6 ශ්‍රේණිය- ICT: Mouse සහ Keyboard

කලින් ලිපියෙන් අපි දැනුවත් වුණා යෙදවුම් මෘදුකාංග කියන්නේ මොනවද කියලා. යෙදවුම් මෘදුකාංග භාවිතා කරන්න අවශ්‍ය වන මූලික මෙවලමක් වෙන්න mouse එකයි keyboard එකයි ගැන තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ.
Mouse
අපි බලමු මවුස් එක භාවිතා කරන්නේ කොහොමද කියන එක. පරිගණක තිරයේ දිස්වෙන ඊහිස පාලනය කරන්නේ මවුස් එක එහා මෙහා කරලා. ඒ වගේම ලිපි ගොනු විවෘත කරන්න menu විවෘත කරන්න විධාන තෝරන්න mouse එකේ බොත්තම් මඟින් හැකියාව ලැබෙනවා. විවිධාකාර mouse වර්ග අපිට දකින්න ලැබෙනවා. ඒවා
- රැහැන් රහිත මුසික
- රැහැන් සහිත මූසික
- ස්පර්ශක තල
විදියට දකින්න ලැබෙනවා. Mouse එක භාවිතා කරල පරිගණක තිරයේ ගොඩක් කාර්යන් ඉෂ්ට කරන්න පුළුවන්. ඒ අනුව අවශ්‍ය දේවල් select කරන්න අවශ්‍ය දේවල් විවෘත කරන්න ඕපන් කරන්න අවශ්‍ය දේවල් එහා මෙහා ගෙන කරන්න මවුස් එක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. මවුස් එකේ වම් පැත්තේ බොත්තම දෙපාරක් ක්ලික් කළවිට යම් icon එකක් නිරූපණය කරන මෘදුකාංගය විවෘත කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම mouse එකේ දකුණු පැත්තේ බොත්තම එක පාරක් එබුවාම ඒ අදාල මෘදුකාංගය open කරන්න cut කරන්න හරි copy-paste Delete කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගොනුවක් හරි මෘදුකාංගයක් හරි එහා මෙහා ගෙන යන්න නම් මවුස් එකේ වම් පැත්තේ බොත්තම ක්ලික් කර ගෙන එය අදාළ තැනට ගෙනිහින් අතහරින්න පුළුවන්. මවුස් එක අපි නිවැරදිව ඇල්ලීම පුරුදු කරේ නැත්නම් අපේ අත්වල වේදනාව ඇතිවෙනවා.
Keyboard
යෙදවුම් මෘදුකාංග භාවිතා කරන්න තවත් උපකාරී වන ප්‍රධානතම උපාංගයක් තමයි යතුරු පුවරුව කියන්නේ. විවිධාකාර යතුරු පුවරු තියෙනවා.ඒ අතර
- රැහැන් සහිත යතුරු පුවරුව
-රැහැන් රහිත යතුරු පුවරු
- ස්පර්ශක යතුරු යතුරුපුවරු
දකින්න ලැබෙනවා. යතුරු පුවරුවේ සංඛ්‍යා යතුරු අක්ෂර යතුරු දිශා යතුරු සහ යතුරු ලියන ආකාරය සහ තේරීම සිදුකරන්න යතුරු යතුරුත් තියෙනවා. මේ යෙදවුම් මෘදුකාංග පාවිච්චි කරන්න අවශ්‍ය වෙන යතුරු පුවරුව නිවැරදිව භාවිතා නොකලොත් පුංචි ඔයාලගේ ඇඟිලිවල සහ මැණික් කටුවේ වේදනාවන් සහ අපහසුතාවයන් ඇති වෙනවා. ඒ නිසා නිවැරදිව යතුරු පුවරුව භාවිතා කරන ආකාරය පුහුණු වෙන්න. මේ විදියට mouse එක සහ keyboard එක හොඳින් පුරුදු වුනහම ඔයාලට යෙදුම් මෘදුකාංග ඉතාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ භාවිතා කිරීමේ වේගය ඔයාලට වැඩි කරගන්න කරගන්න හැකියාව ලැබෙනවා.
by Dilki Shamani
Photo source : Internet
2376 Views
Comments