6 ශ්‍රේණිය විද්‍යාව - චුම්බක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

6 ශ්‍රේණිය විද්‍යාව - චුම්බක

6 ශ්‍රේණිය විද්‍යාව -  චුම්බක

අපි කතා කරන්න යන්නේ ඔයාලා කවුරුත් දන්න කාන්දම් ගැන.

එදිනෙදා ජීවිතයේදී අපි කාන්දම් නැත්තම් චුම්බක විවිධ කාර්යන් සඳහා යොදාගන්නවා. උදාහරණයක් විදිහට කුඩා මෝටර් වල පැන්සල් පෙට්ටි වල සමහර සෙල්ලම් බඩු වල කාන්දම් දකින්න ලැබෙනවා. ඒවායේ හැඩය අනුව චුම්බක එකිනෙක වෙනස් වෙනවා. ඒවා හැඩය අනුව භාවිතා කරන අවශ්‍යතාවයක් වෙනස් වුණා. ඒ අනුව චුම්බක


- දණ්ඩ චුම්බකය
- තැටි චුම්බක
- වළයාකාර චුම්බක
- පෙති චුම්බක


විදියට චුම්බක වර්ග දකින්න ලැබෙනවා. අවට ඇති විවිධ ද්‍රව්‍ය චුම්බක වලට ආකර්ශනය වන අතර සමහර ද්‍රව්‍ය චුම්බක වලට ආකර්ශනය වෙන්නේ නැහැ. දණ්ඩ චුම්භකයක් අරගෙන ඊට ඇමුණුම් කටු එක් රැස් කරලා බැලුවොත් දෙකෙළවර තමයි වැඩිපුරම ඇමුණුම් කටු එක්රැස් වෙලා තියෙන්නේ. ඒ ගැන චුම්බකයක ආකර්ෂණ බලය වැඩිම තියෙන්නේ කෙළවරවල් වල. එයින් ආකර්ශන බව වැඩි කෙළවරවල් දෙක චුම්බක ධ්‍රැව විදියට හඳුන්වනවා.
 


දණ්ඩ චුම්බකයක් සෑම වෙලාවකම උතුරු දකුණු දිශාවක් ඔස්සේ නිශ්චලව පිහිටලා තියෙනවා. නිශ්චලව පිහිටලා තියෙන අවස්ථාවේදී උතුරු දිශාවට යොමු වෙලා තියෙන කෙළවර චුම්බකයේ උත්තරධ්‍රැවය විදියට හඳුන්වන අතර දකුණු දිශාවට යොමු වෙලා තියෙන දිශාව දක්ෂිණ ධ්‍රැවය කියලා හඳුන්වනවා.

විශේෂයෙන්ම ගුවන් නියමුවන්ට නාවිකයන්ට ගවේෂකයන්ට දිශාව සොයාගන්න මාලිමාව චුම්භකයක් යොදාගෙන සකස් කරලා තියෙන නිසා උපකාරී වෙනවා. චුම්බක වල ධ්‍රැව එකිනෙකට ලං කළවිට ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා. ඒ කියන්නේ සමාන ධ්‍රැව ලංකළ විට විකර්ෂණය වෙන අතර එකිනෙක්ට වෙනස් ධ්‍රැව ලංකළ විට ඒවා එකිනෙකට ආකර්ෂණය වෙනවා. ඔබට මෙය කාන්දම් කෑලි දෙකක් යොදා ගෙන පරික්ෂා කරලා බලන්නත් පුළුවන්.

මේ කාන්දම් වල ක්‍රියාත්මක වන බලය යම්කිසි සීමාවක් තුළ ක්‍රියාත්මක වෙනවා. එම චුම්බක බලය පැතිරිලා තියෙන ප්‍රදේශයට තමයි චුම්භක ක්ෂේත්‍රයක් කියලා හඳුන්වන්නේ. විවිධ චුම්බක වල ඇති චුම්බක බල එකිනෙකට වෙනස් වෙනවා. මේ චුම්බක බලය යොදාගන්න විවිධ වර්ගයේ නිර්මාණ සිද්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම පරිගණක රූපවාහිනී ජංගම රූපවාහිනිය ජංගම දුරකථනය වගේ උපකරණ තුල චුම්භක තැබුවොත් ඒ උපකරණ වලට හානි වෙන්නත් පුළුවන්. දණ්ඩ චුම්බක වල දෙකෙළවරේ චුම්බක ධ්‍රැව පිහිටලා තිබුණත් පෙති චුම්බක සහ වෙනත් හැඩැති චුම්බක වල ධ්‍රැව පිහිටලා තියෙන්නේ දෙකලවර නෙවෙයි. දෙපැත්තේ. එදිනෙදා කාර්යයන් සඳහා චුම්බක ප්‍රයෝජනයක් වන අවස්ථා ගැන ඔබත් හොයලා බලන්න.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

9512 Views

Comments

arrow-up