන උපකරණ භාවිතා වෙනවා .සාමාන්‍යයෙන් ධාරාව මැනීම සදහා භාවිතා කරන ඇමීටරය සම්බන්ධ කරනුයේ පරිපථයට ශ්‍රේණිගතවයි.ඒ අනුව ඇමීටරය හා මිලි මීටරය භාවිතයෙදී ධන හා ඍණ ලෙස අග්‍ර දෙකක් පවතින අතර මෙහි බොහෝ අවස්ථාවලදී ධන අග්‍රය රතු පැහැයෙන් හා ඍණ අග්‍රය කළු පැහැයෙන් වර්ණ කර තිබෙනවා .ඇමීටරයක් පරිපථයකට සම්බන්ධ කිරීමේදී ඇමීටරයේ ධන අග්‍රය විදුලි සැපයුමේ ධනයටත් ඇමීටරය සෘණ අග්‍රය විදුලි සැපයුමේ සෘණ අග්‍රය ටත් වන සේ අග්‍ර නිවැරැදිව සවි කළ යුතුයි.

එසේම විද්‍යුත් ධාරාව පිලිබඳ කතා කිරීමේදී ඔබ විසින් දැන ගත යුතු තවත් කරුණක් වන්නේ විද්‍යුත් ධාරාව ගලන නිශ්චිත දිශාව පිලිබඳවයි .සාමාන්‍යයෙන් ධාරාව ගලනු ලබන සම්මත දිශාව ලෙස සලකනුයේ ධන අග්‍රයේ සිට සෘණ අග්‍රය දක්වා යි . සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක දිශාව හඳුනාගැනීම සඳහා මැද බිංදු ගැල්වනෝමීටරය හෝ මැද බිංදු සහිත ඇමීටරය භාවිතා කළ හැකියි .සාමාන්‍යයෙන් ධාරාවේ දිශාව බැලීමේදී වියලි කෝෂය අග්‍ර මාරු කිරීමේදී ඇමීටරය දර්ශකය චලනය වන දිශාවන් වෙනස් වේ .මෙලෙසින් දිශාව සොයා ගනු ලබනවා.

විභව අන්තරය

සන්නායකයක් තුලින් විද්‍යුත් ධාරාවක් ගැලීම සඳහා තිබිය යුතු තවත් සාධකයක් වන්නේ විභව අන්තරයයි.විද්‍යුත් පරිපථයක ක්‍රියාවලිය ද විභව අන්තරය පිලිබඳ ව වියලි කෝෂයක් ආශ්‍රයෙන් පැහැදිලි කළහොත් වියලි කෝෂයක් මගින් විද්‍යුත් ආරෝපණ වලට විද්‍යුත් ශක්තියක් ලබා දෙයි .ඍණ අග්‍රයට සාපේක්ෂව ධන අග්‍රයේ විද්‍යුත් විභවය වැඩිය .ධන හා ඍණ අග්‍ර අතර විද්‍යුත් විභව වෙනස විභව අන්තරය හෙවත් වෝල්ටියතාව ලෙස හඳුන්වනවා .විද්‍යුත් ධාරාව ගලා යනුයේ විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ සිට විද්‍යුත් විභවය අඩු ස්ථානය දක්වා ය .විභව අන්තරය මැනීම පිලිබඳව කතා කිරීමේදී අපි දැනගත යුතු කරුණු මොනාදැයි බලමු.


>විභව අන්තරය සඳහා සංකේතය:- V
>විභව අන්තරය මනිනු ලබන ඒකකය :-වෝල්ට්‍ ය.එහි සංකේතය V
>විභව අන්තරය මැනීම සඳහා යොදා ගන්නා උපකරණය :-වෝල්ට් මීටරය

ඇමීටර් එමෙන්ම වෝල්ට්මීටරය ද ධන හා ඍණ ලෙස ලෙස අග්‍ර දෙකක් පවතිනවා. ධන අග්‍රය සඳහා රතු වර්ණයද ඍණ අග්‍රය සඳහා කළු වර්ණය යොදා ගැනෙනවා. යම්කිසි ස්ථාන දෙකක් අතර විභව අන්තරය මැනීම සඳහා පරිපථය හා සමාන්තරගත වෝල්ට් මීටරය සවි කල යුතුයි.

සන්නායකයක හරහා ගලන ධාරාව කෙරෙහි බලපාන සාධක කෙරෙහි කතා කළ විට කළ විට සන්නායකයක ප්‍රතිරෝධය පිලිබඳව කතා කල යුතුයි .සන්නායකයෙන් ගලන ධාරාව කෙරෙහි ඒ මගින් ඇති කරන බාධාව සන්නායකයේ ප්‍රතිරෝධය ලෙස හැඳින්වෙනවා .

 

>ප්‍රතිරෝධය දැකීම සඳහා භාවිතා කරන සංකේතය:- R
>ප්‍රතිරෝධය මනින ඒකකය :- ඕම්


සන්නායකයක ප්‍රතිරෝධය වැඩි වන විට එයින් ගන්න ගණන ධාරාව අඩු වෙනවා .ඒ අනුව පරිපථයකින් ගලන ධාරාව වෙනස් කිරීමට විවිධ අගයන්ගෙන් යුත් ප්‍රතිරෝධක භාවිතා කල හැකි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

5166 Views

Comments

arrow-up