8 ශ්‍රේණිය- පුරවැසි අධ්‍යාපනය: පවුල තුළ ප්‍රජාතන්ත්‍රවාදය

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් කියලා හඳුන්වන්නේ නිදහස් හා සමානාත්මතාව පදනම් කරගෙන සහයෝගයෙන් කටයුතු කරන බහුතර මතයට කටයුතු කරන ස්වයං විනයකින් යුතු සම්මුතියෙන් තීරණවලට එළඹෙන සමාජයක්. ජාත්‍යන්තරවාදී රටක සෑම ඒකකයක් තුළම ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙනවා දකින්න පුලුවන්. ඒ අනුව ශ්‍රී ලංකාව කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඒනිසාම රටේ පවුල තුළ පාසැල තුල සෑම සමාජයකම ප්‍රජාතන්ත්‍රවාදය දකින ලැබෙනවා.
පවුල තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමේදී දකින්න පුළුවන් ලක්ෂණ තමයි
-ආදරය රැකවරණය නොඅඩුව ලැබීම
-තමන්ගේ අයිතිවාසිකම් භුක්ති විදිමින් යුතුකම් ඉටුකිරීම
-දෙමව්පිය වැඩිහිටි නායකත්වයට ගරු කිරීම
-අන් අයගේ මත ඉවසීම හා සවන්දීම
-සමානාත්මතාවයෙන් කටයුතු කිරීම
-සාමූහිකව නිවසේ කටයුතුවලට සහභාගි වීම
-සාමකාමීව ගැටළු විසඳාගැනීම
-සාකච්ඡා මගින් තීරණවලට එළැඹීම
පවුල තුළ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමෙන් නීතිගරුක යුතුකම් වගකීම් නිසියාකාරව හඳුනන ආදරය පිරුණු දරුවන් සමාජගත කිරීමට උපකාරී වෙනවා. පවුල තුළ ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේදී අන් අය සමඟ ඉවසීමටත් ගෞරව කිරීමටත් අන් අයගේ බහුතර මතයට ගරු කිරීමටත් ඉටු කළ යුතු වෙනවා. ඒ තුළින් පවුලේ එකමුතු භාවය වර්ධනය වන අතර නිදහස් සාමකාමී පරිසරයක් පවතිනවා.
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ පවුල තුළ පමණක් නෙවෙයි. දරුවන්ට පවුලෙන් පස්සේ සමීපම ස්ථානය වෙන්නේ පාසල. මේ නිසා පාසලේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගැන ඔබ දැනුවත් විය යුතු වෙනවා. ඒ අතරට එක්වෙන්නේ
-සාකච්ඡා මඟින් නිවැරදි තීරණවලට එළැඹීම
-අධ්‍යාපනය භෞතික සම්පත් පෙළපොත් නිල ඇඳුම් පුස්තකාල වෙනත් පහසුකම් සියලු දෙනාට සමානව ලැබීම
-සහයෝගයෙන් කටයුතු කිරීම
-නායකත්වයට ගරු කිරීම
-සෑම දෙනාගේම කැමැත්ත විමසිම එකගතාවය
-සමිති සමාගම්වල තනතුරු ලබා ගැනීම
-අදහස් ප්‍රකාශ කිරීම සහ ඡන්දය ලබා ගැනීම
-පාසල තුල පවතින පොදු නීති සම්ප්‍රදායන් පිළිගැනීම සහ ඒවා ආරක්ෂා කිරීම
විවිධ පවුල් පරිසරයන්ගෙන් පැමිණෙන ළමුන්ගේ එකතුවක් පාසලේදී දකින්න ලැබෙනවා. සියලු දෙනාටම සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම තුළින් පාසලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා. ඒවගේම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා පාසල තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඒ අතර සාහිත්‍ය සමිති ආගමික සමිති ක්‍රීඩා සමිති ජාතික උත්සව ආගමික උත්සව ශිෂ්‍ය නායක පන්ති නායක නර්තන ගායන වාදන චිත්‍ර ඇඳීමේ තරඟ ශිෂ්‍ය භට පරිසර භට බාලදක්ෂ ප්‍රථමාධාර ආදී අත්දැකීම් ලබා දීම අධ්‍යාපන චාරිකා චිත්‍ර චාරිකා සහ ගවේෂණ චාරිකා සංවිධානය කිරීම එකතු වෙනවා.
by Dilki Shamani
Photo source : Internet
1429 Views
Comments