8 ශ්‍රේණිය- ඉතිහාසය පෘතුගීසීන් හා ලංකාවේ ආර්ථිකය

ලංකාවේ ආර්ථික බලය පෘතුගීසීන් වෙත යටත් කර ගැනීම පෘතුගීසි පාලන සමයේ වෙළඳාමෙන් ලාභ ලැබීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වුණා. ඒ අනුව ඔවුන් ආදායම් පාලනය සඳහා වැඩි අවධානයක් යොමු කළා. ආර්ථික අංශය සංවිධානය කළේ විඩෝර් ද පැසෙන්ඩා නම් විශේෂ නිලධාරියෙක් යටතේ. පෘතුගීසීන් විසින් ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් දෙකක් මෙරට සිදු කිරීම දක්නට ලැබුනා.
ඉන් පළමුවැන්න වන්නේ ආදායම් රැස් කිරීම. දෙක වෙළෙඳ ද්‍රව්‍ය පිට රටවල් වලට අපනයනය කිරීම. ආදායම් රැස් කිරීම වඩාත් සංවිධානාත්මකව සිදු වුණු අතර ආදායම් මාර්ගවලට අදාල තොරතුරු ලේඛනගත කිරීම සිදුවුණා. එම ලේඛන තෝම්බු නමින් හැඳින්වූවා. වෙළඳ කටයුතු සිදු කිරීමේදී ඔවුන් වැඩි වශයෙන් කුරුදු වෙළදාමට මුල්තැන දුන්නා. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වුණේ එයයි. යුරෝපා රටවල ආසියාවේ නිෂ්පාදනය කරන කුරුඳු සඳහා වැඩි ඉල්ලුමක් තිබුණා. මේ නිසා ඔවුන් පුරුදු වගා නොකළත් ස්වාභාවිකව වැවුණු කුරුදු ලබාගෙන වෙළදාම් කටයුතු සිදුකළා. වාණිජ වශයෙන් කුරුඳු වගා කිරීම ගැන පෘතුගීසීන් වැඩි අවධානයක් යොමු කළේ නැහැ. ඒ ඔවුන්ට අවශ්‍ය තරම් පුරුදු අපේ රටේ ස්වභාවිකව වැවී තිබුණු නිසයි. වානිජ වශයෙන් අපනයනය කරන කුරුදු සම්බන්ධ වෙනම දෙපාර්තමේන්තුවක් ඔවුන් නිර්මාණය කළා. එය හඳුන්වන්නේ මහබද්දේ දෙපාර්තමේන්තුව ලෙස. මහබද්දේ කපිතාන් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වුනා. ග්‍රාමීය ප්‍රදේශ වල කුරුදු තලන්නන්ගේ කටයුතු මේ නිලධාරියා යටතේ සිදු වුණා. ඊට අමතරව පුවක් ගම්මිරිස් අලි ඇතුන් මුතු මැණික් වෙලදාම සිදු කරනු ලැබුවා.
පෘතුගීසීන්ට අයත් වූ ආදායම් එකතු කිරීම සඳහා කනකපුල්ලේ, ලියන්නන් , මයෝරාළවරුන් වැනි සුළු නිලධාරීන් පත් කරනු ලැබුවා. කුරුඳු පුවක් ගම්මිරිස් සහ අලි ඇතුන් මුතුමැණික් වෙළදාම් කිරීමෙන් සම්පූර්ණ අයිතිය පෘතුගීසි ආණ්ඩුවට පමණක් හිමි වුණු නිසා දේශීය වෙළඳුන්ට සහ මුස්ලිම් වෙළෙන්දන්ට එය අහිමි වී ගියා. මුස්ලිම්වරුන් සතු වුණු පෙර පැවති පැවැති වෙළෙඳ ඒකාධිකාරයක පෘතුගීසීන් විසින් ලබා ගත්තා. ඒ විදියට ලංකාව සතු සියලු වටිනා වෙළඳ භාණ්ඩ අපනයනය කරමින් පෘතුගීසීන් විශාල ධනයක් එරට රජතුමා වෙත වාර්ෂිකව ගෙන ගියා. මේ විදියට තමයි පෘතුගීසි ජාතිකයන් අපේ රටේ ආර්ථික කටයුතු වලට සම්බන්ධ වුණේ. ඔවුන් අපේ රටේ සම්පත් වසර ගණනාවක් තිස්සේ විදේශ රටවලට ගෙන ගොස් වෙළඳාම් කිරීමෙන් යුරෝපයේ දැවැන්තයන් බවට පත් වුණා.ලන්දේසීන් සහ ඉංග්‍රීසි ජාතිකයන් අනුගමනය කළේත් මීට නොදෙවෙනි ප්‍රතිපත්තීන්.
by Dilki Shamani
Photo Source: Internet
2086 Views
Comments