8 ශ්‍රේණිය විද්‍යාව : ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යනයේ වැදගත්කම
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
13

8 ශ්‍රේණිය විද්‍යාව : ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යනයේ වැදගත්කම

8 ශ්‍රේණිය විද්‍යාව : ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යනයේ වැදගත්කම

විද්‍යා පාඩම් මාලාවේ මෙතෙක් කතා කරනු ලැබුවාවූ ජීවීන්ගේ ජීවන චක්‍ර යන පාඩමට අදාලව අධ්‍යනයේදී ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය වැදගත්කම පිළිබඳවත් කතා කිරීම අත්‍යවශ්‍ය දෙයික්

ජීවීන්ගේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යනයේ වැදගත්කමක පිලිබඳව ප්‍රධාන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ කතා කරනවා.එනම්,


පලිබෝධ මර්දනය
මිනිසාගේ රෝග වාහකයන් මර්ධනය
ජෛව විවිධත්ව සංරක්ෂණය

පලිබෝධයින් මර්දනය

මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ බෝග හා අස්වනුවලට හානි පමුණුවන ජීවීන් “පලිබෝධයින්” ලෙස හඳුන්වනවා .කෘමි පලිබෝධයින්ගෙන් බෝග වලට විශාල වශයෙන් හානි සිදු වන බව ඔබ දැනටමත් හඳුනාගෙන ඇත .කෘමි පළිබෝධකයින්ගේ් ජිවන චක්‍ර හා හැසිරීම් රටා පිළිබඳ දැනුම පළිබෝධ මර්ධනය හා පාලනය සඳහා වැදගත් වේ .මේ පිළිබඳව නිදසුනක් ඔස්සේ කතා කළහොත් බෝගවලට දැඩි හානි පමුණු වන කෘමි පලිබෝධකයෙක් වන පලතුරු මැස්සාගේ ජීවන චක්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පලතුරැ මැස්සා ගේ ගැහැනු සත්වයා බිත්තර දමන්නේ අඹ පේර වැනි ඵල සිදුරු කිරීමෙනි .කීටයා ඵලය තුළ ජීවත්වෙමින් ඵලයේ කොටස් ආහාරයට ගනිමින් ඒ තුළ උමං සාදායි. මේ නිසා ඵල කුණු වන අතර පරිභෝජනයට ගත නොහැකි තත්වයට පත්වේ .මේ නිසා පලතුරු මැස්සා පාලනය කිරීම සඳහා එම කෘමියාගේ කීට අවස්ථාව මර්දනය කිරීම ඉතා පහසු වන අතර එය මර්දනය කිරීම වඩාත් සුදුසු වේ . ඒ සඳහා වගාවේ ඵල නිරතුරුවම පරීක්ෂාවට ලක් කර කීටයින් සිටින පල විනාශ කිරීම හා ගස යට වැටී ඇති කීටයින් විසින් හානි කරන ලද පල එකතු කර විනාශ කිරීම සිදුකළ යුතුයි.

රෝග වාහකයන් මර්ධනය

මිනිසාට සතුන්ට හා බෝග වලට වැළඳෙන රෝග වලට හේතුවන වයිරස් ප්‍රොටොසොවාන් වැනි රෝග කාරකයින්ය එම රෝග කාරකයින් රෝගී ජීවියාගේ සිට නිරෝගි ජීවියකු වෙත ගෙන එනුයේ රෝග වාහකයින්‍ ය. මදුරුවා එවැනි රෝග වාහක කෘමියෙකි .මිනිසාට වැළඳෙන ඩෙංගු ,බරවා වැනි රෝග කීපයකම රෝග වාහකයා ලෙස ක්‍රියා කරනුයේ මදුරුවාය. මෙම රෝග වාහකයා මර්දනය කිරීම සඳහා එම ජීවියාගේ ජීවන චක්‍රය දැන සිටීම සිටීම වැදගත් වේ . මදුරු කීටයින් සිටින පොකුණු කුඩා ජලාශ ආදියේ මදුරු කීටයන් ආහාරයට ගන්නා කුඩා මත්ස්‍යයන් බෝ කිරීමෙන් මදුරුවන් පහසුවෙන් මර්දනය කළ හැකිය මෙය ජෛව පාලන ක්‍රමයකි. ජෛව පාලනය,ධූමකරණය වැනි රසායනික ක්‍රම මගින් මදුරුවන් මර්දනයට වඩා පරිසර හිතකාමී වේ.

 

 



ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා ජීවන චක්‍ර යොදා ගැනීම

අප ජීවත්වන පරිසරයේ දී වඩාත් තර්ජනයට ලක්වන අවධි සතුන්ගේ ජීවන චක්‍ර තුළ ඇත .එම අවධි වලදී විවිධ සතුන්ට ගොදුරු වීමඅහිතකර පරිසර තත්ත්ව හා ආහාර හිඟ වීම වැනි හේතු නිසා එම වර්ධන අවදි සම්පූර්ණයෙන්ම විනාශ වී යා හැකිය. එවැනි වර්ධන අවදි එම සතුන්ගේ ජීවන චක්‍ර වල වඩාත් ‘සංවේදී අවදි”ලෙස හැඳින්විය හැකිය .සතුන්ගේ දැකිය හැකි එවැනි සංවේදී අවධි සඳහා නිදසුන් කිහිපයක් පහත දැක්වේ.


සමහර කෘමීන් - කීටයන්
මත්ස්‍යයන් - බිත්තර
කැස්බෑවුන් - බිත්තර හා ළදරු පැටවුන්
මැඩියන් - බිත්තර ඉස්ගෙඩියන්

මේ අනුව ජෛව විවිධත්වය සුරැකීම සඳහා ජීවීන්ගේ ජීවන චක්‍ර වල වඩාත් සංවේදී අවධි හොඳින් නිරීක්ෂණය කර ඒවා හඳුනා ගැනීම වැදගත් වේ. විශේෂයෙන් ම එම සංවේදී වර්ධන අවධිය රැක ගතහොත් ජීවීන් පහසුවෙන් සංරක්ෂණය කර ගත හැකිය එමගින් ජෛව විවිධත්වයද සුරැකෙනු ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

4286 Views

Comments

arrow-up