7 ශ්‍රේණිය විද්‍යාව : දර්පන සහ ඒවායේ භාවිතය

ආදරණීය දුවේ පුතේ දැන් ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ ඔබ ආසම කරන විද්‍යාව පාඩමෙහි නව වැනි කොටසයි. මෙම පාඩම මගින් දූලා පුතාලාට තල දර්පන සහ ඒවායේ භාවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගන්නට පුළුවන් වේවි. බලන්න මෙම පාඩම කෙතරම් රසවත්ද කියලා.
මුහුණ බලන කණ්ණාඩියක් තුළින් ඔබගේ මුහුණ බලන්න. කණ්ණාඩිය තුළ ඔබේ ප්‍රතිබිම්බය ඔබට දැක ගත හැකියි නේද. ඔබගේ ප්‍රතිබිම්බය සැදුනේ කෙසේද යන්න දූලා පුතාලට ගැටලුවක් වන්නට පුළුවනි. හොඳින් සූර්යාලෝකය ඇති දවසක මුහුණ බලන කණ්ණාඩියක් මගින් එළිමහනේ සිට සූර්යාලෝකය නිවස තුල ඇති බිත්තියක් මතට ගත් අවස්ථාවක් ද ඔබට මතක ඇති. මෙහිදී මුහුණ බලන කණ්නාඩිය මගින් සිදු වන්නේ එය මතට වැටෙන ආලෝකය නිවස තුළට හරවා යැවීමකි. මෙලෙස ආලෝක කිරණ යම් පෘෂ්ඨයක පතිත වීමෙන් පසුව එම මාධ්‍ය ඔස්සේම ආපසු හැරී ගමන් කිරීම ආලෝක පරාවර්තනය යනුවෙන් සරලවම හදුන්වන්න පුලුවන්. සුමට ඔපදැමූ පෘෂ්ඨ වලින් හොඳින් ආලෝකය පරාවර්තනය වේ. සුමට දිලිසෙන පෘෂ්ඨ දර්පණ ලෙස ක්‍රියා කරයි. දර්පණ වලින් ප්‍රතිබිම්බ සෑදෙන්නේ ආලෝක පරාවර්තන ප්‍රතිඵලයක් ලෙසටයි.
මෙලෙස සෑදෙන ප්‍රතිබිම්බය තිරයක් මතට ගතහැකි ප්‍රතිබිම්බ තාත්වික ප්‍රතිබිම්බ ලෙසද තිරයක් මතට ගත නොහැකි ප්‍රතිබිම්බ අතාත්වික ප්‍රතිබිම්භ ලෙසද හඳුන්වයි. තල දර්පණයෙන් සෑදෙන ප්‍රතිබිම්බයක ලක්ෂණ කිහිපයක් දූලා පුතාලට නිරීක්ෂණය කරන්නට පුළුවන්. එනම් තිරයකට ගත නොහැකි වීම, ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණයට සමාන වීම, දර්පණයේ සිට වස්තුවට ඇති දුර දර්පණයේ සිට ප්‍රතිබිම්බයට ඇති දුරට සමාන වීම, ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී තිබීම සහ උඩුකුරු වීම යන ලක්ෂණයි. තල දර්පණයක් තුලින් යම්කිසි වස්තුවක ප්‍රතිබිම්බය පෙනෙන විට ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පෙනීම පාර්ශ්වික අපවර්තනය නමින් හඳුන්වයි. ස්වර්ණාභරණ අලෙවි සැල් වල සහ පාවහන් අලෙවි සැල් වල භාණ්ඩ සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි කර පෙන්වීම සඳහා භාණ්ඩ වලට පිටුපසින් සහ පැත්තෙන් එකිනෙකට සමාන්තරව තල දර්පණ තබා සකස් කර ඇත. ඒවායින් ආලෝකය පරාවර්තනය වී ප්‍රතිබිම්භ රාශියක් එකවර නිරීක්ෂණය කළ හැකියි. තල දර්පණ දෙකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් එකිනෙකට ආනතව සමාන්තරව තබා ඒ අතරින් වස්තුවක් තැබූ විට ප්‍රතිබිම්බ එකකට වඩා වැඩි සංඛ්‍යාවක් සැදෙයි. මේවා බහු ප්‍රතිබිම්බ ලෙසට හඳුන්වයි. තල දර්පණ දෙක අතර කෝණය අඩුවන විට සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩියි. මුහුණ බලන කණ්නාඩි, වාහනය තුල ඇති පසුපස බලන කන්නාඩි, අන්වීක්ෂ වල කදාව මත ඇති කණ්නාඩි තල දර්පණ භාවිතා වන අවස්ථා කිහිපයකි.
තවත් රසවත් විද්‍යා පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
5371 Views
Comments