8 ශ්‍රේණිය විද්‍යාව - කෘත්‍රිම චන්ද්‍රිකා

පෘථිවියේ මගින් චන්ද්‍රයා ආකර්ෂණය කරයි .එහෙත් චන්ද්‍රයා පෘථිවිය මතට නොවැටෙන්නේ එය නියත වේගයෙන් පෘථිවිය වටා ගමන් කරන නිසායි රොකට්ටුවක් යොදා ගෙන පෘථිවිය වටා පරිභ්‍රමණය වන ආකාරයට ගුවන්ගත ගුවන් ගත කල වස්තුවක් කෘතිම චන්ද්‍රිකාවක් නම් වේ.
1957 ඔක්තෝබර් 4 වන දින සෝවියට් රුසියාව විසින් ස්පුට්නික් - 1 නම් ප්‍රථම චන්ද්‍රිකාව ගුවන් ගත කරන ලදී. මෙම ඓතිහාසික ජයග්‍රහණය මිනිසා අභ්‍යවකාශයට ගෙනයාමට සමත් වුණා.
ඇමරිකානු ප්‍රථම චන්ද්‍රිකාව එක්ස්ප්ලෝරර් 1 (explorer - 1)නම් විය එය ගුවන් ගත කරන ලද්දේ 1957 ජනවාරි 31 වනදාය.මින් පසුව ඇමෙරිකාව විසින් ඇමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා 1958 දී නාසා ආයතනය පිහිටුවීමට කටයුතු කලා .
ඔබ පැහැදිලි අහසක් ඇති දිනක අහස නිරීක්ෂණය කළහොත් තරු අතරින් ගමන් කරන තරුවක් වැනි දෙයක් ඔබට දකින්නට ලැබේ නම් ඒ චන්ද්‍රිකාවක් බව ඔබ හදුනා ගන්න. එසේම තරුවක් කඩා වැටෙන්නාක් මෙන් පෙනේ නම් එය උල්කාපාතයක් වේ.
අද වන විට දුරකථන රූපවාහිනි දුරකතන රූපවාහිනී හා අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා සන්නිවේදන චන්ද්‍රිකා දහස් ගණනක් පෘථිවිය වටා කක්ෂගත කර තියෙනවා .නමුත් ලොව ප්‍රථම වාණිජ සන්නිවේදන චන්ද්‍රිකාව ගුවන්ගත කරන ලද්දේ 1962 ජූලි 10 වන දිනයි.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු වූ සර් ආතර් සී ක්ලාක් මහතා චන්ද්‍රිකා මගින් සන්නිවේදනය පිළිබඳ අපූරු අදහසක් ලොවට ඉදිරිපත් කළා එනම් පෘථිවියේ භ්‍රමණ වේගයෙන්ම එක්තරා උසකින් පිහිටි කක්ෂයක පෘථිවිය වටා චන්ද්‍රිකාවක් ගමන් කිරීමට සැලසුවහොත් එය පොළොවේ සිට බැලූ විට අහසේ ස්ථාවරව පවතින සේ පෙනෙනු ඇතැයි ඔහු ප්‍රකාශ කළා. එබඳු චන්ද්‍රිකාවක් භූ ස්ථායී චන්ද්‍රිකාවක් (geo stationary satellites )ලෙස නම් කෙරේ .පෘථිවිය වටා එවැනි චන්ද්‍රිකා තුනක් පිහිටුවාගත හොත් මුළු පෘථිවියටම සන්නිවේදන පහසුකම් ලබා දිය හැකි බව ආතර් සී ක්ලාක් මහතා පැහැදිලි කළා.1945 දී ආතර් සී ක්ලාක් මහතා ඉදිරිපත් කළ මෙම අදහස ප්‍රයෝජනයට ගනිමින් භූ-ස්ථාවර කක්ෂවල රඳවා ඇති සන්නිවේදන චන්ද්‍රිකා මගින් දැන් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්කර තිබෙනවා.
1968 වර්ෂයේ ඇමරිකා විසින් ඇපලෝ 8 නමින් චන්ද්‍රයා වටා කක්ෂයක ගමන් කළ මිනිසුන් සහිත ප්‍රථම චන්ද්‍ර ගවේෂණ යානය ගුවන් ගත කළා .එම තාක්ෂණය ද උපයෝගී කර ගනිමින් වර්ෂ 1969 ජූලි 21 වන දින ඇමරිකාව විසින් ඇපලෝ 11 නමින් නීල් ආම්ස්ට්‍රෝන් මයිකල් කොලින්ස් හා එඩ්වින් ඕල්ඩ්‍රින මහතුන් පළමුවෙන්ම සඳ මත පා තැබීමේ ඓතිහාසික ගුවන් ගමන් එක් වුණා.මෙහිදී සඳ මත පා තැබීමට නීල් ආම්ස්ට්‍රෝන් මහතාට හැකි වුණා .සඳ මත පා තැබීමෙන් පසු එතුමා ප්‍රකාශ කළේ “මෙය මිනිසෙකුට එක් කුඩා පියවරක් වුණත් මිනිස් සංහතියටම යෝධ පිම්මක්” බවයි.
1972දී ඇපලෝ වැඩ සටහන නිමාවට පත් විය. එම වැඩසටහන යටතේ සඳගාමීන් දොළොස්දෙනෙක් සඳ බිමෙහි විවිධ තැන්වල ගොඩබැසීමට සැලසූහ. සඳට ගොඩ බැසීමෙන් පසුව අභ්‍යවකාශ ගවේෂණ ක්ෂේත්‍රයෙහි ලබාගත් ජයග්‍රහණ කිහිපයක් පහත දැක්වේ
රුසියාව විසින් මිනිසුන් රහිත යානයක් චන්ද්‍රයා වෙත යවා චන්ද්‍ර පාෂාණ පොළවට ගෙන්වා ගන්නා ලදී
වොයේජර් ,පයර්නියර් ග්‍රහ ගවේෂණ යානා මගින් බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නැප්චූන් යන යන ග්‍රහලෝක පිළිබඳව වැදගත් තොරතුරු සොයාගෙන ඇත .මැරීනර් යානා මගින් අඟහරු සහ බුද ග්‍රහලෝක පිලිබඳ සොයා ගෙන ඇත
අඟහරු ග්‍රහයා මතට විවිධ යානා ගොඩ බස්වා එහි පෘෂ්ඨය පිළිබඳ තොරතුරු සොයා ගෙන ඇත
පෘථිවියේ සිට නිරීක්ෂණය කිරීමට අපහසු අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණය සඳහා හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය ගුවන් ගත කර ඇත .
රුසියාව හා ඇමරිකාව විසින් වෙන වෙනම අභ්‍යවකාශ මධ්‍යස්ථාන පිහිටුවන ලදී නමුත් දැන් එම රටවල් දෙක හා ලෝකයේ තවත් රටවල් ඒකාබද්ධව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වාගෙන යයි
චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව කතා කිරීමේ දී ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි ලැබූ ජයග්‍රහණය නම් රාවණා 1 නමින් අඩු කක්ෂිය කියූබ් චන්ද්‍රිකාවක් ප්‍රථම ශ්‍රී ලාංකික චන්ද්‍රිකාව ලෙස කක්ෂගත කිරීමට හැකි වීමයි.මේ සඳහාද ප්‍රණාමය හිමිවිය යුත්තේ නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයටයි.
by Dilki Shamani
Photo source : Internet
2648 Views
Comments