8 ශ්‍රේණිය විද්‍යාව: පදාර්ථයේ විපර්යාස

පදාර්ථය විපර්යාස පිළිබඳව කතා කිරීමේ දී මූලික වශයෙන් මෙය ප්‍රධාන කොටස් දෙකකි.එනම් භෞතික විපර්යාස හා රසායනික විපර්යාසය
භෞතික විපර්යාස
යම් පදාර්ථයක පවතින ස්වභාවය වෙනසකට ලක් වුවද එම පදාර්ථයේ සංයුතිය වෙනසකට ලක් නොවන අන්දමේ විපර්යාස භෞතික විපර්යාස ලෙස හැඳින්වේ .මේ පිළිබඳව වැඩි දුරටත් පැහැදිලි කිරීමට ක්‍රියාකාරකමක් ඔස්සේ කතා කරමු .
ලුණු හොඳින් ජලයේ දිය කර ජලය මුළුමනින්ම වාෂ්ප වී ඉවත්වන තෙක් රත් කළ විට එම භාජනේ පත්ලෙහි යම් ශේෂයක් දකින්නට ඔබට හැකිවේ.එනම් එම ශේෂය වන්නේ ජලයේ දිය වී තිබූ ලුණු ය .මින් ඔබට පැහැදිලි වනුයේ ලුණු ජලයේ දිය කළ විට ද සිදු වන්නේ භෞතික විපර්යාසයක් බවයි .
අවස්ථා විපර්යාස පිළිබඳව කතා කිරීමේ දී එයද භෞතික විපර්යාස ගණයට අයත් වෙනවා .එනම් අවස්ථා විපර්යාසය සිදුවන විට සංයුතියේ වෙනස් වී නව ද්‍රව්‍යයක් සිදු වන්නේ නැහැ . නිදසුන් ලෙස,
ඉටි කැබැල්ලක් කැකෑරුම් නලයකට දමා රත් කළ විට ඉටි ද්‍රව වන බව ඔබට දැක ගත හැකි වෙනවා .මෙය සිසිල් වන්නට හැරිය විට ද්‍රව ඉටි ඝන වන බව ඔබට දැකගත හැකියි.එනම් ඉටි ස්වභාවික වෙනසකට ලක් වුවත් එහි සංයුතියේ වෙනසකට ලක් නොවීය.මේ නිසා මෙය භෞතික විපර්යාසයක් ලෙස හදුන්වන්න පුළුවන් .මෙහිදී ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වීම “වියලනය” ලෙස හඳුන්වන අතර ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ඝන අවස්ථාවට පත්වීම “හිමායනය” ලෙසද හදුන්වනවා .මෙහිදී සිදු වන්නේ අවස්ථා
විපර්යාසය .
ජලය සෙල්සියස් අංශක 100 පමණට පමණ රත් කිරීමේ දී වාෂ්ප වී යනු ඔබට දැකගත හැකිය .එනම් එහිදී සිදුවන්නේ වාෂ්පීකරණය යන ක්‍රියාවලිය .එනම් ද්‍රවයක් වායුවක් බවට පත් වන ක්‍රියාවලිය .එසේම ජලය වාෂ්පීකරණය වන අවස්ථාවේ දී ඉහළින් වීදුරු තහඩුවක් වැනි යමක් තැබූ විට ඒ මත ජල බිංදු නිරීක්ෂණය කළ හැකි ය .මෙහිදී හුමාලය සිසිල් වීමෙන් ජල බිංදු සෑදෙයි. එනම් වායු අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වීම මෙහිදී සිදුවෙයි.මෙය ඝනීභවනය ලෙස හඳුන්වයි .
විද්‍යාගාරය තුළදී අයඩීන් කැටයක් රත් කළ විට එය සෘජුවම වායුවක් බවට පත් වන බව ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන් .එම වායුව වීදුරු පෘෂ්ඨය ගැටෙන්නට සැලසුවහොත් පෘෂ්ඨය මත අයඩින් ස්ඵටික සෑදෙනුද ඔබට නිරීක්ෂණය කළ හැකි.මෙහිදී අයඩින් අයඩීන් වාෂ්ප සිසිල් වන විට ද්‍රව නොවී ඍජුව ම ඝන බවට පරිවර්තනය වීම සිදු වෙයි. යම්කිසි ද්‍රව්‍යයක් රත් කිරීමේදී ද්‍රව අවස්ථාවට පත් නොවී වාෂ්ප බවට පත්වීම අවස්ථා විපර්යාසයකි.එය ඌර්ධවපාතනය නමින් හඳුන්වා .
මෙම අවස්ථා විපර්යාස පිළිබඳ ව යම් අවබෝධයක් ලබා දුන්නොත්
ඝනයක් ද්‍රවයක් බවට පත් වීම වියලනය
ද්‍රවයක් ඝන බවට පත් වීම හිමායනය
ද්‍රවයක් වායුවක් බවට පත්වීම වාෂ්පීකරණය
වායුවක් ද්‍රවයක් බවට පත් වීම ඝනීභවනය
ඝනයක් වායුවක් බවට පත්වීම ඌර්ධවපාතනය.
ලෙසින් හඳුන්වයි .
ඒ අනුව පදාර්ථය විපර්යාස ඔස්සේ භෞතික විපර්යාස මෙසේ දැක්විය හැකිය
by Dilki Shamani
Photo source : Internet
5512 Views
Comments