7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා පරාක්‍රමබාහු රජතුමා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා පරාක්‍රමබාහු රජතුමා

7 ශ්‍රේණිය - ඉතිහාසය: මහා පරාක්‍රමබාහු රජතුමා

දුවේ පුතේ අද අපි ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ පස් වැන්නයි. මෙහිදී මහා පරාක්‍රමබාහු රජතුමා පිළිබඳව දැනුමක් ලබාදීමට අපේක්ෂා කරනු ලබයි. බලන්න එය ඔබට කෙතරම් වැදගත් අධ්‍යයනයක්ද කියලා.

මහා පරාක්‍රමබාහු රජතුමා යනු බෙදී තිබුණ ලංකාව එක්සේසත් කරමින් රටේ දියුණුවට සුවිශාල මෙහෙවරක් ඉටුකිරීමට සමත් වූ රජ කෙනෙකි. පළමුවන විජයබාහු රජතුමා ගොඩනැගූ දේශපාලන එක්සත්කම රජුගේ මරණින් පසුව බිඳ වැටුණි. විජයබාහු රජුගේ අභාවයෙන් පසුව මෙරට සිටි කාලිංග වංශයට හිතවත් පිරිස සහ පාණ්ඩය වංශිකයන්ට හිතවත් අය අතර රාජ්‍ය උරුමය පිලිබඳ ගැටුමක් ඇතිවිය. එම ගැටුම නිසා එක් නායකයකුටවත් ස්ථාවරයක් ගොඩ නගා ගත නොහැකි විය. එහි ප්‍රතිඵල වශයෙන් රජරට දක්ඛිණ දේශය සහ රුහුණ වශයෙන් රට කොටස් තුනකට බෙදී පාලන මධ්‍යස්ථාන තුනක් බිහිවිය. පරාක්‍රමබාහු කුමාරයාගේ උපත සිදු වූයේ රටේ මෙබඳු ව්‍යාකූල පසුබිමක් තිබිය දීය.

පරාක්‍රමබාහුගේ පියා ඉහත කී මිත්තා කුමරියගේ පුතෙකු වූ මනාභරණයි. හෙතෙම පළමුවන මනාභරණ ලෙස සැලකිය හැකියි. පරාක්‍රමබාහු කුමාරයා ගේ මව රත්නාවලී කුමරියයි. පළමුවන ස්වර්නාබරන දක්ෂිණ දේශයේ පාලකයා වශයෙන් දැදිගම ප්‍රදේශයේ සිටියදී පරාක්‍රමබාහු කුමාරයාගේ උත්පත්තිය සිදු වී තිබේ. දැදිගම කොටවෙහෙර හෙවත් සූතිඝර චෛත්‍යය ඉදිකර ඇත්තේ එදා පරාක්‍රමබාහු කුමාරයා උපන් ස්ථානයේ ය. පරාක්‍රමබාහු කුමරුගේ ළමා කාලයේ දී පියා මිය ගියේය. මේ නිසා සිය මව සමඟ කිත්සිරිමේඝ නම් සුළු පියා වෙත ගිය කුමරා එහි ඇති දැඩි විය. පරාක්‍රමබාහු කුමරු අනාගත රාජ්‍ය උරුමකරුවෙකු බැවින් ඔහුට අධ්‍යාපනය ලබාදීම සඳහා සුළු පියා උනන්දු විය. කුමරුද බොහෝ ආශාවෙන් භාෂාව, දුනු ශිල්පය, ඇතුන් හැසිරවීම වැනි විෂයයන් හදාරා ඇත.

පරාක්‍රමබාහු කුමාරයා ගේ සුළුපියා වූ කිත්සිරි මේඝ දක්කිණදේශයෙහි පාලකයා විය. කිත්සිරිමේඝ ගේ අභාවයෙන් පසුව පරාක්‍රමබාහු කුමරාට එම ප්‍රදේශයේ බලය ලැබුණි. එතුමා දක්කින දේශයේ පරාක්‍රමපුරය යනුවෙන් අළුත් නගරයක් ඉදි කළේය. වර්තමානයේ පඩුවස්නුවර ලෙස හැඳින්වෙන එම ප්‍රදේශයේ එකල ඉදිකළ ගොඩනැගිලි නටඹුන් ආදිය දක්නට ලැබේ. බොහෝ අධිෂ්ඨානශීලී තැනැත්තෙක් වූ පරාක්‍රමබාහු කුමාරයා දක්ෂිණ දේශයේ පාලකයා සිටියදී එම ප්‍රදේශය ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියේය. අහසින් වැටෙන එක දිය බිඳක්වත් ජනයාගේ ප්‍රයෝජනයට නොගෙන නිකරුනේ මුහුදට ගලා යාමට ඉඩ දීම සුදුසුය යන ආදර්ශ පාඨය අනුව පරාක්‍රමබාහු රජු කටයුතු කොට ඇත. සුගලා බිසව පරාජය කිරීමෙන් පසු දළදාව සහ පාත්‍ර ධාතුව තමා භාරයට ගැනීමට පරාක්‍රමබාහු රජුට හැකියාව ලැබුණි. මේ අනුව 1153 දී නැවත වරක් පළමුවන පරාක්‍රමබාහු රජු යටතේ එක්සත් සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිවිය.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

5446 Views

Comments

arrow-up