6 ශ්‍රේණිය සෞඛ්‍ය : නිවැරැදි ආහාර පුරුදු

පුංචි ඔයාලට මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයට අයත් තවත් වැදගත් පාඩම් කොටසක්. මෙහිදී සෞඛ්‍යවත් ජීවිතයකට නිවැරැදි ආහාර පුරුදු පිළිබඳ අවශ්‍ය කරන අවබෝධය ලබාදීමට අපේක්ෂා කෙරේ.
ආහාර යනු මිනිසාගේ මූලික අවශ්‍යතා වලින් එකකි. ආහාර ශරීරයට පෝෂ පදාර්ථ ලබා දෙයි. ප්‍රාථමික පන්ති වලදී ආහාර සහ එහි අඩංගු පෝෂ පදාර්ථ පිළිබඳව මූලික දැනුමක් ඔබ ලබාගෙන ඇත. ආහාර නොමැතිව අපට ජීවත් විය නොහැකියි. කුසගිනි නිවා ගැනීම සඳහාත් සිරුරට අවශ්‍ය ශක්තිය සහ පෝෂණය ලබා ගැනීම සඳහාත් ආහාර අත්‍යවශ්‍ය වෙයි. පෝෂක නිවැරදි ලෙස අඩංගු සෞඛ්‍යවත් ආහාර වේලක් ගැනීමෙන් නීරෝගී දිවියක් ගත කිරීමට හැකි වේ. සෞඛ්‍යවත් ආහාර වේලක් යනු සිරුරට අවශ්‍ය පෝෂ පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු වූ සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කළ ආහාර වේලකි. මෙවැනි සෞඛ්‍යවත් ආහාර වේලක් මගින් ප්‍රධාන කාර්යයන් තුනක් සිරුරට ඉටු කෙරේ. ඒවා නම් ශක්තිය ලබා දීම, සිරුර වර්ධනය කිරීම සහ රෝග වලින් ආරක්ෂා කිරීමයි. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ මූලික වශයෙන් කාබෝහයිඩ්‍රේට් සහ මේද වලිනි. ප්‍රෝටීන් සහිත ආහාර වලින් සිරුර වර්ධනය කරන අතර මීට අමතරව විටමින් සහ ඛනිජලවණ ද සිරුර වර්ධනය සඳහා වැදගත්. විටමින් සහ ඛනිජ ලවණ ප්‍රධාන වශයෙන් රෝගවලින් සිරුර ආරක්ෂා කිරීමට උපකාරී වන අතර මෙම කාර්යයන් සියල්ලම ඉටු කිරීමට හේතුවන විවිධ පෝෂ්‍ය පදාර්ථ ආහාර වල අඩංගු වේ.
බත් පාන් අල වර්ග සහ ධාන්‍ය වර්ග අඩංගු ප්‍රධාන පෝෂක පදාර්ථය කාබෝහයිඩ්ඩ්‍රේට් වන අතර ඒවා මගින් ශරීරයට ශක්තිය ලබා දීම සිදු කරයි. සිරුරට අවශ්‍ය කරන විටමින් ඛනිජලවන සහ කාබෝහයිඩ්‍රේට් එළවළු වර්ග තුළ අඩංගු වන අතර මඟින් ශරීරය රෝග වලින් ආරක්ෂා කිරීම සහ ශරීරයට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙයි. පළතුරු තුල විටමින් සහ ඛනිජ ලවණ අඩංගු වන අතර ශරීරය රෝගවලින් ආරක්ෂා කරයි. මස් මාළු බිත්තර සහ මාෂබෝග තුළ ප්‍රෝටීන් විටමින් ඛනිජ ලවණ සහ ලිපිඩ අඩංගු වන අතර එමඟින් ශරීරය වර්ධනය කිරීම සහ රෝග වලින් ආරක්ෂා කිරීම සිදු කරයි. කිරි සහ කිරි ආහාර තුළ ප්‍රෝටීන් විටමින් සහ ඛනිජ ලවණ මෙන්ම ලිපිඩ අඩංගු වන අතර ශරීරය වර්ධනය කිරීම සහ රෝග වලින් ආරක්ෂා කිරීම සඳහා ඒවා දායක වේ. තෙල් සහ සීනි සහිත ආහාර තුළ මේ දේ සහ කාබෝහයිඩ්‍රේට් අඩංගු වන අතර එමගින් ශරීරයට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙයි. ආහාර වල පෝෂදායී බව තීරණය වන්නේ එහි ඇති පෝෂ පදාර්ථ වල සහ ඒවායෙහි ප්‍රමාණය මතයි. ඔබ ගන්නා ආහාරයෙන් ශරීරයට ලැබෙන පෝෂ පදාර්ථ ප්‍රමාණය විවිධ හේතු නිසා අඩු හෝ වැඩි විය හැකියි.
ආහාර වේලට විවිධ ආහාර කාණ්ඩ එකතු කිරීම හෝ එකම ආහාරය විවිධ ආකාරයට සකස් කිරීම මගින් ආහාරයේ විවිධත්වය ඇති කරගත හැකියි. ආහාර ගත යුතු නියමිත ප්‍රමාණය එක් එක් අයගේ පෝෂණ තත්ත්වය වයස ගැහැණු පිරිමි බව ක්‍රියාශීලී බව සහ රෝගී තත්ත්වය ගැන කරුණු මත වෙනස් වේ. ගැලපෙන ආකාරයට ආහාර නොගැනීම නිසා පෝෂණ ගැටලු ඇතිවිය හැකියි. මිටි බව හෝ කෘෂ භාවයෙන් පෙළෙන අයෙකු වැඩිපුර ශක්ති ජනක ආහාර සහ ප්‍රෝටීන් ලබා ගත යුතුයි. ස්ථුලභාවයෙන් පෙළෙන අයෙකු කාබෝහයිඩ්‍රේට් සහ මේදය අඩුවෙන් අඩංගු ආහාර ගත යුතුයි. දිනකට අවශ්‍ය පෝෂ පදාර්ථ ප්‍රමාණය ලබා ගැනීම සඳහා ප්‍රධාන ආහාර වේල් තුනක් සහ සුළු ආහාර වේල් දෙකක් ගැනීම සුදුසු වේ.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
5481 Views
Comments