11 ශ්‍රේණිය විද්‍යාව 6 : පේශි පටක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
05

11 ශ්‍රේණිය විද්‍යාව 6 : පේශි පටක

11 ශ්‍රේණිය විද්‍යාව 6 : පේශි පටක

මිනිස් දේහය ගොඩ නැගී ඇති පටක අතුරින් ප්‍රධාන පටක වර්ගයක් වන පේශි පටකය පේශී සෛල හෙවත් පේශි තන්තු වලින් සමන්විත වේ .මෙම පේශි තන්තු සංකෝචනය හා ඉහිල් වීමේ හැකියාවෙන් යුක්තය .අපිච්ඡද පටක මෙන් නොව පේශි පටකයට මනා රුධිර සැපයුමක් පවතී මෙම රුධිර සැපයුම මගින් පේශී පටකයට ඉතා ඉක්මනින් ඔක්සිජන් හා පෝෂක ද්‍රව්‍ය සැපයීම සිදුකෙරේ සමායෝජනයේදී ප්‍රතිචාර දැක්වීම හා කාරකයක් ලෙස ක්‍රියා කරනුයේ පේශි පටකයි.පේශි පටක ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.
 

   - සිනිඳු පේශි පටකය
   - කංකාල පේශී පටකය
   - හෘත් පේශී පටකය

 


සිනිඳු පේශි පටකය


විවිධ වර්ගයේ වූ පේශි පටක අතරින් සිනිඳු පේශි පටකය ගත් කල එය සෑදී ඇත්තේ සිනිදු පේශී සෛල වලිනි පේශි පටක අවයව වල බිත්තියේ පිහිටා තිබේ .විශේෂයෙන් ආහාර මාර්ග බිත්තිය රුධිර වාහිනී බිත්ති මුත්‍රාශය හා ගර්භාෂයේ බිත්ති වල මෙම සිනිඳු පේශි පටක පිහිටා තිබේ.

මෙම පටක තර්කරූපී හැඩති සෛල වන අතර ශාඛනය වී නොමැත එසේම මෙම සෛල ඒක න්‍යෂ්ටික වන අතර සෛල මධ්‍යයේ න්‍යෂ්ඨිය පිහිටා ඇත.හරස් විලේඛ නොදරන මේවා ඉක්මනින් විඩාවට පත් නොවන අතර ඉච්ඡානුගත ක්‍රියාකරනු ලබයි.


කංකාල පේශී පටකය

කංකාල පේශී පටකය සෑදී ඇත්තේ කංකාල පේශී සෛල වලිනි .මේවා බොහෝ විට සැකිලි පද්ධතිය හා සම්බධව පවතී. කංකාල පේශි පෘෂ්ඨවංශීන්ගේ සංචරණයට හා චලන වලට ප්‍රධාන වශයෙන් දායක වේ .මෙම පටක ද්වි ශීර්ෂ පේශිය ත්‍රී ශීර්ෂ පේශිය,කකුලේ පේශි මුහුණේ පේශි ආදිය කංකාල පේශි සඳහා නිදසුන් වේ.

මෙම කංකාල පේශි සෛල දිගැටි සිලින්ඩරාකාර සෛල වන අතර ශාඛනය වී නොමැත මේවා බහු න්‍යෂ්ටික හරස් විලේඛන සහිත සෛල වේ සෛලයේ පර්යන්තව න්‍යෂ්ටි පිහිටා තිබීම මයිකොන්ඩ්‍රියා විශාල සංඛ්‍යාවක් පැවතීම
පේශී සෛල ඉච්ඡානුගව ක්‍රියා කරන අතර අධික ලෙස ක්‍රියා කිරීමේදී විඩාවට පත් වීම වැනි ලක්ෂණ කංකාල පේශි සෛල වල පවතී .

හෘත් පේශි පටකය

පේශි පටක අතරින් තවත් විශේෂ පටක වර්ගයක් වන්නේ හෘද පේශි පටකයි.මෙය හෘත් පේශි සෛල වලින් තැනි ඇත .මෙම පටකය හෘදයේ පමණක් දක්නට ලැබෙන සුවිශේෂී පටකය වේ .මෙම සෛල ඒක න්‍යෂ්ටික හරස් විලේඛ සහිත සෛල වේ එසේම ශාඛනය වී පවතියි .උපතේ සිට මරණය දක්වාම මෙම පේශි විඩාවට පත් නොවන අතර මෙය රිද්මයානුකූලව ක්‍රියා කරනු ලබයි.සෛල අතර අන්තරස්ථාපිත මඩල පිහිට අතර මෙම පටකය අනිච්ඡානුගව ක්‍රියා කරයි .

 

 

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

6276 Views

Comments

arrow-up