8 ශ්‍රේණිය- ඉතිහාසය යුරෝපයේ පුනරුදයට හේතු

යුරෝපීය රටවල් වල ඇතිවූ නව පිබිදීම යුරෝපීය පුනරුදය ලෙස හඳුන්වනවා. එකල 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා යුරෝපය පුරාම ශාස්ත්‍රිය ආගමික විද්‍යාත්මක ක්ෂේත්‍රවල අලුත් සොයා ගැනීම් සිදු වුනු අතර ඊට මූලික වුනේ ග්‍රීක රෝම ශිෂ්ටාචාරයයි. තුන්වන සියවසේදී ග්‍රීක රෝම ශිෂ්ඨාචාරය බිඳ වැටීමත් සමග එළඹුණේ යුරෝපීය මධ්‍යතන යුගයයි. මධ්‍යතන යුගය අවසන් කාලයේදී යුරෝපීයයන් තුළ ග්‍රීක රෝම ශිෂ්ටාචාරය පිළිබඳ උනන්දුවක් ඇති වුණා. ඒ පොත පත හැදෑරීමටත් ඒවායේ භාවිතා කෙරුණු භාෂාවන් අධ්‍යයනයටත් යුරෝපීයයන් නැඹුරු වුණා. පුනරුදය ඇති වීමට ප්‍රධාන හේතු තුනක් බලපානු ලැබුවා.
1. කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කි බලයට යටත් වීම
2. වෙළෙඳාම දියුණු වීම නිසා ධනවතුන් පිරිසක් බිහිවීම
3. බුද්ධි ප්‍රබෝධය
කොන්ස්තන්තිනෝපලය වැදගත්කමක් ඉසිලුවේ අතීතයේ සිට සාම්ප්‍රදායික වෙළද මාර්ග ඔස්සේ යුරෝපය සහ ආසියාව වෙළඳ සම්බන්ධතා පවත්වන වෙළඳ භාණ්ඩ විකුණන මධ්‍යස්ථානයක් විදියට. යුරෝපා රටවල සිට ආසියාවේ භාණ්ඩ මෙම නගරයෙන් ලබා ගෙන යුරෝපා රටවලට අලෙවි කර ලාභ ඉපයීම යුරෝපීයයන් සිදුකලා. 1453 දී තුර්කි ජාතිකයන් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු යුරෝපා වෙළදාමට ප්‍රබල බලපෑම් ඇති වුණ නිසා යුරෝපයේ ක්‍රිස්තියානි වෙළඳුන්ට තවදුරටත් එය භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැහැ. ඒ නිසා එහි සිටි උගතුන් කොන්ස්තන්තිනෝපලය පුස්තකාල වල තිබූ වටිනා ග්‍රීක රෝම පොත් රැගෙන තම රටවලට පළා ගොස් ඒවා හදාරනු ලැබුවා. මෙය පුනරුදයේ ඇතිවීමට එක් ප්‍රබල හේතුවක් වුණා.
ඒවගේම ක්‍රිස්තු වර්ෂ දොළොස්වන සියවසේ සිට යුරෝපයේ වෙළෙඳාම පිළිබඳ ඇතිවූ දියුණුව පුනරුදයට බලපෑ දිගු කාලීන හේතුවක්. අපරදිග රටවල් හරහා ඇතිවුණු වෙළදාම ඉතාලියේ වැනීසිය ජිනෝවා ප්ලෝරන්ස් වැනි දියුණු වෙළෙඳ නගර බිහිවීමට හේතු වුණා. එම නගරවල ජනතාවට කලාත්මක අංශ වලට අවධානය යොමු කිරීමට විවේකය සහ ධනය තිබුණා. මෙලෙස ධනවත් පන්තියක් බිහිවීම යුරෝපයේ පුනරුදයට ප්‍රබල සාධකයක් වුණා.
රෝම ශිෂ්ටාචාරය බිඳ වැටුණු පසු ක්‍රිස්තු සභාව හා පූජකවරුන් කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් තිබුණා. දේවධර්මය දර්ශනය නීතිය වැනි විෂයයන් එහි ඉගැන්නුවා. නමුත් දොළොස් වන සියවසින් පසු යුරෝපයේ විශ්ව විද්‍යාල බිහි වුණා. එය පෙරට වඩා ඉතිහාසය නාට්‍ය සාහිත්‍ය වැනි විශයන් රාශියක් උගන්වනු ලැබුවා. ඉන් උගත් පිරිසක් බිහිවුණා. පොත් පත් අතින් ලිවීම වෙනුවට ග්‍රන්ථ පිටපත් කිරීම ජැහැන්නස් ගුටන්බර්ග් මුද්‍රණ යන්ත්‍ර නිපදවීම නිසා දැනුම සිදුකල අතර දැනුම ව්‍යාප්ත වීම වැඩි වුණා. මේ කරුණු හේතු කොටගෙන යුරෝපීය පුනරුදය සිදුවුණා.
by Dilki Shamani
Photo Source: Internet
6458 Views
Comments