11 ශ්‍රේණිය විද්‍යාව - ජීවී පටක

ජීවී දේහයක් විවිධ පද්ධති ,අවයව වලින් සැකසී ඇත. එක් පද්ධතියක් සැලකූවිට එය අවයව රැසකින් සමන්විත වන අතර එක් එක් අවයවය සෑදී ඇත්තේ විවිධ පටක වලිනි.
පටකයක් යනු කුමක්ද?
ජීවී දේහයේ අඩංගු නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා සැකසුණු, පොදු සම්භවයක් සහිත සෛල එකතුවක් පටකයක් ලෙස හඳුන්වනු ලැබේ .පටක අපට ප්‍රධාන වශයෙන් ශාක පටක සහ සත්ව පටක වශයෙන් වර්ගීකරණය කළ හැක .
ශාක පටක
ශාක පටක පිළිබඳ අධ්‍යනය සදහා වැටකෙයියා හෝ නුග ශාකයක මුලක් ගෙන එය අත් කාචයක් ආශ්‍රයෙන් නිරීක්ෂණය කරන්න .එවිට ඔබට දැකගන්නට ලැබේවි වර්ධනය වන ප්‍රදේශය මෘදු හා ළා පැහැති වර්ණයෙන් යුතු බව හා පරිණත කොටස තද පැහැති මෙන්ම දැඩි බවකින් යුක්ත බව.මීට මූලිකම හේතුව වන්නේ එහි අඩංගු පටක වල ස්වභාවයයි . එසේ ශාක පටක වල විවිධ වූ නිර්ණායක පදනම් කරගනිමින්
ශාක පටක ප්‍රධාන ආකාර දෙකකට වර්ගීකරණය කරනු ලබනවා එනම්,
1)විභාජක පටක
2) ස්ථිර පටක
විභාජක පටක
තවදුරටත් විභාජනයට පත් වෙමින් (සක්‍රිය ලෙස) නව සෛල ඇති කිරීමට හැකියාව ඇති සෛල වලින් සෑදෙන ශාක පටක විභාජක පටක ලෙස හැඳින්වේ.මෙම සෛල විභේදනය ට ලක් නොවූ සෛල වේ ශාක වල වර්ධනය සිදුවන්නේ මෙම විභාජක පටක වල ක්‍රියාකාරිත්වය නිසාය, එම නිසා විභාජක පටක වලට ආවේනික වූ විශේෂ ලක්ෂණ පවතී .
සෛල ප්‍රමාණයෙන් කුඩා සජීවී සෛල වීම
අන්තර් සෛලීය අවකාශ රහිත හෝ පැහැදිලි නැති වීම
සෛල වල කැපී පෙනෙන විශාල න්‍යෂ්ටි පැවතීම
විශාල මධ්‍ය රිත්තකයක් නොමැති වීම මෙන්ම කුඩා රික්තක තිබිය හැකි වීම
හරිතලව නොමැති වීම
මයිටොකොන්ඩියා විශාල සංඛ්‍යාවක් පැවතීම
මෙම විශේෂ වූ ලක්ෂණ හේතුවෙන් විභාජක පටක ශාකය වල අනන්‍ය වූ ස්ථානවල ස්ථාන ගත වී පවතී .ඒවා ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.එනම්,
i) අග්‍රස්ථ විභාජක:
ශාක කඳේ සහ මූල අග්‍රස්ථයේත්, කක්ෂිය අංකුර වල පවතී.
මෙම පටකවල ක්‍රියාකාරීත්වය තුළින් ශාකය උසින් වැඩිවේ.
ii)අන්තරස්ථ විභාජක:
කදේ පර්ව පාද වල පිහිටයි .අන්තරස්ථ විභාජක පටක වල ක්‍රියාකාරීත්වය තුළින් පර්ව වල දිග වැඩිවෙයි.තෘණ කුලයේ ශාක වල මෙම පටක බහුලව දකින්නට ලැබේ
iii)පාර්ශ්වික විභාජක :
ශාක කඳේ හා මූලේ පිහිටා ඇත.පාර්ශ්වික විභාජක ශාකයේ දික් අක්ෂයට සමාන්තරව පිහිටයි.
මෙම පාර්ශවික විභාජක වල ක්‍රියාකාරීත්වය තුළින් කදේ මහත වැඩි වේ.දිවි බීජ පත්‍රී ශාක වල හමුවන කැම්බියම පටකය පාර්ශික විභාජක පටක වලට නිදසුනකි.
by Dilki Shamani
Photo source : Internet
3824 Views
Comments