10 ශ්‍රේණිය - බැංකු ගිණුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
22

10 ශ්‍රේණිය - බැංකු ගිණුම්

10 ශ්‍රේණිය - බැංකු ගිණුම්

ව්‍යාපාරයක් අත්පිට මුදලට වගේම බැංකු කටයුතු පදනම් කරගෙන ගනුදෙනු සිදු කරනවා. මේ නිසා ව්‍යාපාරයක් බැංකුවක ජංගම ගිණුමක් විවෘත කරනවා. ජංගම ගිණුමක විශේෂත්වය වෙන්නේ මේ හරහා චෙක්පත් මගින් ගණුදෙනු කරන්න අවස්ථාව ලැබීමයි. නමුත් ජංගම ගිණුමක තැම්පත් කර ඇති මුදල් සඳහා අනෙක් සාමාන්‍ය ගිණුමක වගේ පොළියක් හිමි වන්නේ නෑ. ව්‍යාපාරයක් ගනුදෙනු වාර්තා කිරීමේ දී බැංකු ගිණුම ලෙස හඳුන්වන්නේ මේ විදිහට ජංගම ගිණුම හරහා සිදුකරන ගනුදෙනු වාර්තා කර තබන ගිණුමයි. එම බැංකු ගිණුම ව්‍යාපරයේ වත්කම් ගිණුමක් වෙනවා. ඒ නිසා වත්කම් ගිණුම්ගත කරන ද්විත්ව සටහන් රීතිය පදනම් කරගෙන ඒවා ගිණුම් ගත කරනවා.

බැංකුවේ ජංගම ගිණුම හරහා සිදුකරන ගනුදෙනු මුදලින් සිදුකරන ගනුදෙනු සහ චෙක්පත් මගින් සිදුකරන ගනුදෙනු ලෙස වර්ග කරන්න පුළුවන්. ජංගම ගිණුමක් ආරම්භ කරලා එයට මුදල් තැන්පත් කිරීමේදී බැංකු ගිනුමේ ශේෂය වැඩි වෙනවා. හැබැයි ව්‍යාපාරයේ මුදල් පොතේ ශේෂය අඩු වෙනවා. මොකද ව්‍යාපාරයේ මුදල් තමයි බැංකුවේ තැන්පත් කරන්නේ. ඒ අනුව එහි ද්විත්ව සටහන වෙන්නේ

         බැංකු ගිණුම- හර
         මුදල් පොත - බැර

බැංකුවේ මුදල් තැන්පත් කිරීමේදී යොදාගන්න මුදල් තැන්පත් කුවිතාන්සිය අපිට මේ ගනුදෙනුව සටහන් කිරීම සඳහා මූලාශ්‍ර ලේඛනය විදියට යොදා ගන්න පුළුවන්.

ව්‍යාපාරයට සමහර අවස්ථාවන් වලදී ණයගැතියන් ණය පියවන්න චෙක් ලැබෙනවා. ඒ අනුව ලැබෙන චෙක්පත් බැංකුවේ තැන්පත් කිරීමේදී ණයගැතියන් අඩුවී බැංකුවේ මුදල් ශේෂය වැඩි වෙනවා. මේ දෙකම වත්කම් ඝනයට අයිති වෙනවා. මේ නිසා

        බැංකු ගිණුම- හර
        ණය ගැතියන්- බැර

 

විදිහට චෙක්පතක් ලැබීම අපිට සටහන් කරන්න පුළුවන්. චෙක්පත් බැංකු ගිනුමේ සටහන් කිරීමේදී බැංකුවට ඒවා තැන්පත් කිරීමේදී පුරවා දෙන චෙක් තැන්පතු පත්‍රිකාවේ කොපිය අපිට මූලාශ්‍ර ලේඛන විදියට පාවිච්චි කරන්න පුළුවන්.

ව්‍යාපාරයෙන් චෙක් පතක් නිකුත් කිරීම සටහන් දීමේදී ව්‍යාපාරය බැංකු ගිනුමෙන් මුදල් පිටතට ගලා යනවා. ඒ වගේම ණයහිමියන්ට හෝ වියදමක් පියවීමට චෙක්පතකින් ගෙවීමකදී ව්‍යාපාරයේ වගකීම් හෝ වියදම් අඩුවෙනවා. මේ වගේ අවස්ථාවකදී

         ණයහිමි ගිණුම/ අදාළ වියදම් ගිණුම-හර
         බැංකු ගිණුම- බැර
කරනු ලබනවා.

මුදල් පොත වගේම බැංකු ගිණුමත් ද්විත්ව කාර්යයක් ඉටු කරනවා. එය උපයෝගී පොතක් වගේම ගිණුමක් ලෙසත් කටයුතු කරනවා. ව්‍යාපාරයට බැංකු ගිණුම වත්කමක් වුවත් බැංකුව පාර්ශවයෙන් ඒවා වගකීම් වෙනවා. ඒ නිසා ඔවුන් ජංගම ගිණුමට මුදල් හෝ චෙක් තැම්පත් කිරීම් බැර ලෙසත් මුදල් ගැනීම් හෝ චෙක්පත් ගෙවීම් හර ලෙසත් සටහන් කරනවා.

 

 

 

 

 

 

 

 by Dilki Shamani

Photo source : Internet

views

1269 Views

Comments

arrow-up