6 ශ්‍රේණිය- ICT පරිගණක පද්ධතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

6 ශ්‍රේණිය- ICT පරිගණක පද්ධතිය

6 ශ්‍රේණිය- ICT පරිගණක පද්ධතිය

දැන් අපි කතා කරන්න සූදානම් වෙන පරිගණක පද්ධතිය යොදා ගන්න පුළුවන් විදි ගැන. අද කාලේ නම් පරිගණකය පාවිච්චි කරන්නේ නැති තැනක් නැහැ. පාසල බැංකුව කර්මාන්තශාලා මේ සෑම ක්ෂේත්‍රයකම පරිගණකය හා ඒ ආශ්‍රිත වැඩසටහන් පාවිච්චි වෙනවා.

පාසලේදී පරිගණකය පාවිච්චි කරන විදියට හොඳම උදාහරණය තමයි ඔයාලා මේ ලිපි කියවන විදිහ. ඉස්සර කාලේ පුංචි ළමයින්ට මේ වගේ අවස්ථාවක් ලැබුණේ නැහැ. නිවසට වෙලා ඉන්න වෙලාවේ ඒ අයට පාඩම් කරන්න උදව් වුණේ එයාලගේ පෙළ පොත විතරයි. හැබැයි දැන් ඔයාලට පරිගණක තාක්ෂණය නිසා ගෙදර ඉඳලම මේ විදියට පාඩම් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවගේම පාසලේ කාර්යාල කටයුතු කාර්යක්ෂමව සහ පහසුවෙන් කරන්න පරිගණකය උපකාරී වෙනවා.

බැංකුවක පරිගණක කටයුතු යොදා ගන්නේ මුදල් තැන්පත් කරන්න ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය විදිහට, ගෙවීම් කිරීම සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පත් භාවිතයේදී, අන්තර්ජාල බැංකුකරණ සහ ජංගම බැංකුකරණයේ දී පරිගණකය භාවිතා වෙනවා. අන්තර්ජාල බැංකුකරණයේදී පරිගණකය හරහා ගණුදෙනු සිද්ධ වෙනකොට ජංගම බැංකුකරණයදී මොබයිල් ෆෝන් එකෙන් තමයි ගනුදෙනු සිද්ද වෙන්නේ.

රෝහල් වලත් අද වන විට පරිගණක තාක්ෂණය වැඩිපුර භාවිතා කරනවා. පැරැණි කාලේ තිබුණු උණ කටුව වෙනුවට පරිගණක වැඩසටහන් සහිත උණ කටු පාවිච්චියට දැන් ඇවිල්ල තියෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකකය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ පරිගණක වැඩසටහන් සහිත උපාංග ඒවා ශල්‍යාගාර ඇතුළතත් ක්‍රියාත්මක වෙනවා.

කර්මාන්තශාලාවල තමයි වැඩි වශයෙන්ම පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. මිනිස් ශ්‍රමය වෙනුවට රොබෝ තාක්ෂණය භාවිතා කරලා කර්මාන්තශාලාවල වැඩ කටයුතු කර ගන්නේ මේ පරිගණක උපාංග භාවිතා කරලා.

ඉස්සර ගොවිතැන් කටයුතු වලට තමයි උදැල්ල හරකාබාන යොදා ගත්තේ. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්කම පරිගණක තාක්ෂණයෙන් ක්‍රියාත්මක වෙන අස්වනු නෙලීම වල් පැල ඉවත් කිරීමේ යන්ත්‍ර හා ජල සැපයුම් ක්‍රම වගේ කාර්යයන් රැසක්ම තාක්ෂණය හරහා තමයි සිද්ද වෙන්නේ. ඉන් වගා කටයුතු කාර්‍යක්ෂම වෙලා තියෙනවා.

ඔය විදියට තමයි පරිගණකය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම ඔවුන්ගේ ජීවිත වල වෙනස්කම් සිද්ධ කරලා තියෙන්නේ. පරිගණක තාක්ෂණය භාවිතා කරන නිසා මිනිසුන්ට කාලය ඉතිරි වෙලා තියෙනවා. ඒවගේම වැඩ කටයුතු කර ගන්න අදාල ස්ථානයට යන්න අවශ්‍යතාවයක් වෙලා නැහැ. අන්තර්ජාලය හා පරිගණකය භාවිතා කරල ගෙදර ඉදන් වැඩ කටයුතු කරන්නත් ඉන් හැකියාව ලැබිලා තියෙනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

views

1033 Views

Comments

arrow-up