8 ශ්‍රේණිය විද්‍යාව : ශාක වල ප්‍රධාන ජෛව ක්‍රියාවලි - 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
13

8 ශ්‍රේණිය විද්‍යාව : ශාක වල ප්‍රධාන ජෛව ක්‍රියාවලි - 2

8 ශ්‍රේණිය විද්‍යාව : ශාක වල ප්‍රධාන ජෛව ක්‍රියාවලි - 2

පරිසරයේ පැවැත්ම සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙන ජීවී කාණ්ඩයක් වන ශාක සිය පැවැත්ම සඳහා ජෛව ක්‍රියාවලිය රාශියක් සිදු කරනු ලබයි .ඒ අනුව මෙම පාඩම් මාලාව තුල ශාක සිදුකරන ජෛව ක්‍රියාවලියන් අතරින් පරිවහනය පිළිබඳව කතා කරනවා

පරිවහනය

ශාක තුල සිදුවන ජෛව ක්‍රියාවලි සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා එම ක්‍රියාවලියේ දී නිපදවන ඵල අදාළ ස්ථානවලට ගමන් කිරීම ද්‍රව්‍ය පරිවහනය ලෙස හැඳින්වේ.ඒ සඳහා නිදසුන් කිහිපයක් පිළිබඳව පහත දක්වා ඇත.
වායුගෝලයේ සිට පූටිකා හරහා කාබන් ඩයොක්සයිඩ් වායුව පත්‍රයේ සෛල කරා පරිවහනය වීම
මූලකේෂ හරහා පසේ සිට ශාක පත්‍ර කරා ජලය හා ජලයේ ද්‍රාව්‍ය ඛනිජ පරිවහනය වීම
ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ලබන ආහාර ශාක පත්‍ර වල සිට ශාකයේ වෙනත් ස්ථාන කරා පරිවහනය වීම .
ඉහත සඳහන් කලා වූ ද්‍රව්‍ය පරිවහනය සදහා උපයෝගී වන යාන්ත්‍රණ තිබිය යුතුය .ඒ අනුව මෙම ද්‍රව්‍ය පරිවහනය සදහා භාවිතා වන යාන්ත්‍රණ කිහිපයක් පවතී .ඒ අතරින් විසරණය හා ආස්‍රැතිය ස්කන්ධ ප්‍රවාහය පිලිබඳව මෙහි කතා කරමු.

විසරණය

ශාක තුල ද්‍රව්‍යය පරිවහනය වන ප්‍රධාන ක්‍රමයක් ලෙස විසරණය දැක්විය හැකිය .අංශු සාන්ද්‍රනය වැඩි ස්ථානයක සිට අංශු සාන්ද්‍රනය අඩු ස්ථානය දක්වා මාධ්‍යයක් තුළින් අංශු ගමන් කිරීම විසරණය ලෙස හදුන්වයි .

ශාකයක් තුල විසරණය සිදුවන අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත
ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය වන කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීයේ සිට ශාක පත්‍ර වල පූටිකා හරහා පත්‍රය තුලට විසරණය වීම
ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් පූටිකා හරහා ශාක පත්‍රය තුළට විසරණය වීම
ප්‍රභාසංස්ලේෂණය ඵලයක් වන ඔක්සිජන් ශාක පත්‍රයේ සිට පූටිකා හරහා වායුගෝලයට විසරණය වීම
ශාක ශ්වසන ක්‍රියාවලියේ ඵල වන කාබන්ඩයොක්සයිඩ් හා ජලවාෂ්ප පූටිකා හා වායුගෝලයට විසරණය වීම .

ආස්‍රැතිය

ජල අංශු සාන්ද්‍රනය වැඩි ස්ථානය සිට ජල අංශු සාන්ද්‍රනය අඩු ස්ථානය දක්වා අර්ධ පාරගම්‍ය පටලයක් හරහා ජල අංශු ගමන් කිරීම ආස්‍රැතිය ‍ලෙස හැඳින්වේ .ශාක තුලට ජලය ඇතුලු වන්නේ පසෙහි අඩංගු ලවණ දිය වූ ජලයෙනි .එනම් පාංශු ද්‍රාවණයෙනි.පාංශු ද්‍රාවණයේ වූ ජලය අංශු මූල කේශ තුළට ඇතුළු වන්නේ ආස්‍රැතිය මගිනි .මූල කේශයේ සිට ශෛලම පටකය දක්වා සෛලයෙන් සෛලයට ආස්‍රැතිය මගින් ජල අංශු ගමන් කරයි .මෙහිදී සෛල බිත්තියට ඇතුළතින් ඇති සෛල පටලය අර්ධ පාරගම්‍ය පටලයක් ලෙස ක්‍රියා කරයි

මූල කේශ තුළට ආස්‍රැතිය මගින් ජලය ඇතුළු වීම සදහා ශක්තිය අවශ්‍ය නොවේ .නමුත් ජලයේ දිය වූ ඛනිජ ලවණ සෛලවලට ඇතුල් වීම සඳහා ශක්තිය අවශ්‍ය වේ. තවද ශාක පත්‍ර මගින් නිපදවන ආහාර ප්ලෝයම පටකය තුළින් පරිවහනය කෙරේ . මෙසේ ප්ලෝයම පටකය ඔස්සේ ආහාර පරිවහනය කෙරෙන්නේ ස්කන්ධ ප්‍රවාහය නම් යාන්ත්‍රණයෙනි .

මේ අනුව ශාක වල ප්‍රධාන ජෛව ක්‍රියාවලියක් වන පරිවහනය සිදුවන ක්‍රම කිහිපයක් ලෙස විසරණය ,ආස්‍රැතිය ස්කන්ධ ප්‍රවාහය හඳුනාගත හැකිය .

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

3065 Views

Comments

arrow-up