8 ශ්‍රේණිය- පුරවැසි අධ්‍යාපනය: ළමා අයිතිවාසිකම් හා යුතුකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
29

8 ශ්‍රේණිය- පුරවැසි අධ්‍යාපනය: ළමා අයිතිවාසිකම් හා යුතුකම්

8 ශ්‍රේණිය- පුරවැසි අධ්‍යාපනය: ළමා අයිතිවාසිකම් හා යුතුකම්

මේ තුළින් සූදානම් වෙන්නේ ඔබට ළමා අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව දැනුවත් කරන්න. වයස 18 සම්පූර්ණ නොකල පුද්ගලයන් ළමයි ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තියෙනවා. ළමුන්ට ප්‍රධාන වශයෙන් ළමා අයිතිවාසිකම් වර්ග හතරක් හිමිවෙනවා.

1. පැවැත්මට ඇති අයිති
2. ආරක්ෂාවට ඇති අයිතිය
3. සහභාගීත්වයට ඇති අයිතිය
4. සංවර්ධනයට ඇති අයිතිය

ලෝකයේ සෑම රටක්ම ළමා අයිතිවාසිකම් පිළිබඳ වගන්ති 54 සමන්විත සම්මුතියක් ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වෙන ආයතන අතරට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල ක්‍රියාත්මක වෙනවා.

සෑම ළමයෙකුටම අධ්‍යාපනය ලැබීමට අයිතිවාසිකමක් ඇති අතර අධ්‍යාපනය ලබන ළමුන්ගේ යුතුකම වෙන්නේ ගුරු දෙගුරුන්ට ගෞරව කරමින් පාසලේ විනය රීති නීති සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් හොඳින් අධ්‍යාපනයේ නිරතවීමයි.

සෞඛ්‍ය පහසුකම් ලැබීම ළමා අයිතිවාසිකමක් වන අතර පුද්ගලික සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ දැනුවත් වීම. යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම හා සෞඛ්‍ය පුරුදු අන් අයට දැනුවත් කිරීම ළමයින්ගේ යුතුකමක් වෙනවා.

සමාජ සුරක්ෂිතතාවය ළමුන්ගේ අයිතිවාසිකමක් වෙනවා. ඒ නිසා ළමයින් විසින් සමාජ සුරක්ෂිතතාවය වෙනුවෙන් දායක වී අන් අයව දැනුවත් කිරීමට යුතුකමක් තියෙනවා.

ආගමික විශ්වාසයක් දැරීමේ නිදහස ළමයින්ට හිමිවෙනවා. ඒ අනුව ආගමානුකූල දිවිපෙවතක් ගත කරමින් අන් අයගේ ආගම් හා විශ්වාසයන්ට ගරු කිරීම ළමයින්ගෙ යුතුකමක් තියෙනවා.

නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට දරුවන්ට අයිතිය ඇති අතර සෑම විටම සත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සහ අන් අයට හානි නොවන විදිහට අදහස් ප්‍රකාශ කිරීම ඔවුන්ගේ යුතුකමක් වෙනවා.

මිතුරු සම්බන්ධතා පැවැත්වීම ළමුන්ගේ අයිතිවාසිකමක්. ඒ අනුව නැණවත් මිතුරන් තෝරා ගනිමින් වයසට ගැළපෙන මිතුරන් ඇසුරු කරමින් සොරකම් වංචා හිංසාවන් වැනි ක්‍රියාවලින් වැළකී සිටීම දරුවන් සතු යුතුකම් වෙනවා.


ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබාදීමටත් ඔවුන් අපචාර ක්‍රියාවන් වලින් මුදවා ගැනීමටත් දරුවන්ට සමාන අවස්ථා හිමි කර දීමටත් ලංකාව තුළ විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තත්වයන්ගෙන් දරුවන් මුදවාගෙන ඔවුන්ට මඟ පෙන්වීම සඳහා රට තුළ විවිධ ආයතන ක්‍රියාත්මක වෙනවා. ඒ අතරට


-ජාතික ළමාරක්ෂක අධිකාරිය
-පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව
-ළමා හා කාන්තා කාර්යාංශයේ ශ්‍රී ලංකා පොලිසිය


කියන ආයතන එක්වී කටයුතු කරනවා. මීට අමතරව ප්‍රාදේශීය මට්ටමෙන් දරුවන් ගැන සොයාබැලීම සඳහා ළමා ප්‍රවර්ධන නිලධාරීන් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන් සමාජ සේවා නිලධාරීන් රට තුළ ක්‍රියාත්මක වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

7236 Views

Comments

arrow-up