6 ශ්‍රේණිය- ICT: ශ්‍රව්‍ය දෘශ්‍ය මෘදුකාංග
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

6 ශ්‍රේණිය- ICT: ශ්‍රව්‍ය දෘශ්‍ය මෘදුකාංග

6 ශ්‍රේණිය- ICT: ශ්‍රව්‍ය දෘශ්‍ය මෘදුකාංග

මේ සූදානම් වෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මෘදුකාංග ගැන තව ටිකක් විස්තර කියන්න. විවිධ කාර්යන් ඉෂ්ට කරන විවිධ මෘදුකාංග තියෙන බව ඔබ දැනටමත් දන්නවා.

චිත්‍ර අඳින්න කවුරුත් ආසයිනේ. ඉස්සර වැඩිදෙනා අතින් තමයි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඔයාලත් ඇඳලා තියෙනවනේ. නමුත් පස්සෙ කාලෙක පරිගණක පාවිච්චි කරලා මේ චිත්‍ර නිර්මාණ කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊට විවිධ මෘදුකාංග උපකාරි වෙනවා. ඒ සඳහා

 

-smartdraw
-adobe illustrator
-microsoft paint


වගේ චිත්‍රක මෘදුකාංග යොදාගෙන තියෙනවා.

වදන් සැකසුම් මෘදුකාංග අපි එදිනෙදා අවශ්‍ය ලිපි ලේඛන සකස් කරලා ගබඩා කරන්න තමයි මේ මෘදුකාංගය පාවිච්චි කරන්නේ. word processing මෘදුකාංගක් විදිහට තමයි මෙය හඳුන්වන්නේ. ඉතින් මේ විදිහට වදන් සැකසුම් මෘදුකාංග වර්ග රාශියක් තියෙනවා. ඒ අතර

 

- Microsoft word
- Open office
- abiword
-wordperfect


මීට අමතරව වීඩියෝ සහ ඕඩියෝ පටිගත කිරීම් හා සංස්කරණය කරන්න විවිධ මෘදුකාංග නිෂ්පාදනය කරලා තියෙනවා. ශ්‍රවය මෘදුකාංග කියලා හඳුන්වන්නේ දෙයක් ඇසීම පමණක් පටිගත කරලා ද භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග වලට. දෘශ්‍ය මෘදුකාංග කියලා කියන්නේ හඬ පට සහ හඬ සහ රූප සහිතව පටිගත කිරීම සහ ඒවා ප්‍රයෝජනයට ගැනීම් සිද්ධ කරන්න පුළුවන් මෘදුකාංග. මේ ශ්‍රව්‍ය දෘශ්‍ය පට නිර්මාණය කරන්න වගේම සංස්කරණය කරන විවිධ මෘදුකාංග නිෂ්පාදනය කරලා තියෙනවා. ශ්‍රව්‍ය මෘදුකාංග සංස්කරණය කරන්න
- audocity
adobe audition


වීඩියෝ සංස්කරණය කරන්න යොදාගන්න මෘදුකාංග වන්නේ
- adobe premiere pro
-openshot


තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔයාලට අවශ්‍ය ඕනෑම දෙයක් හඬ පටයක් හෝ වීඩියෝ පටයක් විදියට සකස් කරගන්න හැකියාව තියෙනවා. නමුත් මේ සඳහා සඳහා ආචාර ධර්ම පද්ධතියකට අනුකූලව කටයුතු කරන්න අමතක කරන්නත් එපා. ඒ තමයි


වෙනත් අයගේ හඬ පට සහ රූප පටිගත කරන විට ඒ පිළිබඳ එයාලගේ අවසරය ලබා ගන්න
වෙනත් අයගේ හඬ රූප සහිත පටිගත කිරීම් සංස්කරණය කරනකොට ඒ අය අපහසුතාවයට පත්වෙන විදියට කරන්න එපා
අසත්‍ය ප්‍රචාරය කිරීමේ අරමුණෙන් වීඩියෝ සහ ඕඩියෝ සංස්කරණ කටයුතු සිදු කරන්න එපා
සංස්කරණ මෘදුකාංග භාවිතා කරන විදිය ගැන ඔයාලට හොඳ දැනුමක් සහ අවබෝධයක් තියෙනවා නම් ඒවා වංචනික කටයුතු වලට පාවිච්චි කරන්න උත්සාහ කරන්න එපා
සංස්කරණය කරපු ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය ගොනු පිටතට ලබා දෙන විට පටිගත කිරීම් වල ඇතුලත් අයගේ අවසරය ඇතුව තමයි ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරලා තමයි ඒවා පිටතට ලබා දෙන්න ඕන.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

2527 Views

Comments

arrow-up