6 ශ්‍රේණිය- ICT : මෙහෙයුම් පද්ධති

ඔන්න දැන් අපි සූදානම් වෙන්නේ පරිගණක මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකක්ද කියන එක හඳුනාගන්න. පරිගණක මෙහෙයුම් පද්ධතිය මගින් තමයි පරිශීලකයා සහ පරිගණක දෘඩාංග අතර සම්බන්ධතාවය ඇති කරලා ල් පරිගණකයේ මෘදුකාංග හැසිරවීම සිදු කරන්නේ. පරිශීලකයා කියලා හඳුන්වන්නේ පරිගණකය භාවිතා කරන කෙනා. හරියටම බැලුවොත් මේ වෙලාවේ ඔයා තමයි දැන් පරිශීලකයා වෙලා ඉන්නේ.
මෙහෙයුම් පද්ධතිය කියන්නේ සම්පූර්ණ ක්‍රියාවලියක්. ඒක අප උදාහරණයකින් මෙහෙම බලමු. ඔයාලාගේ පාසලේ ඉන්න ක්‍රිකට් ටීම් එක මතක් කරගන්න. ඒ ගොල්ලන්ගෙ ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා. අන්න ඒ වගේ තමයි පරිගණක මෙහෙයුම් පද්ධතිය තමයි මේ ක්‍රියාවලිය නායකයා වෙන්නේ. එතකොට කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ ක්‍රීඩකයෝ වෙන්නේ දෘඪාංග සහ මෘදුකාංග. කලින් පැහැදිලි කළා වගේම දෘඩාංග කියන්නේ අපිට අල්ලන්න පුළුවන් පරිගණක උපාංග. මෘදුකාංග කියන්නේ අල්ලන්න බැරි උනත් පරිගණක ක්‍රියාවලිය සඳහා උපකාර වන දත්ත සහ උපදෙස් ඇතුලත් ඒකක වලට. ඉතින් මේ විදිහට තමයි පරිගණක මෙහෙයුම් පද්ධති ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කාලෙට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පරිගණක මෙහෙයුම් පද්ධතියෙත් විවිධාකාර මෙහෙයුම් පද්ධති තියෙන්න පුළුවන්. සෑම පරිගණකයක්ම එකම මෙහෙයුම් පද්ධතියකින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පරිගණකයේ ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධති ප්‍රධාන වර්ග තුනක් තියෙනවා.
-windows
-linux
-ubuntu කියන්නේ ඒවා.
පරිශීලක අතුරු මුහුණත කියලා කියන්නේ පරිගණකය ක්‍රියාත්මක කරපු ගමන්ම දිස් වෙන සංදර්ශක තිරය. එතකොට ගොනුවක් කියන්නේ තොරතුරු ගබඩා කරලා තියෙන ඒකකයකට. පරිගණකයේ ගබඩා කරල තියෙන ගොනු තුළ විවිධ තොරතුරු ඇතුළත් වෙන්න පුළුවන්. පන්තියේ ළමුන්ගේ වාරවිභාග ලකුණු, පාසල් ජාතික ගීය, ක්‍රීඩා උත්සවයේ පින්තූර, උත්සවයේ න්‍යාය පත්‍රය පාසල් නාට්‍ය තරඟයේ වීඩියෝ වගේ දේවල් මේ අතර තැන්පත් වෙලා තියෙන්න පුළුවන්.
එක් එක් ගොනුවලට සුවිශේෂී කුඩා සංකේත තියෙනවා. ලිපි ගොනු වලට වෙනම හඬ පට සහිත ලිපි ගොනු වෙනම් පින්තූර ඇතුලත් ලිපි ගොනු වෙනම වීඩියෝ ඇතුලත් ලිපි ගොනු වෙනම සලකුණු ඇතුලත් කරනවා. ඉහත සඳහන් කරපු පරිශීලක අතුරු මුහුණතේ මේ වගේ එක එක තොරතුරු ඇතුළත් ගොනු තියෙන්න පුළුවන්. ඒවා ඉතාම පහසුවෙන් හඳුනගන්න පුළුවන්. එහි තියෙන සංකේත නිසා මේ ගොනු ප්‍රධාන කොටස් දෙකකින් හැදිලා තියෙන්නේ.
1. ගොනුවේ නම
2. ගොනුවේ දිගුව
නම නැත්නම් file name එක ගොනුව හඳුනාගැනීම යොදා ගන්නවා. ඒ වගේම ගොනුවේ දිගුව අදාල ගොනුව ඇතුලත් මෘදුකාංගය සොයාගන්න යොදාගන්නවා. උදාහරණයක් විදියට
Activity. Docx
කිව්වොත් ගොනුවේ නම තමයි Activity ගොනුවේ දිගුව තමයි docx.
by Dilki Shamani
Photo source : Internet
2039 Views
Comments