8 ශ්‍රේණිය: ඉතිහාසය යුරෝපයේ පුනරුදයේ ආරම්භ

යුරෝපයේ පුනරුදය හේතුවෙන් නව උගතුන් බිහි වීමත් මානවවාදය ඉස්මතු වීමත් විශේෂයෙන්ම දක්නට ලැබුණා. පුනරුද සමයට පෙර යුරෝපා රටවල භාවිතා වූයේ එක් එක් රටවල වූ ප්‍රදේශවලට සීමා වූ භාෂාවන් පමණයි. පුනරුද යුගයේ දී ග්‍රීක ලතින් භාෂාවෙන් වලින් ලියවුනු පොත් පරිහරණය වැඩිවීම නිසා අනෙක් රටවල ග්‍රීක හා ලතින් භාෂා ඉගෙන ගැනීම විලාසිතාවක් වුණා. එහි ප්‍රතිඵලයක් වුණේ ග්‍රීක හා ලතින් සාහිත්‍යය පුළුල් ලෙස යුරෝපය පුරා පැතිරී යාමයි.
ඒ අනුව ඒවා අධ්‍යනය කළ නව උගතුන් පිරිසක් බිහිවුණා. එමෙන්ම පුනරුද සමයේදී සුවිශේෂී කතුවරුන් රාශියක් යුරෝපා රටවල බිහිවුණා. ඒ අතර ඉතාලියේ ඩාන්ටේ එංගලන්තය විලියම් ශේක්ෂ්පියර් සහ ප්‍රංශයේ ඉරාස්මස් අදටත් ප්‍රචලිත සුප්‍රසිද්ධ කතුවරුන් වෙනවා.
පුනරුද සමයට පෙර පැවැතුනේ දේවවරම්වාදය. එනම් දෙවියන් සියල්ලටම වඩා උතුම් යන්නයි. නමුත් පුනරුද යුගයේදී මානවයාගේ කටයුතු පිළිබඳ වැඩිපුර හැදෑරීම සිදු වුණු නිසා දේවවරම්වාදයට වඩා මානවවාදය ඉස්මතුවී තිබුණා. ඒ අනුව මිනිසා කලාත්මක හැකියාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා. කලා ශිල්ප වල ප්‍රබල වෙනසක් මෙම යුගයේදී සිදුවුණා. පුනරුදයට පෙර පල්ලියේ අනුග්‍රහය මත ආගමික චින්තනය පදනම් කරගෙන කලා නිර්මාණ සිදු වුණා. පුනරුද සමයේ දී ලෞකික රසවින්දනය අගය කළ ධනවත් පිරිස කලාකරුවන්ට අනුග්‍රහය දැක්වීම සිදු වුණා. මේ නිසා කලා ශිල්පයන්හි විශාල දියුණුවක් ඇති වුණා. පුනරුද සමයට පෙර ආගමික මුහුණුවර ගත් කලා නිර්මාණ පුනරුද සමයේ දී ලෞකිකත්වයට මූලිකත්වය දුන්නා. පෙර ක්‍රිස්තුස් වහන්සේ කන්‍යා මරියතුමිය ජනප්‍රිය සාන්තුවරුන් නිර්මාණ වලට වස්තු විෂය වුණත් පුනරුද සමයේ දී රජවරුන් බිසෝවරුන් ධනවත් පවුල් වල අය නිර්මාණ සඳහා වස්තු විෂය කරගත්තා. පුනරුද යුගයට පෙර පල්ලිය පමණක් කලා නිර්මාණවලට අනුග්‍රහය දැක්වූ අතර ආගමික භක්තිය ජනිත කිරීමේ අරමුණින් කටයුතු කළා. නමුත් පුනරුද යුගයේ දී විවිධ ධනවතුන්ගේ අනුග්‍රහය යටතේ ඔවුන්ගේ රසවින්දනය ඇති කිරීමේ මූලික පරමාර්ථයෙන් කලා නිර්මාණ බිහිවුණා. පුනරුද යුගයට පෙර නිර්මාණවල අයිතිය සංවිධානයක නමින් එළි දැක්වූවත් පුනරුද යුගයේ දී කර්තෘ ගේ නමින් ඒවා දැක්වීම සිදු වුණා. ස්වාධීන නිර්මාණ කිරීමට ඉඩ නොලද පුනරුද යුගයට පෙර පැවති තත්ත්වය පුනරුද යුගයේ දී ස්වාධීන තම දක්ෂතා ඉස්මතු කරන නිර්මාණ බිහිකිරීමට නිර්මාණකරුවාට අවස්ථාව සලසා දුන්නා. මේ ආකාරයට පුනරුද සමයේ දී අසාමාන්‍ය ලෙස කලා ශිල්ප හා ආගමික චින්තනයන් වෙනස් වීම් වලට ලක් වුණා.
by Dilki Shamani
Photo Source: Internet
8122 Views
Comments