6 ශ්‍රේණිය- ICT: යෙදවුම් මෘදුකාංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

6 ශ්‍රේණිය- ICT: යෙදවුම් මෘදුකාංග

6 ශ්‍රේණිය- ICT:  යෙදවුම් මෘදුකාංග

6 ශ්‍රේණියේ පූංචි දුවල පුතාලට දැන් අපි කියල දෙන්න සූදානම් වෙන්නේ යෙදවුම් මෘදුකාංග ගැන. මෘදුකාංග කියන්නේ මොනවාද කියලා දැන් ඔයාලා දන්නවා.

මෘදුකාංග යොදාගෙන සිදු කරන්න පුළුවන් කාර්යයන් මොනවද කියල අපි බලමු.


අයවැය වාර්තා වියදම් ඇස්තමේන්තුව සකස් කරන්න
වීඩියෝ නරඹන්න
ලිපිලේඛන සකස් කරන්න
පරිගණක ක්‍රීඩා කරන්න
පින්තූර සකස් කරන්න
විද්‍යුත් තැපැල් ලිපි යැවීම
අන්තර්ජාලයෙන් තොරතුරු එකතු කරගන්න


පරිගණක මෘදුකාංග අපිට ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ වැඩ කටයුතු ඉටු කරගන්න තියෙන විවිධ වැඩසටහන් තමයි අපි හඳුන්වන්නේ යෙදවුම් මෘදුකාංග කියලා. මේ යෙදවුම් මෘදුකාංග අතින් අල්ලන්න නම් බැහැ. මේවා දත්ත සහ උපදෙස් ඇතුලත් වැඩසටහන් පමණයි. යෙදවුම් මෘදුකාංග කොටස් වර්ග දෙකක් තියෙනවා.


1. පොදු කාර්යය සඳහා වන යෙදවුම් මෘදුකාංග


මේ විදියට හඳුන්වන්නේ පරිගණකය යොදාගෙන අපි එදිනෙදා සාමාන්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගන්න මෘදුකාංග. අපි සාමාන්‍යයෙන් ලිපියක් සකස් කරන්න අයවැය වාර්තාවක් සකස් කරන්න අන්තර්ජාලයෙන් තොරතුරු සොයන්න චිත්‍ර අඳින්න යොදාගන්න විවිධ මෘදුකාංග මේ ගණයට අයිති වෙනවා. ලිපිලේඛන සකස් කරන්න ගන්නේ අපි වදන් සැකසුම් මෘදුකාංග word කියන එක. අයවැය වාර්තා සකස් කරන්න අපි පැතුරුම්පත් මෘදුකාංග නැත්නම් excell sheet යොදාගන්නවා. අන්තර්ජාලයෙන් තොරතුරු සොයන්න වෙබ් නැත්නම් web browsers පාවිච්චි කරනවා. චිත්‍ර ඇඳීම සඳහා චිත්‍ර ඇඳීමේ මෘදුකාංග භාවිතා කරනවා.


2. විශේෂ කාර්යයන් සඳහා වන මෘදුකාංග


මේ ගණයට අයිති වෙන්නේ පරිශීලකයන්ගේ අවශ්‍යතාවයට අනුව විශේෂ කාර්ය ඉටුකර ගැනීම සඳහා පමණක් නිර්මාණය කරලා තියෙන මෘදුකාංග. ඒවා කෙනෙකුගෙන් කෙනෙකුට භාවිතය වෙනස් වෙනවා. එක් පරිශීලකයෙකුට අවශ්‍ය වෙන මෘදුකාංග තවත් කෙනකුට අවශ්‍ය නොවෙන්න පුළුවන්. මේවා යටතට ගැනෙන්නේ පරිගණක ක්‍රීඩා පාසල් කළමනාකරණ පද්ධති, බැංකු කළමනාකරණ පද්ධති සහ පුස්තකාල කළමනාකරණ පද්ධති ඊට උදාහරණ වෙනවා.

 

පරිශීලකයා කියන්නේ කියන්නෙ කාටද කියන එක ඔයාලට මතක ඇති. ඒ කියන්නේ අදාල මෘදුකාංගය ප්‍රයෝජනයට ගන්න පුද්ගලයා. මේ පරිශීලකයන් විසින් යෙදවුම් මෘදුකාංග භාවිතා කරන්න මූලික වශයෙන්ම යොදා ගන්නේ යතුරු පුවරුව සහ මූසිකයයි. ඉතින් මේ යෙදවුම් මෘදුකාංග අපිට ඇප් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඇප් එකක් කියලා කියන්නේ application software එකක්. පරිගණකයේ නැත්නම් ජංගම දුරකථනයට විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරන apps download කරගැනීමේ හැකියාව තියෙනවා. විවිධ වර්ගයේ application softwares තියෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1774 Views

Comments

arrow-up